මාතලේ පල්ලේපොළ මනන්වත්ත නිවසේ පදිංචිව සිටි විශ්‍රාමික විදුහල්පතිනියක වූ විනීතා දිසානායක මහත්මිය අභාවප්‍රප්ත වූවාය.
මිය යන විට 87 වැනි වියේ පසු වූ ගුරුමාතාව දරුවන් දෙදනකු ගේ මවක වූවාය.
සඳලංකාව මධ්‍යමහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපන ලැබූ ඇය සඳලංකාව මධ්‍යමහා විද්‍යාලයෙන්ම ගුරුවෘත්තිය ආරම්භ කළාය.
පසුව මාතලේ මැදැබැද්ද මහා විද්‍යාලය සහ මාතලේ බී.එම්.එස්. විද්‍යාලයේ විදුහල්පතිනය ලෙස කටයුතු කළාය.
විශ්‍රාම යෑමෙන් පසු ප්‍රදේශයේ සමිති සමාගම්වල කටයුතු කරමින් සමාජසේවා කටයුතුවල නිරත වූ ඇය මනන්වත්ත විහාරස්ථානයේ දහම් ගුරුවරියක ලෙස ද කටයුතු කළාය.
පල්ලේපොළ මනන්වත්ත නිවෙසේ ඇගේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (26) සවස මාතලේ ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.
ගුරු මාතාවක් කළුරිය කරයි