අප්‍රේල් මාසය ඉතා සුවිශේෂය. ඒ අන් කවරදාටත් වඩා මේ මාසයේදී අපට කෑමට ලැබෙන රසකැවිලි නිසාවෙනි.. මේ කෑම සියල්ලම පාහේ තෙල්,පිටි, සීනි, ලුණුවලින් සමන්විතය. මේ අවුරුදු කාලෙදී ලෙඩ නොවී කෑම කන හැටිත්, රෝගවලින් දැනටමත් පීඩා විඳින පිරිස රෝගය මැඩ ගනිමින් වැරැදි ආහාර රටාවෙන් මිදී ක්‍රමවත්ව ආහාර ගන්නේ කොහොමද යන්නත් ගැන අප වැඩි අවධානයක් යොමු කළ යුතුය. අප්‍රේල් මාසයේදී පමණක් දක්නට ලැබෙන ආහාර පාන නොකා හිඳීමට තහංචි පැනවීම අනුමත කළ නොහැකිය. ඒත් අප අවුරුදු කෑම බීම රිසිසේ අනුභව කර නුදුරු දිනකදිම ලෙඩ වෙනවාද, නොඑසේනම් ක්‍රමවත්ව ආහාර ගෙන නිරෝගිකම රැක ගන්නවාද යන්න තීරණය කළ යුත්තේද අපමය.
එසේ කියන්නේ ඇයි?
වර්ෂ 2021 පවත්වන ලද බෝ නොවන රෝගවලට පාදක වන අවදානම් සාධක හඳුනා ගැනීමේ සමීක්ෂණයේදී අවුරුදු 18ත් 69ත් අතර වයසේ පසුවන්නන්ගෙන් එනම් පුරුෂයන්ගෙන් සියයට 30කුත්, ස්ත්‍රීන්ගෙන් සියයට 47.6කුත් බර වැඩි සහ තරබාරු ගණයට අයත් වන බව සොයා ගෙන ඇත. එමෙන්ම රුධිරයේ සීනි මට්ටම ඉහළ ගොස් ඇති සංඛ්‍යාව සියයට 38කි. තවද රුධිර පීඩනය වැඩි ප්‍රතිශතය සියයට 54කි. දරුවන් අතරද බර වැඩි ප්‍රතිශතය සියයට 9ක් පමණ වේ. මේ තත්ත්වය ඔවුන් අතර බෝ නොවන රෝග එනම් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය, කාලික ශ්වසන රෝග, වකුගඩු රෝග සහ විවිධ පිළිකා තත්ත්ව ඇති වීමේ ප්‍රවනතාව වැඩි කරන බව හෙළිදරව් වී ඇත.
එමෙන්ම ක්‍රියාශීලී නොවීම, ලුණු -තෙල්- සීනි භාවිතය අධික වීම, මත්පැන් සේම දුම්පානයද මෙහි අවදානම වැඩි කිරීමට හේතු වී ඇත.
මෙවර රසකැවිලිවල විශේෂත්වයක් කරමු
මෙවැනි පසුබිමක අප රෝගී නොවී අවුරුදු සතුට ලබා ගන්නේ කොහොමද? මේ මොහොත වනවිටත් සියල්ලෝම හැකි පමණින් අවුරුදු රස කැවිලිවල රස බලන්නට සැදී පැහැදී සිටිති. තෙල්- ලුණු-සීනි අධික රස කැවිලි මේ කාලයේදී බහුලය. නෑසියන් බලන්නට යන ඔබට මේ ආහාරයක් නොගෙනම බැරි තත්ත්වයක් උදා විය හැකිය. දකින - තියෙන සෑම ආහාරයක්ම රස විඳ අවසන අප රෝගී විය යුතු නැත. රසකැවිලි සෑදීමේදී අපට විශේෂයක් කළ හැකිය. එනම් රසකැවිලිවල ප්‍රමාණය කුඩාවට සෑදීමට පුළුවන. ලොකු කැවුමක්,ලොකු අළුවා කැබැල්ලක්,ලොකු මුං කැවුමක් වෙනුවට ප්‍රමාණයෙන් කුඩා රසකැවිලි සෑදීමට උත්සාහයක් ගනිමු. ඒවගේම නිවසින් පිටතදී හැම රසකැවිල්ලකම රස බැලීම වෙනුවට එක් රසකැවිල්ලක් පමණක් කෑමට ගත හැකිය. තේ,කෝපි පානයේදීත් හැකිතරම් සීනි රහිතව ඒවා පානය කරන්නට උත්සාහ ගනිමු.
තෙල් - ලුණු -සීනි සීමාව
බත් ,එළවළු,මාළු පිළියෙළ කිරීමේදී හැකිතාක් තෙල් -ලුණු අඩුවෙන් යොදා පිස ගත යුතුවේ. පැණි රසැති අතුරුපස වෙනුවෙන් පලතුරු කපා ,සීනි -ලුණු- උකු කිරි නොයොදා පලතුරු සලාදයක් පිළිගැන්වීමට හැකිය. කෘත්‍රිම පාන වර්ග වෙනුවට පිරිසුදු පලතුරුවලින් පිළියෙළ කළ ලුණු - සීනි එකතු නොකළ පලතුරු යුෂ වීදුරුවක් ඉතා සුදුසුය.
දරුවන්ට ක්‍රියාශීලී වීමට ඉඩ දෙන්න
විශේෂයෙන්ම දරුවන්ට හැකිතාක් ක්‍රියාශීලීව දුව පැන සෙල්ලම් කිරීමට ඉඩ හරිමු. මේ කාලයේදී පමණක් දැකිය හැකි වන අපේ ජන ක්‍රීඩා ගැන දරුවන්ගේ දැනුම අලුත් කරවමු. එය ඔවුන්ගේ බුද්ධි වර්ධනය උදෙසා මහත් පිටිවහලක් වනු ඇති. මත්පැන් - දුම්පානය හැකිතාක් අඩු කර පවුලේ සියලු දෙනාගෙම සතුට වෙනුවෙන් මේ නිවාඩුව යොදා ගත හැකිය.
රෝගීන්ගේ ආහාරය ගැනත් වැඩි සැලකිල්ලක්
විශේෂයෙන්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ ,අංශභාගය වැනි රෝගවලින් පෙළෙන පවුලේ සාමාජිකයන්ගේ රෝගී තත්ත්වය ගැන වඩා සැලකිලිමත් වී ඔවුන්ගේ ආහාරය ගැන විශේෂ අවධානයක් යොමු කළ හැකිය. එක වේලකට පැණිරස ආහාර ගතහොත් ඊළඟ වේලට එළවළු,පළා බහුල ආහාර වේලක් ලබා දිය හැකිය. දවසේ සියලුම ආහාර වේල් පැණිරස කෑමවලින් පමණක් පිරවීම සුදුසු නැත. රෝගී තත්ත්වාදියෙන් පෙළුණද අවුරුදු සතුට ඔවුන්ටද ලබාදිය යුතු බැවින් උපක්‍රමශීලීව විවිධ ආහාර රස විඳීමට ඉඩ ලබා දෙන්න. දියවැඩියාවට රසකැවිලි සුදුසු නැත කියා ඔවුනට ඒවා නොදී සිටීමට වඩා කැවිලි ප්‍රමාණයෙන් කුඩාවට සාදා ඒවායෙහි රස විදීමට ලබා දිය හැකිය. ඉන් අනතුරු ඊළඟ ආහාර වේලට පැණිරස ආහාර ඇතුළත් නොකිරීමට වගබලා ගන්න.
රස්නෙ වැඩි කාලෙට සුදුසු පාන වර්ග
මේ කාලයේදී ජලය,තැඹිලි,බෙලිමල් වැනි ස්වාභාවික පාන වර්ග හැකිතාක් පානය කරන්න. අවුරුද්දේ සැබෑ සතුට අත් විඳින්න. කැවිලි පෙවිලිවල සුවඳ- රසය විඳින්න. තමාගේ සුවපත්භාවය ගැනත් සිතන්න. එවිට අවුරුදු සමය ගෙවී ගියද ඔබට කාලයක් පුරාවටම නිරෝගිව සිටීමට හැකිවේවි.
-සටහන- මාධවී ධර්මරත්න
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කට රැකගෙන කෑම කමු