ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගම්පහ ප්‍රාදේශික සංඝ සභාවේ ප්‍රධාන සභාපතිව සහ ගම්පහ, නැදගමුව නාගවනාරාමාධිපතිව වැඩ විසූ, ගම්පහ ඉඳිගොල්ල විද්‍යාවංශ මහ පිරිවෙනෙහි විශ්‍රාමික පරිවේණාධිපතිව සිටි අපවත්වූ දිවුලපිටියේ පඤ්ඤාසීහ හිමිපාණන් අපවත් වූහ .
තම සුසිල්වත් පැවිදි දිවියට පනස් නව වසරක් සපුරා ඇති උන්වහන්සේ අපවත් වනවිට වසර 72 ක් ආයු වළදා සිටියහ.
උන්වහන්සේගේ දේහය මිනුවන්ගොඩ , නැදගමුව නාගවනාරාම විහාරස්ථානයෙහි තැන්පත් කොට ඇති අතර ආදාහන පූජෝත්සවය හෙට (06) සවස 2ට නැදගමුව කනිෂ්ඨ විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
තිලකරත්න දිසානායක
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.
දිවුලපිටියේ පඤ්ඤාසීහ හිමි අපවත් වෙති