ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මැයි දින රැලිය එම පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
ඇතුල්කෝට්ටේ මංසන්ධියෙන් අරැඹි පෙළපාළිය බත්තරමුල්ල හරහා බුද්ධදාස ක්‍රීඩාංගනයට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය! (නි)
අශාන් මහත්තයෝ..ඒ පොන්සේකා දැන් නැහැ. යුද ජයග්‍රහණ වලට අපහස කරපු කොටින්ගේ දේශපාලන නඩය වන දෙමල සන්ධානෙත් එක්ක ,එදා ඉදල මේ රටට වින කැටපු බටහිර අවශ්‍යතා මත ක්‍රියාත්මක එන ජි ඔ නඩත් එක්ක එකතු වෙලා මේ රටට 30 අවුරුදු ත්‍රස්තවාදී සාපය නිම කරන්න අවශ්‍ය අරමුණ ,දේශපාලන නායකත්වය සංග්‍රාමික පහසුකම් දීපු ජාත්‍යන්තර බලපෑම් කලාමානකරණය කරලා ත්‍රිවිද හමුදාවට අවශ්‍ය දේ කරන්න ඉඩකඩ ලබල දීපු නායකත්වයට විරුද්දව යුද ජයග්‍රහණයේ උණුසුම යන්නත් මත්තෙන් ගිහින් එකතුවෙච්ච දවසේ ඉදල, ඒ කියන්නෙ පොදුවේ මේ රටේ සියලු දෙනාගේ කැපවීමෙන් ලත් යුද ජයග්‍රහණයට හොර ඔප්පු හදන්න ගිය දවසේ ඉදල ඒ පොන්සේකා අපේ හදවත් වලින් මිය ගියා.(අ)
කම්කරුවොත් එක්ක වැඩ කරපු කම්කරුවන්ගේ දහදිය සුවඳ හඳුනන කම්කරුවන්ගේ අයිතිවාසිකම් පෙලගසා හඳුනාගන්නට හැකි පුදලයෙකු කම්කරු දිනයක කම්කරුවන් වෙනුවෙන් කතා කෙරුවට කමක් නැහැ. එත් මෙතන එහෙම දෙයක් නැහැ. ඒකයි වෙනස. (අ)
පහන්,ජර්මනිය, මුලින් ලංකාවට ඇවිල්ලා ඉන්න. ඊට පස්සේ අදහස් දාන්න. (නි)
අපේ රට වාසනාන්තයි. කිසිදා අවාසනාන්ත තත්ත්වයකට පත්වෙන්නේ නැහැ. (නි)
අශාන් ෆොන්සේකා මහත්තයා බෝම්බ වැදිලා බේරුණා. ඒත් තවත් විරුවන් බෝම්බ වැදිලා මියගියා. එතකොට ඒ අය වීරයෝ නෙවේද??? (ස)
බන්දුල මහත්තයෝ, ඕනෑම කෙනෙකුට පවතින රජයට විරුද්ධ දේශපාලනයක් කළ හැකියි.එය මානව හිමිකමක්.අද ඔයාගේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා කවුද කියන්න අමතක වුණාද. ඒක තමයි දේශපාලනය (නි)
ජයසිංහ, මම එහෙම දෙයක් කියල තියෙනවද?? පාට කණ්ණාඩිය ගලවා නැවත කියවන්න. (ස)
බන්දුල ලාට ළඟදීම සිද්ද වෙන දේ හිතා ගන්න පුළුවන් මේ විපක්ෂයේ සෙනග දැක්කම. (අ)
ජනරාල්ට බනින්න හරිම අසාවෙන් ඉන්න පිරිසක් ඉන්නවා එත් එයාලට අමතකයි එදා මිනි මරපු රට විනාශ කරපු මිනිස්සු අද සුර සේප විදිනවා කියලා. ඒ වගේම එදා දුක් වින්ද මිනිස්සු තවම දුක් විදිනවා කියලත්. එතුමා රටට කරපු සේවේ ගැන කියන්න ඉන්නේ සුළු පිරිසක් හැබැයි ඡන්දෙ වෙලාවට මොනවා උනත් ඡන්දෙත් ලැබෙනවා. එතුමාට ඒ කියන්නේ කොතන හරි වැරැද්දක් තියනවා කියන එකයි කවුරු කොහොම කීවත් එතුමා කල සේවය දන්නා කියන උගත් මිනිස්සු පිරිසක් ලංකාවේ ඉන්නවා කියන එක පැහැදිලියි කවුරු බැන්නත් ආණ්ඩුව දන්නවා එතුමා නිදහස් කළොත් ප්‍රධාන පක්ෂ වලට මරු පහරක් කියල එක තමයි තවම 100 % නිදහස එතුමාට දෙන්න බය (අ)
අශාන් මහත්තයට වැරදිලා..මගේ පක්ෂේ මම නොදන්නා නියෝජ්‍ය නායකයන් නැහැ..නායකයත් මම නියෝජ්‍ය නායකයත් මම .සාමාජිකයොත් මම..ඒක තනි පුද්ගල පක්ෂයක්. මම යම් දෙයක් ලියන්නේ පවතින යථාර්තයට සාපේක්ෂව..දයාන්ලා වගේ හීන දැක දැක නෙමෙයි.දේශපාලන වයිරය පිරිමහගන්න ඉඩක් හොයන දේශපාලන අසහනය පිට කරන්න මගක් හොයන වෙන විකල්පයක් නැති පුද්ගලයින් පොන්සේකා පසු පස්සේ යනවා මිසක් බුද්ධිමත් මිනිසෙක් කවදාවත් පොන්සේකව විශ්වාස කරන්නේ නැහැ .ඔහු පස්සේ යන්නේ නැහැ.සිහි බුද්දියක් තියෙන කෙනෙක් ඔහුගෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් පතන්නේ නැහැ.මේ චරිතය හරියට අදුන ගත්තොත් ඉන්න හතර මායිමක ඉන්නෙත් නැහැ.මේ විදියේ පුද්ගල සාධක මත බිහි වුනු පක්ෂ ඉතිහාසයේ කුණු බක්කි වල ඕන තරම් තියෙනවා .මේකටත් උරුම ඒ කුණු බක්කියම තමයි දයාන් මල්ලි ඔය පොන්සේකා කියන සාධකය නැති වුනු දවසට. (අ)
මෙතුමා ගැන බන්දුල මොනවාද දන්නේ බන්දුල වගේ කඩේ යන්නන් දැක්කම අපිට හිනා බලන්නකෝ පොදු විපක්ෂයක් අවහම වෙන දේවල්....... හොද වෙලාවට බන්දුල ඉපදීල තින්නේ අප්‍රේල් 01 බන්දුල අර හම්බන්තොටට මොකද වෙලා තින්නේ විපක්ෂය ගියහම සෙල්ලන් තුවක්කු අරන් එන්නේ (අ)
සරත් ෆොන්සේකා මැයි රැලිය කළේ කොළඹ පාරවල් වහලා නොවේ. එ් නිසා වාහන යන්නෙත් ඒ පාරෙමයි. (ත)
සෙනග නැත්නම් පාරවල් වහන්න අවශ්‍ය නෑනේ. (ස)
බන්දුල පෙරේරා පෞද්ගලික නො වන කිසියම් මතයක සිටින බව පෙනෙනවා. ඔහුගේ අදහස් මම දිගටම කියවද්දී පැහැදිළිවූ දෙය නම් ඔහු යතාර්ථය යම් තරමකින් හෝ තේරුම් ගෙන තිබෙන බවයි. ලංකා දේශපාලනය ගැඹුරින් අධ්‍යයනය කරන කෙනෙකුට බන්දුලගේ අදහස් ඉවත දමන්නට බැරිවෙනවා. "ෆොන්සේකාගේ පක්ෂය" යනු නව දේශපාලන පක්ෂයක් වුවත් එය කල් පවතින්නක් නොවන්නේ පුද්ගලයෙකු මුල්කොට ගෙන පවුලේ පක්ෂයක් කරගෙන සිටීමය. එවැනි පක්ෂ ලංකාවේ අතීතයේදීත් තිබිලා නැතිවෙලා ගීයා. එසේම මෙතෙක් ආ කෙටි ගමනේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා ඔහුගේ පක්ෂයට එකවි ඉක්මනින් වෙන්වී ගියා. එයට හේතුව විමසා බැලීමේදී පෙනී යන්නේ එක ඇසක් වසා ලොව දෙස බැලීමට වූ පුරුද්ද අත් හරින්නට බැරි වීමය. එයද කුඩා සිදුරකින් බැලීමය. දැනට එම පක්ෂයේ ඉන්නේ කවුද..? ඇහින්දාස්ලා මිස පරිනත දේශපාලකයෝ නොවෙයි නේද? මෙවැන්නන් අපේ රට කරයිද. ජනතාව මෙවැන්නන්ට රට භාර දෙයිද? (නදී)
අමාලි දාන්න පහක්.(නදී)
කලබල නැතිව ඔහොම හෙමිහිට යමු. (ස)
මෙතන බොහෝ දෙනෙකුට කළ හොඳ අමතක වෙලා ඉන්න අය. කොච්චර හොඳ කළත් පොඩි හරි වරදක් උණොත් අර කළ හොඳ ඔක්කොම අමතක වෙලා වැරැද්ද විතරක්මයි පෙනෙන්නේ. ඒ වගේම තමා අනිත් පැත්තට තමන්ට පොඩි හරි වාසියක් තිබේ නම් ඕන වැරද්දක් කළත් ඒක වැරද්දක් කියල පෙනේනේ නැහැ. (ස)
අපි මොකද කරන්නේ මේ බන්දුල කියන කෙනාට? අපි කොච්චර මොන දේවල් කිවුවත් වැඩක් නැහැ. බන්දුල මහත්තයෝ, සෙල්ලම් තුවක්කු ගැනත් අදහසක් දාන්නකෝ (නි)
දැන් හැබැයි අර මුගටි, හෝතඹු කතා එහෙම නැහැ නේද? (නි)
උඩුරාවන මහතාණෙනි, සැක ඇතිකරගන්න එපා. (නි)
අයියෝ සල්ලි! (නි)
ඒ පෙළපාලියේ අපේ පොලිසියත් යනවා . පොන්සේකා මහතාගේ කතාව ඇසීමට වන්නට පුළුවන් .එහෙම තමා ඉන්න ඕනේ හමුදාව නාවට පොලිසිය ඉන්නවා පොන්සේකා මහතා සමග (ස)
පෙළපාලියට වැඩිය පාරේ වාහන වැඩියි.(ස)
නොසිතු ලෙස ඉදිරියට එන පක්ෂයක්.(ස)
ජයවේවා ජයවේවා ජයවේවා !
මේ පක්ෂයේ නායකයා ගැන දන්න කෙනෙක් කියනවද? (නි)
පව්! (නදී)
ගිහාන්,සුජී සමඟ කරු යන අය මේ ලියා ඇති වදන් වලින් පේනවා මොනතරම් මේ රටේ ප්‍රශ්න තිබුණත් ඒ කිසිම දෙයක් නොදැන වගේ තවමත් කඩේ යන අය කියලා.මේ තුන්දෙනාගේ මානසිකත්වය කොතරම් අසරණ තත්ත්වයකට පත් වෙලාද. අහෝ! මිනිසුන්ට යථාර්තය නොතේරෙන හැටි. (නි)
සාර්ථක අනාගතයක්! (නි)
අර " හදුනාගත්තොත් ඔබමා" යන පොත මා කියවා බොහෝ දේ තේරුම් ගත්තා. (නි)
අපිට ප්‍රබල විපක්ෂයක් ලැබෙන ළකුණු... (නි)
ජයවේවා! (නදී)
සුජී, මේ පක්ෂයේ නායකයා තමයි අපි වෙනුවෙන් යුද්දෙට ගොස් බෝම්බ වැදී නොමැරී බේරුණු, 30 වසරක යුද්දය නිමා කිරීමට හමුදා නායකත්වය දුන් සරත් ෆොන්සේකා. (ස)
හමුදා මානසිකත්වයක් ඇති කෙනෙකු ගෙන් කිසි දිනක කම්කරුවන්ට සහනයක් ලැබෙන්නෙ නැහැ. (ස)
හමුදා මානසිකත්වයක් ඇති කෙනෙකු ගෙන් කිසි දිනක කම්කරුවන්ට සහනයක් ලැබෙන්නෙ නැහැ. කම්කරු මර්දනය මිසක්. (අ)
මොහාන්..කතාවේ හැටියට සෙනඟ මදි නේ. (අ)
මැයි පළවෙනිද අප්‍රේල් පළවෙනිදාවක් වෙලා වගේ මට හිතෙන්නෙ. පොන්සේකා මහත්තයත් කම්කරු අය්තිවාසිකම් සමරනවා. පොන්සේකා මහත්තය සේවකයින්ට සලකන සලකපු හැටි දන්න කටියට නම් හිනා යනවා ඇති. (ස)
අශාන්, මෙතුමා මහින්ද මහත්තයා ජනධිපති වෙන්න ගොඩක් කලකට පෙර ඉදල නේද හමුදාපති වෙලා හිටියේ.එතකොට ඔයාගේ ඔය වසර 30 යුද්දේ නිමා කරන්න ඕන කියන එක අමතක වෙලා තියෙන්න ඇති නේද. අශාන් හමුදාවක් පාලනය කල පලියට රටක් පාලනය කරන්න පුළුවන් කියා හිතන්න එපා. (ස)
පවුල් දේශපලනය විවේචනය කරන අය පවුල් පිටින්ම වේදිකාවේ. (ස)
මටත් කියන්න තියෙන්නේ බන්දුල කියන කතාවම තමා. (ස)
අපි හිතනවා හොඳ විනය ඇති රටක් බිහිවෙයි කියා. ජයවේවා. (ස)