සුදුකොඩි නඩු විභාගයෙන් වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇප ඉල්ලා අද (26) ශේෂ්ඨාධිකරණයට පෙත්සමසක් ගොනු කළේය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතීපති නම්කැර ඇත. කොළඹ මහාධිකරණයේ විභාග කළ සුදු කොඩි නඩුවෙන් නියම කළ දඬුවමට එරෙහි අභියාචනයක් මේවනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති හෙයින් එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු තමන් ඇප මත මුදා හරින ලෙස ෆොන්සේකා මහතා ශේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී. තමන් වසර හතලිහක හමුදා සේවයක් සම්පූර්ණ කර ඇති නිලධරයකු බැවින් ඇප ලැබීමෙන් පසුව අධිකරණය මගහැරයාමට කිසිසේත්ම උත්සාහ නොකරන බවද ෆොන්සේකා කියා සිටී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය වේවා
ඒක හොදයි
ඇප නොව ඔබතුමාට සම්පූර්ණ නිදහස ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු
දැන්වත් ඇප දුන්නොත් හොදයි නේද?
බලමු මේ පාර තීරණය කොහොම වෙයිද කියලා..