IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


අපව නිරෝගීව තබන සරල පුරුදු කිහිපයක්

දිනක් ගතවීම යනු එක් දවසකින් හෝ වයසට යාමකි. ලෙඩ රෝග වැළඳීමට බාල, තරුණ, මහලු භේදය කිසි විටෙක බලනොපායි.

එබැවින් ඔබ ඉහත කවර කොට්ඨාසය නියෝජනය කළද දිනකට සුළු වේලාවක් හෝ මිඩංගු කරමින් තම ශරීර සෞඛ්‍යයේ පැවැත්ම කෙබඳුද යන්න තමා විසින්ම පිරික්සා කර බැලිය යුතු දෙයකි.

1)  කුමන හෝ පරීක්ෂණයකට භාජන වෙනවා නම් ඉදිරියේදී ඔබව අවදානමකට ලක් කරන රෝගී තත්ත්ව ගැන පූර්ව අවබෝධයක් ලබා ගන්න.

කිනම් හෝ රෝගී තත්ත්වයක් තමාට ඇති බව වසර කිහිපයක් ගතවූ පසු දැන ගැනීමට වඩා ඒ ගැන කලින් දැනුම්වත් වීමට හැකි නම් නිසි ප්‍රතිකාර නිසි කලදී ලබා ගැනීමට පුළුවන. රෝගී තත්ත්වය බරපතළ වීමට ප්‍රථම එය මැඩ පවත්වා ගැනීමට හැකියාව ලැබීමම කෙතරම් මනසට , ගතට සුවදායකද?

2)  හෘදය වස්තුව ගැහෙන රිද්මයට කන් දෙන්න.

හෘදයේ ගැස්ම ඒකාකාරී වීම සාමාන්‍ය වේ. ඊට කන්දීම සේම, ඇඟිලි තුඩු මගින් නාඩි පිරික්සා කර බැලීමද කළ හැකියි. රිද්මයේ යම් වෙනසක් ඇත්ද යන්න අවධානය යොමු කළ හැකියි.

3)  ඔබගේ සම මෙන්ම නියපොතු දෙසත් වුවමනාවෙන් බලන්න.

නියපොතුවල පැහැයේ යම් වෙනසක් තිබේද, නිය දෙපස සම තුවාල වී ඇත්ද, නිය කරු මෙන්ම නිය අතර සම පෙදෙස දෙස අවධානයෙන් බලන්න. එසේම සමෙහි ඇස ගැටෙන කෙබඳු හෝ වෙනසක් ඇත්ද, ගෙඩි, ලප , පලු වැනි දෑ තිබේද යන්න පරීක්ෂා කර බැලීම තමාටම සිදු කර ගත හැකියි.

4)  කාන්තාවන් පමණක් නොව පුරුෂ පක්ෂයද ස්වයං පරීක්ෂාවන් සඳහා නැඹුරු වීම ඉතා වැදගත්ය.

මෙහිදී ස්වයං පරීක්ෂාවක් ලෙස පියයුරු පරීක්ෂාව තමාටම කර ගත හැකියි. පියයුරෙහි අසාමාන්‍ය ගැටිත්තක්, ඉදිමුවක්, සැරව ගැලීමක් ඇත්ද යන්න බැලීම වැදගත් වේ.

5)  ඔබගේ සිතිවිලි, හැඟීම්වලට සිදුවී ඇත්තේ කුමක්ද?

ඒවායෙහි දියුණුවක් සිදු වෙලාද? ඔබ පෙර සිටියාට වඩා තරහව,කෝපය පාලනය කරගෙන සිටීද? දුකක් දැනෙන හැම මොහොතකදීම හඬා වැටෙනු වෙනුවට එය විඳ දරා ගැනීමට අවැසි ශක්තිය ඔබ සතුද? නොඑසේ නම් නුරුස්සන ගතිය, උදාසීනත්වය දනවන සිතිවිලිවලට ඔබ සමීප වී ඇත්ද? අපව නිරෝගීව තැබුමටත්, මනසේ යහ පැවැත්මටත් සිතිවිලි කෙතරම් දායකද යන්න ඔබටම වටහා ගැනීම අපහසු නැත. නිවැරැදි සිතිවිලි යහපත් සෞඛ්‍ය ප්‍රවර්ධනයක් කරා ඔබව රැගෙන යයි.

6)  අන්තිම අඩියට වැටුණු පසු තීරණ නොගන්න

දුක් වෙවී, හඬා වැටී ගන්නා තීරණත් අතර මඟදී වෙනස් වන තීරණත් නොව ප්‍රශ්නයට නිසි තීරණ ගන්නා තීරකයකු වන්න ඔබට පුළුවනි.

මෙයාකාරයෙන් තමාට තමාගේ බාහිර මෙන්ම අභ්‍යන්තරය ගැනත් විමසීමට හැකියි. එහිදී කල්තියා රෝග හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා සුවපත් වීමටත් හැකියි. එසේම රෝගවලට එරෙහිව ප්‍රතිශක්තියක් සේම සුබවාදී දැක්මකට උත්තේජනයක් සැපයීමට තමාටම හැකි බව ඔබ තේරුම් ගන්නවා ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

අපව නිරෝගීව තබන සරල පුරුදු කිහිපයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ආණ්ඩුව කුජීත වුණ බව චන්න කියයි
2025 අප්‍රේල් මස 28 44 0

මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ


තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම
2025 අප්‍රේල් මස 28 102 0

තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය


ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ මුද්‍රණය කරයි
2025 අප්‍රේල් මස 28 46 0

පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හත


සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 999 0

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්



දුම්වැටි සමඟ ගුවන්තොටේදී අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 28 179 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(28 ) උදෑස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 993 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 430 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 578 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site