හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා කොළඹ නවලෝක රෝහලෙන් ජාතික රෝහලට මාරු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අද නියම කළේය. පැන ගිය සෙබළුනට රැකවරණ දීමේ නඩුව අද විභායට ගත් අවස්ථාවේ පොන්සේකා උසාවි පැමිණ සිටියේ නැත. ඔහුගේ පෞද්ගලික ලේකම් සේනක හරිප්‍රිය ද සිල්වා පැමිණ සිටියේය. රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා කරුණු දක්වමින් කියා සිටියේ නවලෝක රෝහලෙන් ප්‍රතිකර ලබන ෆොන්සේකාට ආරක්ෂාව සැපයිමේදී බන්ධනාගාර නිලධාරීන් ගැටළු රැසකට මුහුණ පාන බවයි. ඊට පිළියම් වශයෙන් කොළඹ ජාතික රෝහලට මාරු කරන ලෙස ඉල්ලා සිටියේය. ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි අශෝක සේරසිංහ නිතිඥවරයා ඊට විරුද්ධ විය. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළු කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා ඔහුට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් ජාතික රෝහලේ වෛද්‍යවරයකු නොවුවත් ඔහුගෙන් උපදෙස් ලබා ප්‍රතිකාර සලසන්නැයි නියෝග කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ.වී.පී., යූ.එන්.පී. ලණු කාලා මෝඩ වෙස් නොගත්තනම් මේ කලබල, කරදර මොකුත් නෑනේ.
නිවැරදි තීන්දුවක් ලැබෙන දිනය අත ළගයි
මම මේ කියන්නේ සදුන්ටයි දර්ශණටයි. දෙන්නට දැන්වත් තේරෙන් නැද්ද මේ වෙන දේවල්. මේ දෙන්නා හරියන්නේ සෝමාලියාවට ලංකාවට නෙවෙයි (ස)
මම මේ කියන්නේ සදුන්ටයි දර්ශණටයි.ඔය දෙන්නට දැන්වත් තේරෙන් නැද්ද මේ වෙන දේවල්. ඔයාල හරියන්නේ සෝමාලියාවට ලංකාවට නොවේ,
ආදරණීය සර්, ඔබට ඉක්මන් සුවය (ස)
ඔබට ඉක්මන් සුවය පතමි....
කන්න දුන් අත සපා කෑමේ විපාක ??? (ස)
මේවා මෝඩ චූන් (ස)
වැඩි තණ්හාවට ගියාම ඔහොම වෙනවා.
අනේ මන්දා පලිගැනීම් වලත් සීමාවක් තියෙන්න ඕන. වෛරයෙන් වෛරය නොසන්සිදේ පිරිසිදු හදවතින් මෛත්‍රී කරමු කියලා රටවැසියන්ට නිවේදන නිකුත් කරනවා. පස්සේ වෛරයෙන් පළිගන්නවා. මේවා ජරා වැඩ. දෙවියනි ඔබ කොහිද ?
ඔය හැමදේටම කවද හරි වන්දි ගෙවන්න වෙනවා. සරත් ෆොන්සේකා නම් අභීත නායකයාණනි, ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
ඉක්මන් සුවය ලැබේවා!
ඇත්තෙන්ම ඉක්මන් සුවය ලැබ නිදහසලැබ තම දරැමල්ලන් සමග රටතුල සාමාන්‍යය නිදහස් නිවහල් පුරවැසියෙකුලෙස මෙ මහතාට ජීවත්වෙන්නට අවස්තාව ලැබෙිවායි පුාර්ථනය කරමු.
අනේ පව් අහිංසකයා
මොකක් ද මේ අහිංසක ලෙඩෙක් අල්ලගෙන උසාවිය හරහා කරන නාඩගම ?
පළිගනිම ඉවරයක් නැ වගෙ.
මේ විනිසුරුවරයාට ලගදීම මහ රෝහලෙන් ප්‍රතිකාර ගන්න වරම් ලැබේවා. !!!!!!!!!!!
අනේ මන්දා ඒ ගමන මොනවද මේ වෙන්නේ
උතුමාණෙනි,ඔබට ඉක්මන් සුව ලැබේවා!
පළි ගැනීම ඉවර නැහැ වගේ. හැබැයි පොළිත් එක්කම ඔය සම්බන්ධ හැමෝටම ගෙවන්න වේවි.
අපි සැමදා ඔබ සමගයි