IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ෆෙඩරල් ක්‍රමයකට රනිල් විරුද්ධයි

2005දී කොටි නායක ප්‍රභාකරන්ගේ ෆෙඩරල් යෝජනාව ඉවත දැමූ තමා අද මහ මැතිවරණය දිනන බව හොඳටම පෙනි පෙනී ෆෙඩරල් පාලනයක් ඇති කරන බවට දෙමළ ජාතික සන්ධානය සමග කිසිසේත්ම ගිවිසුමක්  අත්සන් කරන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

2005 දී ප්‍රභාකරන්ගේ ෆෙඩරල් යෝජනාවට එකඟවූයේ නම් ඔහුගේ පිහිටෙන් තමාට එදා ජනාධිපති වීමට බෙහෙවින් ඉඩ තිබූ නමුත් ඒ යෝජනාව ඉවත දැමූ බව සිහිපත් කළ වික්‍රමසිංහ මහතා පැවසූයේ එදත් අදත් කවදත් තමා ෆෙඩරල්වාදය නොපිළිගන්නා බවයි.

‘ලංකාවට ෆෙඩරල් පාලනයක් ඕනෑ නැහැ. මගේ වැඩපිළිවෙළ ගම දක්වා බලය බෙදා හැරීමයි. පොකුරු ගම්මාන ග්‍රාම රාජ්‍ය ඇතිකර ආගමික නායකයින් ඇතුළු පොදු නියෝජිතයන් මගින් බලය ගමට බෙදා හැරීමයි.‘ වික්‍රමසිංහ මහතා එම ප්‍රකාශය කළේ බලයට පැමිණියහොත් ෆෙඩරල් ක්‍රමයක් සඳහා දෙමළ ජාතික සන්ධානය සමග ගිවිසුමකට එළඹෙන්නේදැයි මාධ්‍යවේදියකු ඇසූ පැනයට පිළිතුරු දෙමිනි.

ඔහුට බලය ලැබුණහොත් පිහිටවීමට යන ජාතික ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණ එකඟවේදැයි තවත් මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් යොමු කළේය.

අගමැති ඊට මෙසේ පිළිතුරු දුන්නේය.

‘ඔවුන් ඇමැතිකම් බාරගන්නම ඕන නෑ. උපදේශක කාරක සභාවලට එන්න පුළුවන්. දින 100 වැඩපිළිවෙළ යටතේ එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ඇමරිකාවේ, ජර්මනියේ ඉතාම සාර්ථකයි. කාරක සභා සභාපතිවරයකුට ඇමැතිවරයකුට වඩා වැඩ කළ හැකියි‘

එම මාධ්‍ය සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන කරු ජයසූරිය, පාඨලී චම්පික රණවක හා අර්ජුන රණතුංග යන මහත්වරුද එක්ව සිටියහ.

 



අදහස් (0)

ෆෙඩරල් ක්‍රමයකට රනිල් විරුද්ධයි

පුලාරා Thursday, 13 August 2015 08:42 AM

දින සියයම කළේ රන්ඩුවෙන එකයි. පාඨලී අනුර කුමාර දෙන්න හැමදාම දෙපැත්තට බෙදිලා ගහ මරාගන්න තරමට අවුල් තිබුන. අන්තිමට කිසිම දෙයක් සම්මත කරගන්නට නොහැකි වුනා. අයෙත් හවුල් අවුල් ආණ්ඩු නම් එපා එපා එපාමයි. අන්තිමට උරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට මගුල් වගේ හවුල් ආණ්ඩු අවුල් වෙනවිට ජාතිවාදී පක්ෂ ආණ්ඩුවට උදවු කරලා ඒ වෙනුවට රටට ජාතියට හානිකර ගිවිසුම් ගහගන්නවා. ඒ නිසා හවුලේ කැද හැලි ආණ්ඩු එපා එපා එපාමයි ! (බ)

:       0       0

විකුම් Thursday, 13 August 2015 08:52 AM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

නාමල් Thursday, 13 August 2015 09:17 AM

රනිල් මහත්මයා රට බෙදන්නේ නෑ.. මෝඩයෝ දන්නේ නැති වුණාට 2002 සාම ගිවිසුම නිසා තමා කරුණා අම්මාන් කොටින්ගෙන් වෙන්වුණේ...(ම)

:       0       0

ජයසේන Thursday, 13 August 2015 09:20 AM

එක්සත් ජාතික පක්ෂයට අසන 113 කට වැඩිය ලැබෙනවා.(ම)

:       0       0

චම්පික Thursday, 13 August 2015 01:05 PM

අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

මහේෂ් Thursday, 13 August 2015 08:32 AM

‘ලංකාවට ෆෙඩරල් පාලනයක් ඕනෑ නැහැ. මගේ වැඩපිළිවෙළ ගම දක්වා බලය බෙදා හැරීමයි. පොකුරු ගම්මාන ග්‍රාම රාජ්‍ය ඇතිකර ආගමික නායකයින් ඇතුළු පොදු නියෝජිතයන් මගින් බලය ගමට බෙදා හැරීමයි.‘ වික්‍රමසිංහ මහතා එම ප්‍රකාශය කළේ බලයට පැමිණියහොත් ෆෙඩරල් ක්‍රමයක් සඳහා දෙමළ ජාතික සන්ධානය සමග ගිවිසුමකට එළඹෙන්නේදැයි මාධ්‍යවේදියකු ඇසූ පැනයට පිළිතුරු දෙමිනි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2319 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 161 0


මුල්කිරිගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 372 0


ගලගෙදර අනුරට
2024 සැප්තැම්බර් මස 22 344 0


බෙලිඅත්ත අනුරට
2024 සැප්තැම්බර් මස 22 674 0


ඇඳිරි නීතිය දික් කරයි
2024 සැප්තැම්බර් මස 22 372 0

අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14649 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 48 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 221 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site