IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ෆේස්බුක් පාඨකයාට මැකෝගෙන් අභියෝගයක්

අයහපත් කාලගුණය හේතුවෙන් මැතිවරණ ප්‍රතිපල නිකුත් කිරීම තරමක් ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. පළමු ප්‍රතිඵලය ලැබෙන්නේ කීයටදැයි මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අද සවස පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ සඳහන් කළේය.

ඡන්ද නීති කඩන අය සම්බන්ධයෙන් කළ විමසීමකදී අද දිනයේ අඩුම ගණනේ 50කටවත් බන්ධනාගාර භෝජනයේ රස බැලිය හැකි යැයි මැතිවරණ කොමසාරිස්වරයා කීවේය.

මැතිවරණ කාර්යාලයේ වෙබ් අඩවිය අද දිනයේ අක්‍රිය වීමට හේතුව බොහෝ පරිශීලකයන් පිරිසක් එකවර වෙබ් අඩවියට පිවිසීමට උත්සාහ කිරීම යැයිද ඒ මහතා එහිදී පැවසීය. එහි ධාරිතාව වැඩිකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඔහු කීවේය.

පරිගණකය මගින් ඡන්ද ගණන් කිරීමේදී පක්ෂග්‍රාහී විය හැකි බවට දේශපාලනඥයකු ප්‍රශ්න කළ අවස්ථාවේ තමා ඔහුගෙන් ‘ඔබතුමා පාර්ලිමේන්තුවට පත්වුණේත් එසේදැයි‘ විමසු බවත් එවැනි අයත් එසේ ප්‍රශ්න කිරීමෙන් ව්‍යාජ සැකයන් සමාජ ගතකරන බවත් ඔහු සඳහන් කළේය.

ෆේස්බුක් මගින් කළ විමසීමකදී අයකු අලුත් පරිගණකයක් හඳුන්වාදී ඇත්දැයි කළ විමසීමකදී ඔබ ඇතුළු 50 දෙනකුට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට යාමට අවස්ථාව දෙන බවත් ඒ ක්‍රමය වැරදි නම් කියන්න එයාගේ චෝදනාව වැරදිනම් එයා අපිට වන්දි ගෙවන්න ඕන යැයි කොමසාරිස්වරයා කීවේය. පරිගණක මගින් ඡන්ද ගණනය කිරීමේ තාක්ෂණය අපට නැති බවත් ගණන් කිරීමේ නිලධාරීන් සිය අතින් ඒවා සිදුකරන බවත් ඔහු කීවේය.

 



අදහස් (0)

ෆේස්බුක් පාඨකයාට මැකෝගෙන් අභියෝගයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 885 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2399 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 432 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 166 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 188 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1561 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 36 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site