IMG-LOGO

2025 අප්‍රේල් මස 07 වන සඳුදා


ටෙනසි මල්රාජ් සමුගනී

වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව ආසනයේ ප්‍රධාන සංවිධායක ටෙනසි මල්රාජ් පිරිස් මහතා පෙරේදා (26) වැනි දා අභාවප්‍රාප්ත විය.

මියයන විට 58 වියේ පසුවු හෙතෙම දරුවන් දෙදෙනකුගේ පියෙකි.

වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙස 1991 වර්ෂයේදී දේශපාලනයට පිවිසි ඒ මහතා 1999 වර්ෂයේ සිට 2004 කාලය තුළ වයඹ පළාත් සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙස ද වයඹ බස් සමාගමේ සභාපති ලෙසද ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයා ලෙස ද   කටයුතු කර ඇත.

පසුව ලුනුවිල පොල් පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා ලෙස 2022 වර්ෂයේ සිට 2024 සැප්තැම්බර් මස කාලය තුල සේවය කළ හෙතෙම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

දේහය දන්කොටුව මීගමුව පාරේ අංක ½ දරණ පුබුදු නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු දන්කොටුව පොදු සුසාන භූමියේ දී ලබන 30 දා පස්වරු 4.00 ට සිදුකෙරේ.



අදහස් - (0)

ටෙනසි මල්රාජ් සමුගනී

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5404 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5009 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 287 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4474 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 9955 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


කෙන් බාලේන්ද්‍ර සමුගනී
2025 පෙබරවාරි මස 03 2834 1

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site