මඩබාවිට පුරාණ විහාරය, යායගල පුරාණ විහාරය,වේවැල්දෙණිය ශ්‍රී බෝධිමළු විජයනන්දාරාමය යන විහාරත්‍රයාධිපති ශාස්ත්‍රවේදී , සාහිත්‍යාචාර්ය, සාමවිනිසුරු, අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහෝපාධ්‍ය ගම්පහ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක බෝපිටියේ සද්ධර්ම කීර්ති ශ්‍රී පේමානන්ද චන්දසාර ඉන්ද්‍රගුප්තාභිධාන නායක ස්වාමීන්වහන්සේ අපවත් වුහ.
කලක් රෝගාතුර වී සිටි උන්වහන්සේ වයස අවුරුදු 86 ක් ආයු වළඳා අපවත් වූහ.
දේහය වේවැල්දෙණිය ශ්‍රී බෝධිමළු විජයනන්දාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර අනිද්දා (25) වැනිදා පස්වරු 2.00 ට පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව අදාහන පූජෝත්සවය පස්වරු 5.00 ට වේවැල්දෙණිය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී සිදු කිරීමට නියමිතය.
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
බෝපිටියේ ඉන්ද්‍රගුප්ත නාහිමියෝ අපවත් වෙති