ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරුණ පරම්පරාවට ඇති ගැටලු ගැන ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වුණු ප්‍රශ්න විචාරාත්මක වැඩහටහනකට සහභාගී විය.
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජනාධිපති කරුණු දැක්වීය. ත්‍රස්තවාදය නිසා රටේ තරුණ පරම්පරාවේ අයිතිය උල්ලංඝණය වී තිබූ කාලයක් තිබුණද දැන් ඔවුන්ට ඒ අහිමි වූ අයිතිය ලබා දීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බව ඔහු සදහන් කළේය.
රටට වැදගත් තීරණ ගැනීම් සම්බන්ධයෙන් තරුණ තරුණියන් හවුල් කර ගෙන ඇත්තේ කෙසේදැයි පැහැදිලි කළ ජනාධිපතිවරයා තරුණ පාර්ලිමෙන්තුව හා වත්මන් පාර්ලිමෙන්තුවේ සිටින බහුතර තරුණ මන්ත්‍රීවරුන් ඒ සදහා උදාහරණ ලෙස පෙන්වා දුන්නේය. අයවැය සකස් කිරීමේදී ඔවුන්ගෙන් විශේෂයෙන් අදහස් විමසන බව ජනාධිපති පැවසුවේය.
සමාජ වෙබ් අඩවි සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා තම ෆේස්බුක් වෙබ් අඩවියේ ලක්ෂ තුනකට අධික සාමාජිකයින් පිරිසක් සිටින බවද ට්විටර් වෙබ් අඩවියේ 25000 කට අධික සාමාජිකයින් පිරිසක් සිටින බවද කීය.සමාජ වෙබ් අඩවි තහනම් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නැතැයි කී ජනාධිපතිවරයා එසේ කළෙහොත් තම පුතුන් තිදෙනා තමාට ඉන්නට නොදෙනු ඇතැයි සදහන් කළේය.
පහත දැක්වෙන්නේ පැවැත්වුණු ප්‍රශ්න විචාරාත්මක වැඩසහටනේ සංක්ෂිප්තයකි.
ප්‍රශ්නය - ලෝකයේ අනෙක් රටවලට වඩා ශ්‍රී ලංකාව තරුණ තරුණියන්ට සුවිශේෂී ස්ථානයක් වන්නේ කෙසේද? ඔබ සිතනා ආකාරයට තව වැඩිදියුණු විය යුතුව ඇත්තේ මොනවාද?
පිළිතුර - රටේ පවතින සාමය නිසා දැන් වැඩි අවධානයක් යොමුවෙලා තිඛෙන්නේ තරුණ තරුණියන් වෙතට.ඔවුන්ට නිදහස් අධ්‍යාපනයත් වෙනත් සියලූ පහසුකමුත් සපයලා දී තිබෙනවා, රටේත් ඔවුන්ගේත් ඉදිරි අනාගතය වෙනුවෙන්.
ප්‍රශ්නය - ඔබ හා ඔබගේ සහයකයින් තරුණ කටයුතු සදහා බටහිර ලෝකයත් හවුල් කර ගන්නට අදහස් කරගෙන සිටින්නේ කෙසේද?
පිළිතුර - අප සියලූ දෙනාටම අවස්ථාව ලබා දී තිඛෙනවා.තරුණ සුමුළුව ඒකට හොද උදාහරණයක්.
ප්‍රශ්නය - ජනාධිපතිතුමනි,අබාධිත තරුණ තරුණියන් හට අනාගත තරුණ න්‍යාය පත්‍ර වල හා රටේ තැනක් ලැඛෙන්නේ කවදාද? ඇයි ඔවුන් නොසළකා හැර ඇත්ද?
පිළිතුර - මෑතකදී මහ බැංකුවේ කාර්යමණ්ඩලයට ආබාධිත තරුණ තරුණියන් 6 දෙනෙකු බදවා ගත්තා.
ප්‍රශ්නය - බොහෝමයක් පොදු ස්ථාන වලට ඇතුල්වන්නට ආබාධිත අයට අවශ්‍ය විශේෂ සෝපාන,බෑවුම් මාර්ග (රෑම්ප්ස්) ආදිය සපයා නැහැ.ඇයි මේ?
පිළිතුර - සියලූ ගොඩනැගිලි සදහා මේ පහසුකම් ඇති කිරීමේ කටයුතු වල අප නියැළිලා සිටින්නේ. නමුත් තව කළ යුතු දේ බොහෝ තිඛෙනවා.සියලූ ආකාරයේ රැකියා වල සියයට තුනක අවස්ථා ආබාධිත අයට ලබා දිය යුතුයැයි රජය නීතියක්ද හදුන්වාදී තිඛෙනවා. නිවාස ණය ලෙස රුපියල් 250000 ක් ද අප එවැනි අයට ලබා දෙනවා.
ප්‍රශ්නය - ඔබ දකින ආකාරයට ඔවුන් අතර රැකියා විරහිත තත්ත්වයන් ඇති වන්නට හේතු වන තරුණ පරම්පරාවේ (විශේෂයෙන් ශ්‍රී ලංකා තරුණ තරුණියන්ගේ) දුර්වලතා මොනවාද?
පිළිතුර - වර්තමාන රැකියා වෙළදපොළට අවශ්‍ය දැනුම නොසැපයෙන බවක් පෙනෙන්නට තිඛෙනවා බොරු මත යන් හා අදහස් නිසා තරුණ තරුණියන් තිඛෙන රැකියා අවස්ථාත් මගහරින බවක් දකින්නට තිඛෙනවා.
ප්‍රශ්නය - උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය නිසා අගතියට පත්වූ තරුණ තරුණියන්ගේ විශේෂ අවශ්‍යතා සපුරා දීමට ඔබගේ රජය ගෙන ඇති තීන්දු හා තීරණ වල තත්ත්වය කෙසේද?
පිළිතුර - ත්‍රස්තවාදය මේ අයගේ සියලූම අයිතිය නැති කළා.අපි ඒ සියල්ල නැවත ඔවුනට ලබාදෙමින් සිටිනවා.උදාහරණයක් හැටියට 2013 වසරේ හොඳම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වාර්තා වුණේ උතුරින්. අපේ වැඩකටයුතුවල ප්‍රතිඵල තමා. උතුරේ තරුණ පරම්පරාවටත් දකුණේ තරුණ පරම්පරාවට සේම සියලූ පහසුකම් සපයා දී තිඛෙනවා.ඔවුන්ගේ පාසල්වල දැන් තොරතුරු තාක්ෂණ විද්‍යාගාර පවා පිහිටුවා තිබෙනවා.
ප්‍රශ්නය - තීන්දු හා තීරණ ගැනීමේ කටයුතු වලට තරුණ තරුණියන් හවුල් කරගැනීමට ඔබගේ රජය ගෙන ඇති පියවර මොනවාද?
පිළිතුර - එකක් තමයි තරුණ පාර්ලිමෙන්තුව.මම රටේ අයවැය හදද්දී සෑම විටෙකම තරුණ තරුණියන්ගේ හා කාන්තාවන්ගේ අදහස් විමසනවා.කාන්තා සංවිධාන රාශියක් මට ඒ සම්බන්ධයෙන් අදහස් එවනවා.මා ඒවා අයවැය යෝජනාවලියට ඇතුළත් කරනවා.අනෙක මගේ රජයේ සිටින බහුතරයක් මන්ත්‍රීවරු තරුණයෝ. රටේ අනෙක් දේශපාලන ආයතනය වල තත්ත්වය ත්මේ වගේ.
ප්‍රශ්නය - නීතිඥයකු වීම සම්බන්ධයෙන් නීති විද්‍යාලය පනවා ඇති නව වයස් සීමාව දැනට නීති උපාධිය ලබා සිටින අයට ගැටලූකාරී තත්ත්වයක් මතුකර තිඛෙනවා.මෙයට පියවරක් ගෙන තිඛෙනවාද?
පිළිතුර - අප මේ ගැන අවධානය යොමු කරලායි තිඛෙන්නේ.ඉක්මනින්ම පිළිතුරක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය - අඩු වියදමකින්, තත්ත්වයෙන් උසස් අධ්‍යාපනයක් ලබා ගැනීම රටේ කටයුතු වලට හවුල් වීමට සිටින තරුණ පරම්පරාවේ ඉදිරි අවශ්‍යතාවය වනු ඇති.ඔබ මෙය ශ්‍රී ලංකාවේ සිදුකරනවාද?
පිළිතුර - අප දැනටමත් විශාල පරිමානයෙන් අධ්‍යාපන පද්ධතිය නවීකරණය කරමින් සිටින්නේ. ශ්‍රී ලංකාවේ පිහිටි පාසැල් 1000 කට දැනටමත් හොඳම පහසුකම් ලබා දීලා තිඛෙනවා.
ප්‍රශ්නය - 2006 වසරේ සිට විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ආධාර ලෙස ලැඛෙන්නේ රුපියල් 2500 ක් පමණයි. ඔවුන්ට මෙම මුදලේ ඉහළ යෑමක් බලාපොරොත්තු විය හැකිද?
පිළිතුර - ඔව්. අප ඉතා වුවමනාවෙන් ඒ පිළිබඳ සොයාබලමින් සිටිනවා. අධ්‍යන වලින් හෙළිව තිඛෙන කරුණක් තමයි විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සියයට 10 කට පමණ අනෙක් අයට වඩා උපකාර අවශ්‍ය බව. මේ සිසුන්ට සැලකිය යුතු තරමේ ආධාර ඉහළ දැමීමක් සිදුකිරීමට සැළසුම් කරලයි තිඛෙන්නේ.
ප්‍රශ්නය - ෆේස්බුක්,ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ තහනම් කිරීමේ සැළසුමක් තිඛෙනවාද?
පිළිතුර - මගේ ෆේස්බුක් සාමාජිකයින් ලක්ෂ 3කට අධික ප්‍රමාණයකුත් ට්විටර් වල 25000 කට අධික ප්‍රමාණයකුත් සිටිනවා.මම මොකටද හා කොහොමද මේවා තහනම් කරන්නේ?,අනෙක මම ඒවා තහනම් කළොත් මගේ පුත්තු තුන්දෙනා මට ඉන්න දෙන එකක් නැතිවෙයි.
ප්‍රශ්නය - ලාභ නොලබන ආයතනයක් වන දෝහා ශ්‍රී ලංකා පාසල වෙත කටාර් රජය පරිත්‍යාග කර ඇති භූමිය සම්බන්ධ කටයුතු වලට එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තවමත් මැදිහත්වී නැහැ. අපට උදවු කරන්න ඔබට කළ හැක්කේ මොනවාද?
පිළිතුර - මේ සදහා වහාම මැදහත්වන ලෙස මා විදේශ අමාත්‍යංශයට දැනුම් දෙන්නම්.
ප්‍රශ්නය - මම රජයක් ලෙස විමසන්නට කැමතියි. වෙළද කටයුතු වල වැඩිදියුණුව සම්බන්ධයෙන් අනාගත සැලසුම් මොනවාද?
පිළිතුර - වෙළද කටයුතු හා සම්බන්ධ ව්‍යාපෘති ශ්‍රී ලංකාවට ගෙන ඒමේ දැඩි උනන්දුවක් හා වුවමනාවක් තිඛෙනවා.දැනටමත් සැලැකිය යුතු තරමේ ව්‍යාපෘති ප්‍රමාණයක් දිවයිනේ ක්‍රියාත්මකයි.
ප්‍රශ්නය - ජනාධිපතිතුමනි, කරුණාකර රටේ ආගමික ගැටුම් ඇතිකිරීමට හේතු වන්නන් මර්දනය කිරීමට නිසි පියවර ගන්න.
පිළිතුර - මම කිසිදු ලෙසකින් ආගමික සංහිදියාව බිද හෙළීමකට ඉඩ දෙන්නේ නැහැ.අපට ආගමික කරුණු මුල් කරගෙන කලහකාරී තත්ත්වයක් කෙදිනකවත් ඇතිවූයේ නැහැ. සුලූ සිද්ධීන් කිහිපයක් තමයි වාර්තා වූයේ.
මේ සංවාදයට මා එක් කරගත්තාට බොහෝම ස්තූතියි. ඉදිරියේදීත් මේ විදියටම සංවාදයක් කරන්නට මා බලාපොරොත්තු වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ළමයි මේ දේවල් වලට කොච්චර නම් ඇබ්බැහි වෙලාද? (නි)
අපේ ජනාදිපති තුමා තමාගේම තරුණ පුතුන්ගේ අසාවල් ගැන හොඳින් තේරුම් ගෙන ඉඩ දීම උදව් කිරීම , තරුණයන් වන අපට ආඩම්බරයක් . සමහරවිට තරුණ අදහස් ගැලපෙන්නේ නෙති දේවල් තියනවා . එයත් තේරුම් ගත යුතුයි , ජනාදිපති තුමනි !!!! (අ)
තව ටික කලකදී අපේ පුතාලා කැසිනෝ ඉල්ලුව කියාවිද දන්නේ නැහැ. (අ)
ඒකත් නරකම නෑ. (ස)
ගරු මැතිඳුනි, සියලුම පුරවැසි තාත්තලා කැමතියි දරුවන්ට හොඳම දේ ලබා දී ඔවුන් සතුටු කරන්න. ඒ ටික කරගන්න බැරුවනේ මේ අපි ලතැවෙන්නේ. (නි)
සුබ අනාගතයක්! (නි)
කියා ඇති පරිදි ලංකාවේ කෙනෙක් රොකට් එකෙන් අභ්‍යවකාශ ගතවන්නේ කවදාද? අර ගොඩනඟනවා කිවු ලංකාවේ අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයට මුලිකත්වය දෙන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉන්න උගත් ආචාර්යවරුන්ද? නැත්නම් ලංකාවේ රොකට් විශේෂඥයෙක්ද? (නි)
මේවට මොනවා කියන්නද? (නි)
මමත් කියන්නේ එපා එහෙම වුනොත් කෝමද අපි හදුනා ගන්නෙ (ස)
"පුතුනේ මේ අහගන්න පුතුනේ..." රුහුණු මායා පිහිටි කියන පුත්තු තුන්දෙනා විසින් සැර කරලා ඉල්ලපු දේවල් මං කොහොමද ඕව නොදී ඉන්නේ? (ස)
දැන් මේවා ඒ තරම් ජනප්‍රිය වෙලා.... (නි)
ජන්දිපති තුමා පිළිතුරු වාසයන් පල කල අදහස් වලට ස්තුතියි. මෙවන් සංවාදයක් පල කිරීම ජාතික පුවත්පතක් වන ලංකා දීප පුවත් පතට ස්තුතියි.(නදී)
තීරණ ගත යුත්තේ පුතුන්ට අවශ්‍ය විදියට නොවෙයි නේද? (නි)
ජනාදිපති තුමාට සැමදා ජය. අපට පරාජය. (නදී)
අපේම චන්ද්‍රිකාවක් යවන්න චීනයටද තම දැනුමෙන් උදව් කල ලොව ලා බාලතම ගඟන ගාමියත් අපේ රටේ දරුවෙක් වෙන්න යන එකේ අපි මොන තරම් වාසනාවන්තද? (නදී)
රට පාලනය කිරීම සම්බන්ධව නම් එහෙම කරන්න එපා ඔන්න (නි)
අපිට ඕනෑ ඒවා ඔබතුමාගේ පුතාලට ඕනෑ වුණේ අපේ වාසනාවට. (නි)
මේ පුතාලට ඕනෑ හින්දා තමයි අපට ෆේස් බූක් ලැබෙන්නේ. හොඳ වෙලාවට ඒ වගේ පුතාලා අපට හමුවෙලා තියෙන්නේ. (නි)
අර සම සෞක්‍ය උපාධිය කරන අය අපේ රටේ නෙමේද? ඒ අයගේ තාත්තලාට පේස් බුක් නැද්ද? (නදී)
ජනාධිපතිතුමනි, ඔබට සැමදා ජය වේවා. (ස)
ඔබ තුමාගේ දරුවන් ගැන වගේම දරුවන් ගැනත් හිතලා තීන්දු ගන්න.(නදී)
එකගයි.(නදී)