(උපාලි ආනන්ද)

තම දියණිය  මීට පෙර  සේවය කළ ත‍්‍රිකුණාමලය සහ කුලියාපිටිය  රෝහල්වල ඇයට නිසි  ආරක්ෂාවක් තිබුණා. ජීවිතයේ හැම අවස්ථාවකම මා මාගේ දියණිය  ආරක්ෂා කළා.  එහෙත් මෙම සිද්ධියේදී  දියණිය  ආරක්ෂා කර ගැනීමට මට නොහැකි වුණා යැයි  අනුරාධුපර ශික්ෂණ රෝහලේ දී සහසිකයකුගේ අතින් දූෂණයට ලක් වූ අවිවාහක  ළමා රෝග පුහුණු විහේෂඥ වෛද්‍යවරියගේ පියා දැඩි කම්පනයකින් හා හැගීම් බරව කදුලූ සලමින් සාක්කි දෙමින් පැවැසීය. 

උතුරු මැද පළාත් බද මහහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක  මහතා  ඉදිරියේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ වෛද්‍යවරියගේ පියා සාක්කි දෙමින් එසේ කීය.

වැඩි දුරටත් සාක්කි දුන් වෛද්‍යවරියගේ පියා අධිකරණය හමුවේ මෙසේ කීය.

දියණිය නවාතැන් ගෙන සිටි අනුරාධපුර ශික්ෂණ රෝහලේ තනිකඩ වෛද්‍ය නිවස්නයේ ඇයට කිසිදු ආරක්ෂාවක් තිබී නැහැ.

මෙම සිද්ධියෙන් පසුව මා පැමිණ බලන  විට  වෛද්‍ය නිල නිවාස අවට ගස් වල අතු කපා ප්ලෑසර් විදුලි බුබුලූ සවි කොට දල්වා  වෛද්‍ය නිල නිවාස අවට එළිය කොට  තිබූණා.  වෛද්‍ය නිල නිවාසවල සහ ඒවායෙහි නවාතැන් ගෙන සිටින වෛද්‍යවරුන්ගේ ආරක්ෂව සම්බන්ධයෙන්  අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිපාලනය කිසිදු තැකීමක් සිදු කොට තිබුණේ නැහැ.

මෙම සිද්ධියෙන් පසුව මා පවුල පිටින්ම විදේශ ගත වීමේ සූදානමක් තිබූණත්  තම රටේම ජීවත් වෙමින් ලංකාවේ ජනතාවට සේවය කරන්න  දියණිය තීරණය කළ නිසා ලංකාවේ  ජීවත් වීමට තීරණය කළ බව ද වැඩිදුරටත් සාක්කි දෙමින් පැවැසුවාය.

අනුරාධපුර මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන්  පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ  හි්මාලි ජයනෙත්ති මහත්මිය අධිකරණයට කරුණ දක්වමින් පැවසුවේ වෛද්‍යවරිය දූෂණය  කිරීමේ සිද්ධියට  අදාළව මහාධිකරණයෙන් දැඩි ඇප කොන්දේසි මත මුදා  හැර සිටින අතරතුර  විත්තිකරු  සමාන වරදක් සිදු කිරීමේ චෝදනාවකට ගල්නෑව  පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත‍්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අධිකරණයට දැනුම් දුන්නාය.

ඒ අනුව විත්තිකරු මහාධිකරණය මගින් පෙර නියම කළ   ඇප කොන්දේසි කඩ කර ඇති බව  දැනුම් දුන්   රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය   මෙම කරුණු සැළකිල්ලට ගෙන  විත්තිකරුගේ පෙර ඇප අවලංගු කර  නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ තබන  ලෙස  ඉල්ලා සිටියාය.   

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් විත්තිකාර හිටපු යුධ හමුදා සෙබළාට  අනුරාධපුර මහාධිකරණ මගින් මීට පෙර නියම කළ ඇප අවලංගු කර රිමාන්ඩ් ගත කරන ලෙස  උතුරු මැද පළාත් බද මහහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක  මහතා  නියෝග කළේය.‍ෙ

විත්තිකරු වෙනුවෙන්  පෙනී සිටි    නීතිඥ සුරංග මොහොට්ටි මහතා  කරුණු දක්වමින්  කියා සිටියේ   විත්තිකරුට ඇප නියම කළ අවස්ථාවේ අධිකරණය  ඉතා සාධාරණව අවධානය යොමු කොට ඔහුට ඇප නියම කළ බවයි. එහෙත්  විත්තිකරු  වෙනුවෙන්   පෙනී සිටීමේ යම් ප‍්‍රමාණයක් තමාට පවතින බව සඳහන් කළ  නීතිඥවරයා විත්තිකරු  වෙනත් නඩුකට අදාළව  කැකිරාව මහේස්ත‍්‍රාත්  අධිකරණයේ නියෝගයකට අනුව රිමාන්ඞ්  බන්ධනාගර ගත  කර ඇති බවත් ඒ අනුව  විත්තිකරුගේ ඇප අවලංගු කරන්නේද? නැද්ද? යන්න අධිකරණයේ අභිමතය පරිදි සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය

අනතුරුව මෙම නඩුවේ 4 වන සාක්සිකාරිය ලෙස  නම් කර සිටි වින්දිත වෛද්‍යවරිය සේවය කල අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සහ රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය එස්. ඒ. නයනී අනුරුද්ධිකා සුරවීර මහත්මිය රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති මහත්මියගේ සාක්සි මෙහෙයවීම මත පැයකට අධික කාලයක් සාක්සි ලබා දුන්නාය.  

මෙම නඩුවේ වැඩිදුර විභාගය මේ මස 30   වන දින දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා සාක්සි ලබා දීමට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නඩුවේ 39 වන සාක්සිකරු ලෙස නම්  කර සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ  විශේෂඥ අධිකරණ වෛද්‍ය සම්පත් සේනතුංග මහතාට නියෝග කළේය.