ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක් එහි හිටපු මූල්‍ය අධ්‍යක්ෂ විසින් වංචා කළැයි කියන සිද්ධියක් ගැන එහි උපදේශකයෙක් විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ අරඹයි.
ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂවරයකු වන ලියනගේ එල් සිසිල් පෙරේරා මේ වසරේ ජූලි 13 වැනිදා රහස් පොලිසියට පැමිණිල්ලක් කරමින් තැන්පත්කරුවන් රුපියල් කෝටි 2260 සමාගමේ තැන්පත් කළ බවත්, මූල්‍ය අධ්‍යක්ෂවරයා 2007දී රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක් වංචා කළ බවත්, පැමිණිලි කර ඇත.
මේ ගනුදෙනුවට අදාළ ලියැවිලි රහස් පොලිසියට භාර දෙන්නැයි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එම පෞද්ගලික බැංකු කළමනාකරුට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි. නිලධාරීන් ඔය මුළු කාලයේම නිදි ඇති (නි)
මොන ප්‍රශ්නේ තිබුණත් රාජ්‍ය බැංකු වඩා ආරක්ෂිතයි. (නි)
ඕවායේ සල්ලි දානවා නම් අවදානමත් ගන්න ඕනෑ (නි)
එක වල්ලේ පොල් කොහොමත් එකම රස තමයි. ඕවයේ සල්ලි දාන අයට තවම නොතේරුන එක පුදුමයක්.තණ්හාවට ඇස් නැහැ. (අ)
සෙලින්කෝ එක කඩා වැටුන වෙලාවේ හැමෝම බය වුනත් ද පිනෑන්ස් එක දැන් වෙලාවට පොලිය ගෙවලා සාර්ථකව ඉදිරියට යනවා. දැන් ඊට වැඩිය අවදානම් රාජ්‍ය බැංකු ටික. ඒවගේ සල්ලි හොරකම් කරන අයට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ.(නදී)
අපිත් නිතරම රාජ්‍ය බැංකු හොඳයි කියො හිතන්න පෙළඹෙනවා තමයි. එහෙත් ඊයේ පෙරේදා එසැණ තීරුවේ අදහස් දාො තිබුන කීපදෙනෙක් රාජ්‍ය බැංකුවලින් පොලු තියපු විස්තරක් ගැන කිවුවා නේද? සල්ලිවලට තාත්තවත් විශ්වාස කරන්න එපා කියලා කවුදෝ කිව්වනේ. (නි)
ද ෆිනෑන්ස් සමාගම ලංකා බැංකුව යටතේ නේද පාලනය වෙන්නේ?(නදී)