තමන්ට උප්පත්තියෙන්ම ලැබී ඇති රූප සොබාව වැඩි දියුණු කර ගැනීමට,ලස්සනට ප්‍රියමනාපව ඉන්න අපි හැමෝම කැමැතියි. ඒ උදෙසා කමාට ස්වභාවයෙන් ලැබී ඇති සමේ පැහැය වෙනස් කිරීමට කාන්තාවන් නොගන්නා උත්සාහයක් නැත. පුරුෂ පක්ෂයට සාපේක්ෂව සුදු වීමේ සිහිනය ඇත්තේ කාන්තාවන්ටය. ඒ සඳහා විවිධ කෘතිම පාන වර්ග, Bleeching අඩංගු ආලේපන, එන්නත්, ඇතුළු බොහෝ දෑ අධික මිල ගණන් යටතේ වෙළෙඳපොලේ අලෙවි වන තරගකාරී නිෂ්පාදන වේ.
නිෂ්පාදන කොතෙක් පැවතියද මේවා භාවිතයෙන් ලබපු ප්‍රතිඵලයක් නම් නැත. ඒ වෙනුවට සමේ විවිධ අසාත්මිකතා, චර්ම රෝග, සමහර පිළිකා ආදී සම සම්බන්ධ ගැටලු රැසකටම මුහුණ දුන් කාන්තාවෝ අපමණය.
අපට ගැලපෙන සමේ වර්ණය
ඝර්ම කලාපීය රටවල වෙසෙන අපේ සමේ පැහැය තළෙළු පැහැයට හුරුය. ඒ මෙලනින් අඩංගු නිසාය. සූර්යාලෝකය හොඳින් ලැබෙනවා සේම එහි අනිසි බලපෑම් වලක්වා ලීමට මෙලනින් උපකාරී වේ. ඒ අනුව සුදුමැලි සම ඝර්ම කලාපීය රටවලට නොගැලපේ.
ස්වාභාවිකව සුදු වෙමු
තමාට ලැබී ඇති ලස්සන පවත්වා ගැනීම පසෙක තබා මිත්‍යා මත පසුපස ගොස් රෝගී වූවෝ බොහොමයකි. සමට නුසුදුසු රසායනික සංයෝගවලින් සමන්විත නිෂ්පාදන භාවිතයට වඩා ස්වාභාවිකව සම පැහැපත් කරවන ක්‍රම පිළිපැදීම සෞඛ්‍යාරක්ෂිත මෙන්ම අතුරු පලවලින්ද තොර වේ.
දිනපතා ඔබේ සම පිරිසුදුව තබා ගන්න. කුණු, දහදිය, දූවිලි සම මත නොරැඳීමට වගබලා ගන්න.දිනපතා ස්නානය වැනි පවිත්‍රතා කටයුතු පවත්වා ගෙන යන්න.
හොඳින් ජලය පානය කරන්න.-මෙමගින් සම වියැළීමෙන් වලකා තෙතමනය රැකදේ. සම දීප්තිමත්ව තබයි.
ගෙවත්තෙන් පහසුවෙන් සපයා ගත හැකි අලුත් එළවළු, නැවුම් ස්වාභාවික පලතුරු, පළා වර්ග නිතර ආහාරයට එකතු කර ගන්න. - ඒ අනුව කැරට්, වට්ටක්කා, බීට් වැනි එළවළු පිස ආහාරයට ගැනීම මෙන්ම පාන වර්ග ලෙසත් සාදා ගත හැකිය. මෙමගින් සමේ පෝෂණය රැක දේ. සම පැහැපත් කරවයි. සමේ කැළැල් පවා මකාලයි.
නිරතුරුව ගත,සිත,මනස සුවපත්ව තබා ගන්න.- ඔබේ සිත තව කෙනකුට මුහුණින් කියැවිය හැකි වනු ඇත.එනිසා සෑමවිටම තරහව,ඉරිසියාව,ක්‍රෝධය වැනි සිතුවිලිවලින් බැහැර වී මානසික ඒකාග්‍රතාව ඇති කර ගැනීමට ක්‍රියා කළ යුතු වේ.
සැම වෙලේම තමන් ලස්සන කෙනකු යැයි සිතින් මෙනෙහි කරන්න. ඒ හැරුණු විට ඔබව තවත් කෙනකු සමඟ සංසන්දනය කිරීමට නොයන්න. මන්ද යත් ලස්සන යනු පුද්ගලයකුගෙන් පුද්ගලයකුට සාපේක්ෂ දෙයක් නිසාය.
ඉහත පුරුදු ඇති කර ගැනීමට, ඊට අනුගත වීමට අපිට විශාල මුදලක්, බොහෝ කාලයක් වැය නොවේ.තමන් මෙයාකාරයට වෙනස් විය යුතුයි කියන අවශ්‍යතාවත්, ඊට අනුගත වීමත් ඇති වූ විට ඔබේ ආදරණීයන්ට මෙන්ම සමාජයටත් ඔබ ප්‍රසන්න පුද්ගලයකු වනු ඇත.
-සටහන- මාධවී ධර්මරත්න
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ස්වභාවිකව සුදු වෙමු
bill Wednesday, 05 March 2025 07:49 PM
හොඳයි