IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී හේරත් සමුගනී

ප්‍රවීණ නාට්‍යවේදී, ආචාර්ය කේ.බී. හේරත් මහතා අද (29) අභාවප්‍රාප්ත විය.

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ඔහු මියයන විට 81 හැවිරිදි වියෙහි පසුවිය.

කේ.බී. හේරත් මහතා, විශිෂ්ඨ වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට තිර පිටපත් රචකයකු, මෙන්ම වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකි.

1979 වසරේදී ‘සුදුකරල්’ වේදිකා නාට්‍යය රචනා කරමින් ක්‍ෂේත්‍රයට පිවිසි ඔහු ටෙලිනාට්‍ය පිටපත් 500ක් පමණ සහ ඒකාංගික නාට්‍ය පිටපත් 200ක් පමණ රචනා කර ඇත.

ඔහු විසින් රචිත ‘මායාදේවී’, ‘නාග ගුරුළා’, ‘දෝන කතිරිනා’, ‘දෙවැනි මහින්ද’, ‘කළුකුමාරි’, ‘වාසුදේව’, ‘යසෝදරා’ හා ‘ජගන්මා’ යන නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලෙළවලදී හොඳම නාට්‍ය රචනය, අධ්‍යක්‍ෂණය ආදී අංශ යටතේ සම්මාන හිමිකර ගත්තේය.

‘දෝන ඉසෙබෙලා නොහොත් ගජමන් නෝනා’, ‘සක්විත්තෝ’, ‘ඉසිවර අසපුව’, ‘ඉති අතු’, ‘ගිරි දෙරණ’, සඳගිරි පව්ව’, ‘මිහිමඩල ගිනිවදී’, ‘සුවඳ පත්ම’, ‘දෙනුවර මැණිකේ’, ‘දියවඩන මළුව’, ‘ටිකිරි නිලමේ’, ‘සසර සෙවණැලි’ ඔහු විසින් රචනා කළ ටෙලි නාට්‍ය අතුරින් කිහිපයකි.

එමෙන්ම ‘ඉංගම්මාරුව’ ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව ඇතුළු ඒකාංගික ටෙලි නාට්‍ය ඔහු රචනා කළේය.

වසන්ත ඔබේසේකරයන්ගේ ‘දොරකඩ මාරාව’ චිත්‍රපටයේ පිටපත රචනා කිරීමට ද සහාය වී ඇති කේ.බී හේරත් මහතා ‘සුදු සළු’, ‘අපි මැරෙන්නෙ නෑ’ සිනමා පටයන් ද රචනා කළේය.

ඔහු තමා රචිත පිටපත් ගණනාවක් කෘතීන් ලෙස ද පළකළ අතර එම නාට්‍ය පිටපත් වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද හිමි වී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි නවගත්තේගම ගම්මානයේ ඉපදී, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කේ.බී හේරත් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

ඔහු විසින් කලා ක්‍ෂේත්‍රයට ඉටු කළ අනුපමේය මෙහෙවර අගයමින් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය මගින් ඔහු වෙත ආචාර්ය උපාධියක් ද පිරිනැමීය.

ඔහුගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙනු ඇත.

(ඩයනා උදයංගනී සහ සමන් පුෂ්ප ලියනගේ)  


 



අදහස් - (0)

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී හේරත් සමුගනී

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5506 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5083 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 299 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4504 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 10022 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


කෙන් බාලේන්ද්‍ර සමුගනී
2025 පෙබරවාරි මස 03 2845 1

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site