අද සිට ෆුල් ෆේස් හෙල්මට් පාවිච්චි කිරීම වළක්වමින් පොලිසිය නිකුත් කළ චක්‍රලේඛය අප්‍රේල් 28 වැනි දා තෙක් තාවකාලිකව තහනම් කරන ලෙස අභියාචනාධිකරණය අද (02) නියෝග කළේය.
අධිකරණය එලෙස නියෝග කළේ යතුරු පැදිකරුවන් දෙදෙනකු ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.
අද සිට ෆුල් ෆේස් හෙල්මට් පාවිච්චි කිරීම වළක්වමින් පොලිසිය නිකුත් කළ චක්‍රලේඛය අප්‍රේල් 28 වැනි දා තෙක් තාවකාලිකව තහනම් කරන ලෙස අභියාචනාධිකරණය අද (02) නියෝග කළේය.
අධිකරණය එලෙස නියෝග කළේ යතුරු පැදිකරුවන් දෙදෙනකු ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාහට ප්‍රශ්න කීපයක් ඇත. දුම්රියට බෙල්ල තියා මැරුණු ගණන ඉතා විශාලයි. දුම්රිය තහනම් කරන්නේ කවදාද? පොරවෙන් ගසා ජනපතිගේ මල්ලි මරුන බැවින් පොරව තහනම් කරන්නේ කවදාද? හොරුන් පොලිස් නිල අැඳුම ඇදගෙන අපරාද කල වාර ගණන අනන්තයි. පොලිස් නිල ඇදුම තහනම් කරන්නේ කවදාද? මහාමාර්ග අනතුරු අනන්තයි මහාමාර්ග ඉවත් කරන්නේ කවදාද? බෙල්ලේ වැල ලා ගැනීම් අනන්තයි . ලනු තහනම් කරන්නේ කවදාද? (ස) පොලිසිය අත ඇති ගිනි අවියෙන් අහිමි වූ ජීවිත අනන්තයි. ඒවා තහනම් කරන්නේ කවදාද?
ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරනවට වඩා විනිවිද පෙනෙන ආකාරයට නවතම ෆුල්ෆේස් හෙල්මට් වර්ගයක් නිෂ්පාදනය කරන්න. එතකොට හැමෝම ගොඩ. (නි)
ඉඳුනිල් ගේ ප්‍රතිචාරය මමත් අනුමත කරමි (දිල්)
මේ නීතිය අසාධාරණයි.(හේ)
රටේ නීතියක් නැහැ කියල ලංකාවේ අපි දන්නවා වුනාට,හොරකම් අඩු කරන්න කියල ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරලා ලෝකය හිනස්සන්න එපා.(ස)
රටේ ධනස්කන්දය රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කෑවෙත් ෆුල් ෆේස් හෙල්මටයක් පැළදගෙන ඇවිත්ද? (ස)
මහදවල් ගසාකෑ ඒවා කළෙත් ෆුල්ෆේස් හෙල්මටයක් පැළදගෙන ඇවිල්ලද? (නි)
ගිය අවුරුද්දෙ නිවාඩුවට ලංකාවට ඇවිල්ලා මගේ යතුරුපැදියේ පැයට කිලෝමීටර් 120 ක වේගයෙන් ගිහිල්ලා, වැලි සහිත පොළවේ ලිස්සලා වැටිලා,තාර පාරේ "දෙපාරක්" ඔලුව හැපිලත් මට ජීවත්වෙන්න වාසනාව තිබුනේ උසස් තත්වයේ "ෆුල්ෆේස් හෙල්මට්" එකක් පැළදගෙන හිටිය නිසයි.දෙවැනිවර ඔලුව හැපෙද්දී පවා මගේ හිසෙන් හෙල්මට් එක ගැළවුණේ නැහැ.ෆුල්ෆේස් හෙල්මටයෙන් ඇස්,දත්, කට,නහය, මුහුණ, නිකට, බෙල්ල ආදියද ආරක්ෂා කළ නිසා දෙවියනේ කියලා නැවත ඩුබායි රටට එන්න පුළුවන් වුණා. (නි)
ලංකාවේ පසුගාමිත්වය තමයි මේ පේන්නේ .(දිල්)
ලංකාවේ නීතිය බල්ලට ගිය හැටි. (ස)
අතීසාරයට අමුඩ වැනි මෙම හෙල්මට් තහනම් කිරීම අනුමත කරන අයත් අද ලංකාවේ ඉන්නවා නේ . (ස)
සාමාන්‍ය හෙල්මටයකින් ආරක්ෂාව සැලසෙන්නේ ඔලුවේ පිටිපසට පමණි. ෆුල් ෆේස් හෙල්මටයෙන් එයට අමතරව. ඇස , දත්, කට , නහය, මුහුණ, නිකට, බෙල්ල ආදියද ආරක්සා කරයි. මට දැන ගැනීමට ඇත්තේ මිනිසාගේ එවන් අවයව ආරක්සා කරගැනීමේ මුලික අයිතියවත් අපට නැද්ද කියාය. (ස)
ෆුල් ෆේස් තහනම් කලා කියා හොරු බැංකු කැඩීම නවත්වන්නේ නැත. ඔවුන් පොලිසියේ දුර්වල තැන හොඳින් දන්නා බැවින් බුර්කාවක් හෝ ඇඳගෙන එනු ඇත. ජනතාවගේ ඔලුවේ ආරක්ෂාව නම් බල්ලට යනු ඇත. ලංකාව නම් එයයි. බුද්දිමතුන් මුළු ගන්වා ඇත. මෝඩයෝ රට පාලනය කරති. (ස)
මේ දෙදෙනා හා එදා රැලියට සහබාගි වුවන් මා ඉතා ගෞරවයෙන් සලකනවා. අවනීතියට එරෙහිව නැගී සිටියවුන් ලෙස. අපි මේවා මිලදී ගත්තේ රු. 7000කට විතර. මිල සේම ෆුල් ෆේස් හෙල්මට් වනාහි ලෝකයේ ඉතා ආරක්ෂිත යයි සම්මත නීත්‍යනුකුල හිස් වැසුමයි. පොලිසියේ මේ තීරණය වනාහි තමන්ගේ දුර්වලතාවය වසා ගැනීමට ජනතාවගේ මුදල් හා ආරක්ෂාව බිල්ලට දීමකි. (ස)
සුමින්ද නිතිය බල්ලට ගියේ පොලිසිය කරපු දෙයින්ද?. උසාවිය කරපු දෙයින්ද? (ස)
ෆුල් ෆේස් හෙල්මට් එකකින් හදිසි අනතුරකදී මුහුණට ආරක්ෂාවක් ලැබෙනවා. එසේම එම හෙල්මට් දමාගෙන කෙරෙන හොරකම්ද වැඩිවී තිබෙනව. එම නිසා සොරුන් ඇල්ලීමට විධිමත් වැඩපිළිවෙලක් පොලීසිය සතුව තිබිය යුතුයි. ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීම ප්‍රශ්නයට විසඳුම ලෙස මම දකින්නෙ නෑ. අතීසාරයට අමුඩ ගැහුවා හා සමානයි. (ස)
ජීවිතය රැක ගැනීමේ හිමිකමක ජයකි. (ම)
යතුරුපැදි කරුවන් දෙන්නට ජය වේවා. ඔබට ඉස්ස්තුති ගොඩක්.(ම)