IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

සම්මානනීය, ප්‍රවීණ රංගන ශිල්පී, ‘අමරසිරි කලංසූරිය‘ මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 82 හැවිරිදි වියෙහි පසුවූයේය.

කලකට පෙර සිනමාවේ ආදරණිය ප්‍රේමවන්තයා වූ අමරසිරි කලංසූරිය මහතා, චිත්‍රපට රැසකට මෙන්ම ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය සඳහා ද රංගනයෙන් දායක විය.

‘අහස් ගව්ව’, ‘බඹරු ඇවිත්’, ‘පාර දිගේ’, ‘පොන්මනී’ සහ ‘සොල්දාදු උන්නැහේ’ ‘හන්තානේ කතාව’  ‘අක්කර පහ’, ‘නිම්වළල්ල’, ‘අපේක්ෂා’ ‘පරිත්‍යාගය’ ‘අනුපමා’, ‘පොඩිමල්ලී’, ‘කාංචනා’, ‘සක්විති සුවය’, ‘යස ඉසුරු’, ‘ඩොරින්ගේ සයනය’, ‘පූජා’, ‘පොඩි විජේ’, ‘අහස් මාළිගා’, ‘සාගරයක් මැද’ ආදී චිත්‍රපට රැසකට ඔහු රංගනයෙන් දායක වූයේය.
කලංසූරිය මහතා, රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය වන්නේ 2017 වසරේ තිරගත වූ ‘හිම තාරකා‘ චිත්‍රපටයයි

ඔහුගේ දෙවන චිත්‍රපටය වන ‘පරිත්‍යාගය’ චිත්‍රපටයේ රංගනය උදෙසා, ඕ.සී.අයි.සී සහ සරසවිය සම්මාන හිමිවූ අතර, ‘පූජා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි ‘සරසවි’ හා ‘ජනාධිපති’ සම්මාන හිමි විය.

මහනුවරදී 1940 සැප්තැම්බර් 20 වැනිදා උපත ලද කලංසූරිය මහතා කිරිබත්කුඹුර, ශ්‍රී ස්වර්ණජෝති විද්‍යාලයෙන් සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර, ඔහු පාසල් සමයේ දී මලල ක්‍රීඩා ඉසව් සහ බොක්සිං ක්‍රීඩාව සඳහා ද දස්කම් දැක්වීය.  

කලංසූරි මහතා තිදරු පියෙකි.

අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අනිද්දා (3)  සිදු කිරීමට නියමිතය.

(ඩයනා උදයංගනී)



අදහස් - (0)

අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5506 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5083 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 299 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4504 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 10022 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


කෙන් බාලේන්ද්‍ර සමුගනී
2025 පෙබරවාරි මස 03 2845 1

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site