කොම්පඤ්ඤවීදීයේ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයට එරෙහිව කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ කොටුව මහේසත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ අද තවත් නඩු හයක් පැවරීය.
තැන්පත්කරුවන් හය දෙනකුගෙන් රුපියල් අනුඅටලක්ෂක් වංචා කළැයි පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.
එක් තැන්පත්කරුවකුගේ පැමිණිල්ලේ සඳහන් වනුයේ 15.5% පොලියක් දෙන බව කී නිසා තමා රුපියල් දස ලක්ෂයක් තැන්පත් කළ බවයි.
එහෙත් තමාට ලැබුණේ රුපියල් පහළොස්දහසක් බව ඔහු කීවේය.
පොලීසිය අධිකරණයට දැන්වුයේ පැමිණිලි හැත්තෑවක් පමණ දැනට ලැබී ඇති බවයි.
ලබන 16 වනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා සමාගමේ අධ්‍යක්ෂවරු තිදෙනකුට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට අවුරුදු 2කට කලින් මම ඔය සමාගමේ 125,000 ස්ථාවර තැන්පතුවක් දැම්මා. කාලය ඉකුත් වෙලත් මගේ සල්ලි හම්බ උනේ නැහැ. මම මාසයක් තිස්සේ ඔය සමාගමට හැමදාම ගිහින් සේවක මඩුල්ලටම බැනලා රංඩු කරගෙන තමයි සල්ලි ගත්තේ. එහෙම නොකලා නම් මගේ සල්ලිත් ඔය විදියටම නැති වෙන්න තිබ්බා. මම එදා ඕකේ සල්ලි දන්නා ආපු මිනිස්සුන්ටත් කිව්වා සල්ලි දාන්න එපා කියලා. ලොකුම වංචාවක් තමයි ඔතන වෙන්නේ.(නදී)
මුදල් තැන්පත් කරනකොට හොදට තමන්ට ලැබෙන පොලිය විස්තර ඇතිව අහගන්න ඕනා. මගේ පියාට රජයේ බැංකුවක් නියම පොලිය දුන්නේ නැහැ , ලියුමක් යැව්වා ඒත් උත්තරත් නැහැ (වගකීමකින් කියන්නේ ).(නදී)
බොහොම ස්තුතියි මගේ අදහස දැම්මට. බැංකුව රජයේ බැංකුවක්.(නදී)
මමත් අවිස්සාවේල්ලේ සමාගමක තැන්පත් කළා, ලක්ෂ 3 ක් සෞදියේ දුක්විදලා හම්බකළ සල්ලි අද වෙනකම් වෙච්ච දෙයක් නැහැ. ආරංචියකුත් නැහැ. (නි)
බැංකුවේ නම මොකද්ද? (නි)
පුබුදු, ඔබ දුන් ප්‍රතිචාරය හරි වටිනවා. මොකද, අපි කවුරුත් විශ්වාස කරනවා පෞද්ගලික මුල්‍ය ආයතන වගේ රජයේ බැංකු අපට 'පොලු තියන්නේ' නැහැ. කියල. එහෙම හිතල තියෙන කීය හරි විශ්වාසයෙන් යුතුව රජයේ බැංකුවල තැන්පත් කරනවා. දැන් බැලුවාම 'උනුත් එකයි, මුනුත් එකයිනෙ'. (නදී)
තවත් සක්විති සමාගමක් වගේ.(නදී)
මෝඩ මිනිස්සු. මම නම් ඔය වගේ ආයතන වල මුදල් ආයෝජනය කරන්නෙ නැහැ. මොකද මගේ ළග සතයක්වත් නැහැ. බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. මම ජීවත් වෙන විදිය මටම ආශ්චර්‍යයක්. බලාගෙන යනකොට සල්ලි නැතිවීමත් නරකම නැහැ. (නි)
තණ්හාය ජායති සෝකෝ.(නදී)
ඔය ඉවෙස්ට්මෙන්ට් ෆිනෑන්ස් වගේ නම් ලංකාවට ගැලපෙන අතර, දුක් විඳිනා මිනිස්සුන් හදිස්සියකට තමන් ළඟ තියන දෙයක් උකසට තබා නැවත එය හරවා ගැනීමට නොහැකි තරම් පොලි මුදලක් ඒ මිනිස්සුන් මත පැටවීම බොහොම ප්‍රචලිත දෙයකි. (ස)
මේ සමාගමද බෞධයන්ගේ මුදුන්මල්කඩ බඳු දළදා මාලිගාව පෙරට ද ගෙන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල දැන්වීම් ප්‍රචාරය කරන්නේ ?. (දී)