ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් හඳුනා ගත් මිතුරන් දස දෙනෙක් එකතු වී කොළඹ හා අවට වීදි වැසියන් පනස් දෙනකුට වෙසක් මාසය නිමිත්තෙන් ආහාර හා ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කළහ.
ෆේස්බුක්හි ධනේෂ් මධුරංග සිය ෆේස්බුක් පිටුවේ පළ කළ සටහන් දැක මිතුරු මිතුරියෝ දස දෙනෙක් ඊට උදව් උපකාර කළහ.
රත්මලාන, බෙල්ලන්විල, කළුබෝවිල, කොහුවල, නුගේගොඩ, කිරුළපොන, බොරැල්ල, රාජගිරිය, බත්තරමුල්ල, පැලවත්ත, පන්නිපිටිය, මහරගම, නුගේගොඩ, රත්මලාන සහ කටුබැද්දේ වීදි ආශිතව ජීවත් වන්නන් පනස් දෙනකු සොයා ගිය ෆේස්බුක් මිතුරෝ ඔවුනට ඇඳුම් හා කෑම පර්සල් බෙදා දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම හොඳ වැඩක්. දරුවෝ මෙහෙම කරනකොට හරිම ආසා හිතෙනවා. දරුවන්ට ගොඩක් පින්! (නි)
බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ (දිල්)
පරිත්‍යාගයේ මුදල් වටිනාකම නෙමෙයි වැදගත්! සිතුවිල්ලයි වැදගත්. (ස)
අනේ පිටිගල නොදුටු මොක් පුර.
මෙවැනි උතුම් දේ සදහා සිත් පහල වීමට සංසාරගත පුරුද්දක් තිබිය යුතු බව මෙම උතුම් ක්‍රියාවේ ඇද කුද සෙවූ අය සිත් තබා ගත යුතුය. මෙම උතුම් ක්‍රියාවට දායක වූ සියලු දරුවන්ට හා එයට උපකාර කලාවූ සියලු පින්වතුන්ට තෙරුවන් සරණින් දෙවිරැකවරණින් නිදුක් නිරෝගී වේවා.....! උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට මේ පින හේතු වේවා.....! (ස)
පිටිගල ..ඔයාල කරන්නෙත් නැහැ. කරන කෙනාට කරන්න දෙනෙත් නැහැ...හරියට බල්ල පිදුරු කන්නෙත් නැහැ. කන ගොනා ට දෙන්නෙත් නැහැ, උපමාව වගේ...අද මුහුණු පොතේ වෙන කැත වැඩ දිහා බැලුවම මෙය ඉතාම හොඳ ආදර්ශයක්. (ස)
ලංකාවේ ඉන්න, සමාජ වෙබ් අඩවි ගැන හරි තේරුමක් නැති අයට එයාල කියල දුන්නේ ලොකු, හොඳ පාඩමක්. දැන්වත් අන්තර් ජාලයේ වටිනාකම සහ බලවත්කම ගැන විශේෂයෙන් තරුණ පරපුරට වැටහේවා! පැය ගණන් කාලය නාස්ති නොකර ප්‍රයෝජන වැඩකට යොදා ගන්න විදිය වැටහේවා! (දිල්)
බෞද්ධයෙක් ලෙස මට පෙනෙන්නේ මය විදිහට. මෙවැනි තරුණ තරුණියන් මෛත්‍රී බුදුබවට පත්වන ඉන්දියාවේ අසරණයන්ට සරණ දුන් තෙරේසා මෑණියන්ගෙන් ධර්මය අසන්නට මොවුන්ට වාසනාව ලැබේවා (නදී)
පිටිගල, ඉතාලියේ නෙවෙයි ලංකාවේ දරුවන්ගේ වැඩක්.(නදී)
අගය කල යුතු දෙයක්. (නදී)
මේ වැඩපිළිවෙල උතුරු නැගෙනහිරත් පතුරවන්න බලන්න (නි)
පින්කමක ලොකු පුංචි කම් සෙවීම තුලින් අකුසල් චිත්තයක් ඇති කරගත් පිටිගලට අනුකම්පා කරන්න.. ඒ දරුවන් කළ පින තුලින් තවත් කෙනෙක් අකුසලයක් කරගත් හැටි විදර්ශනා නුවනින් දකින්න.. කුසල් අකුසල් දෙකම සසර බැමි දිගු කරන්නක්.. නමුත් එයින් අදහස් වන්නේ පින් නොකළ යුතු බව නොවේ.. හැකිතාක් පින් කරමින් ඒ පින් වල ඇති අනිත්‍ය ස්වභාවය විදර්ශනා නුවනින් දකින්න ...ඒ පිනම තව කෙනෙක් අපාගත කරවන්නට සමත් අකුසලයක් බිහිකළ හැටි නුවණින් දකින්න... සෝවාන් මාර්ගයට පිවිසීමෙන් සසර කෙටි කරගන්නට ඔබටත් මටත් වාසනාව වේවා! (ස)
යහගුණ වපුරන්න ගත් අන්තර් ජාල..... සැමටම දුන්න ආදර්ශය නොමැත මිල....කදිමයි දරුවනේ නුබලගේ සිතිවිල්ල! ...හැමටම දැනේවා ගත හැකි සොදුරු ප්‍රතිඵල!! (ස)
බොහොම හොද වැඩක් (ස)
හොඳ යහපත් ක්‍රියාවක්. (නි)
ගොඩක් පින්! (නි)
කෙසෙල් අැවරියයි කෑම පාර්සල් පනහයි හොඳ වැඩක්,නමුත් පුවතේ හැටියට ක්‍රියාව මදි. (ස)
ඉතාමත් අගනා ක්‍රියාවක් මේ කටයුතු මේ තරුණ පිරිසට ඉදිරියටත් කරගෙන යෑමට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා!!!!!!!!!! (ස)
පිටිගල ඔයා හරියට මිස්ටර් බීන් වගේ.(නදී)
අපිත් මේ වගේම එකතු වෙලා මහරගම පිළිකා රෝහලට බෙහෙත් අරන් දුන්න. සමාජ අඩවි වල නරක වගේම හොඳත් තියෙනවා කියල සමාජෙට පණිවිඩයක් දෙන්න පුළුවන්. (ස)
බල්ලෝ බුරති, තවලම යති.පිටිගල, ඔබ මිලනෝ වල ඉන්න අසරණයන්ට සළකන්න කලින් තමන් හැදුනු වැදුණු රටේ අහිංසකයන්ට සළකන්න(නි)
බොහොම හොඳ වැඩක් (නි)
පිටිගල, ඔබ තුමාගේ අදහසෙන් ම ඒ බව පේනවා, කුහක කම බේරෙනවා, මේ පොඩි එවුන් ඒයාලට පුළුවන් විදියට කරලා තියන්නේ, ඔබ තුමාත් ලංකාවට ගිහින් පුවතට වටිනාකමක් දෙන්න කියල හොඳට සල්ලි තියන ආගමික ස්ථානයකට හරි, හොඳට සල්ලි තියන හැම දාම කෑම වේල වරදින්නේ නැති අනාත නිවාසෙකට හරි දානයක් දෙන්න, එතකොට පුවතටත් වටී......(ස)
බොරු පම්පෝරි කතා එපා පිටිගල (නි)
මම මිලානෝ ඉන්න අසරණ මිනිසුන්ට හොදට සළකනවා (නි)
පිටිගල,ඔබතුමා වැරදි හොයන්න පෙර එක් බත් පාර්සලයක් හරි ගිහින් දුන්නා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? (නි)
ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
අපේ උත්තමාචාරය ඔබට! (නි)
මේ වයසක අම්මලාගේ තාත්තලාගේ දු දරුවන්ට මේවා පෙනෙත්වා! අපේ රටට සාමය සතුට උදාවේවා! (නි)
වියයුත්තේ මෙයි. ඇත්තාගෙන් ගෙන ඇත්තාටම දන්දෙන දන්සල් ක්‍රමයක් තුළ ඇත්තාගෙන් ගෙන නැත්තා හට දීම නියම දානයයි. සියලු දෙනාට තෙරුවන් සරණයි! (නි)
ඉතා සතුටුයි.ආදර්ශවත් ක්‍රියාවක්. පුළුවන් නම් මේ සමාජ කටයුත්තෙත් ඇදකුද වැරදි හොයන්න. සමහරුන්ට කිසිම හොඳ දෙයක් අගය කරන්න බැහැ. (නි)