තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කළැයි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනකුට සැප්තැම්බර 16 වැනිදා උසාවි එන ලෙස දන්වමින් නොතීසි නිකුත් කරන්නැයි කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
දොන් ජෝසප් ඩග්ලස්, අජිත් ප්‍රභාත් හා ප්‍රේමසිරි විතාන යන අධ්‍යක්ෂවරුනට මෙසේ නොතීසි නිකුත් කැරිණි.
කොම්පඤ්ඤවීදිය පොලිසිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසුවේ තැන්පත්කරුවන් හැත්තෑ දෙනකුගෙන් පැමිණිලි ලැබී ඇති බවයි.
ඔවුන්ගේ තැන්පතුවලට ලාභාංශ නොලැබුණු බවත්, රුපියල් පනස් ලක්ෂයක් පමණ වංචා කර ඇති බවත් මේ පැමිණිලිවලින් කියැවෙන බවත් පොලිසිය කියා සිටියේය.
දැනට ඇප මත සිටින අධ්‍යක්ෂවරුන් වන ලක්ෂමන් රූපසිංහ හා ගාමිණී කරුණාතිලක වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ ඔවුන් මෑතදී පත් කළ බවයි. අතීත ගනුදෙනු ගැන ඔවුන් නොදන්නා බව ද නීතීඥවරයා සඳහන් කළේය.
සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබීමෙන් පසු තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට සමාගමට හැකි බවයි.
ඒ අනුව මුදල් අපසු ගෙවීමේ සැලැස්මකට ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත කරන්නේදැයි දැන ගැනීමට එහි බැංකු නොවන මූල්‍ය කටයුතු අධ්‍යක්ෂට සැප්තැම්බර 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නොතීසි නිකුත් කැරිණි.
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෆිනෑන්ස් සමාගමක් ලක්ෂ පනහක් වංචා කරලා
විහග Monday, 02 September 2013 07:39 PM
මේ සමාගමෙන් තවත් මොනයම් හෝ අසාධාරණයක් වෙච්ච අය ඉන්නවා නම් ළගම පොලිසියට පැමිනිලි කරන්න (නි)
අමිල - කටුනායක Tuesday, 03 September 2013 11:42 AM
මේ වගේ ඒවගෙ මුදල් දාන විට අවදානමත් අපම දරන්න ඕන. (ස)
සචිත් Monday, 02 September 2013 08:46 PM
මේ වැඩ නිසා හැමෝම අමාරුවේ (නි)
මානගේ Monday, 02 September 2013 09:47 PM
මේකත් අයිති අරගොල්ලන්ටම නේද? (නි)
උපාලි Tuesday, 03 September 2013 01:29 AM
වැදගත් විදිහට පෙනී ඉන්න අධ්‍යක්ෂකලාත්, වැදගත් යැයි ප්‍රචාරක දැන්වීම් දමන සමාගම්කාරයොත් අපේ සාක්කුවට තට්ටු කරන්නේ බොහොම සුක්ෂ්ම විදිහට. දැන් කොම්පැනි කීයක් අහුවුනාද? ඕක නිසා තමයි ගෙවන පොලිය අඩුවුනත් රාජ්‍ය බැංකු ගැන අපි විශ්වාසය තබන්නේ. (නි)
ඩිපෝ Tuesday, 03 September 2013 06:41 AM
දහවල් මංකොල්ල... (නි)
වරුණ Tuesday, 03 September 2013 08:23 AM
රටේ නීතිය හොරුන්ට වංචාකාරයින්ට නිසියාකාරව ක්‍රියාත්මක නොවීමෙන් ඉදිරියේදී මේවා තවත් ඉහල යනවා ඇත .මා ඊයේ පෙරේදා පත්තරේක කියෙවූවා අපේ මහා කලාකාරයෙක් කියලා තිබුණා මේ රටේ වර්තමාන තත්වය විත්තිකාරය නිදහස් කරලා පැමිණිලි කාරයව එල්ලුම් ගස් යවන කාලයක් කියලා එයයි සැබෑ තත්වය. (ස)