මේ දිනවල විවිධාකාර වයිරස් උණ,කොවිඩ් මෙන්ම ඩෙංගු රෝගීන්ද වාර් තා වීම ඉහළ ගොස් ඇත. එබැවින් උණ රෝගීන් නිසි මාත්‍රාවට අනුව පැරසිටමෝල් ඖෂධය පමණක් ලබා ගත යුතු වුවත් ඇතමෙකු හිතුමනාපයට විවිධාකාර ඖෂධ ලබා ගැනීමත් එහි අනිටු පල විපාක ගැනත් පුවත් අසන්නට ලැබේ.
ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වයේදී , අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් ලෙස සමහරු පැරසිටමෝල්වලට අමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs - ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ) කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිත කරති. මෙය ඉතාමත් බරපතළ කාරණාවකි.
දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ මෙම NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතයෙන් පසු සිදුවූ පුද්ගල මරණ කිහිපයක්ද වාර්තා වේ. එවැනි ව්‍යාකුල තත්ත්වයකදී NSAID කාණ්ඩයට අයත් ඖෂධ ගැන නියමාකාරව දැන්ම්වත් වීම අගනේය.
ඒ අනුව NSAID කාණ්ඩයට අයත් බෙහෙත් වර් ග මොනවා ද ? ඒවා ගත් විට මොනවද වෙන්නේ? වෙනත් රෝගී තත්ත්ව සදහා මෙම ඖෂධ ඊට වඩා අඩු මාත්‍රාවලින් ගන්න පුද්ගලයින්ට මෙයින් බලපෑමක් තියෙනව ද? කියන කරුණු ගැන අද කතා කරමු..
‘ඩික්ලොෆෙනැක් සෝඩියම්, ඉබියුප්‍රොෆන්, මෙෆැනමික් ඇසිඩ්, ඉන්ඩොමෙතසින්, නැප්ප්‍රොක්ස්සෙන්, සෙලෙකොක්සිබ්, ඇස්ප්‍රීන් යන ඖෂධ විවිධ වෙළඳනාම හරහා වේදනා නාශක ලෙස බහුලව රට තුළ භාවිත වේ. මේවා ඉතා හොඳ වේදනා නාශක වුවත් ඩෙංගු රෝගී තත්ත්වයේදී මේවා භාවිත කිරීම රෝගය මාරාන්තික වීමට හේතුවකි. මේ සියල්ලටම පොදු කරුණක් වන ලේ කැටි ගැසීම අඩු කිරීමේ හේතුව නිසා ඩෙංගු රෝගය වැළඳුනෙ පුද්ගලයන් මේවා භාවිත කිරීමෙන් දැඩි සංකූලතා මෙන්ම මරණය වුවද සිදු වීමේ වැඩි නුඹුරුවක් ඇත.
මේ දිනවල ඔබට උණ ඇතිවුවහොත් මුලින්ම කළ යුත්තේ හොඳින් විවේක ගැනීම, හොඳින් දියර පානය කිරීම සහ උණ වේදනාවට නියමිත මාත්‍රාව අනුව පැරසිටමෝල් ඖෂධය පමණක් භාවිත කිරීමයි.
උණ තත්ත්වය දින දෙකට වඩා පවතින්නේ නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හෝ රෝහලක් වෙත වහාම යොමුවීම සිදු කළ යුතුයි.
ඔබට යම් රුධිර පරීක්ෂණ නියම කර ඇත්නම් උණ තත්ත්වය පහව ගියත් එම පරීක්ෂණවල වාර් තා අනිවාර්යෙන්ම වෛද්‍යවරයකු වෙත යොමු කොට අවැසි උපදෙස් ලබා ගැනීමද සිදු විය යුතුය. මීට අමතරව උණ රෝග සඳහා වෛද්‍ය උපදෙස්ලන් තොරව ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසෝන් වැනි ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබා ගැනීමත් සුදුසු නොවේ.
ඒ අනුව ඉහත උපදෙස් පිළිපැදීම සහ දැනුම්වත්ව ක්‍රියාකිරීමෙන් රෝගී තත්ත්වය මාරාන්තික වීමෙන් වළක්වා ගත හැකිය.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් තොරතුරු ඇසුරිණි)
-සටහන- මාධවී ධර් මරත්න
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩෙංගු මාරාන්තික කරවන ‘NSAID‘