IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රන්ජන් අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

පුවත්පත් සහ  විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර හතලිහක පමණ කාලයක් කටයුතු කළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී රන්ජන් අමරසිංහ මහතා ඊයේ (05) අභාවප්‍රාප්ත  විය.

මිය යන විට 69වන වියේ පසු වූ ඒ මහතා දෙදරු පියෙකි.

දවස පුවත්පතෙන්  සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කර ඇති ඒ මහතා ඉන් පසු දිවයින, පුවත්පතේද සේවය කිරීමෙන් පසු, සිරස මාධ්‍ය ජාලයේ  සිරස  සහ  වයි එෆ්,එම්. ගුවන් විදුලියන්හි ප්‍රවෘත්ති සංස්කාරක ලෙස දිගු  කලක් සේවය කර තිබේ

පසුකාලීනව  රන්දිව, ලංකාදීප, පුවත්පත්වල නිදහස් මාධ්‍යවේදියෙකු ලෙසත්  ලංකා ඊ නිව්ස් සහ මව්බිම වෙබ් අඩවියෙත් කටයුතු කර ඇත.

අමරසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිදාරියෙක් වන අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි

දේහය තලංගම කොස්වත්ත මහින්ද පනාගොඩ මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බැද්ද ගාන පොදු සුසාන භූමියේදී අනිද්දා (8)  සවස 3.00ට සිදුකෙරේ.

(ආරියරත්න රණබාහු)



අදහස් (0)

රන්ජන් අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ගනේගොඩ රතනජෝති හිමියෝ අපවත් වෙති
2024 සැප්තැම්බර් මස 06 23 0

පොල්පිතිගම නාගොල්ල රජමහ විහාරයේ විහාරාධිපති ගනේගොඩ ශ්‍රී සිද්ධාර්ථ ධම්මපාල රතනජෝති හිමියෝ පෙරේදා (5) අපවත් වූහ.


ගල්ගමුවේ සුමනා මෙහෙණියෝ අපවත් වෙති
2024 අගෝස්තු මස 29 213 0

ගෝවකොටුව ගුණනන්දිකාරාමයේ වැඩ විසූ ගල්ගමුවේ සුමනා මෙහෙණින් වහන්සේ පෙරේදා (28) දින අපවත් වී වදාළහ.


අලහේනේගම සුමනරතන හිමියෝ අපවත් වෙති
2024 අගෝස්තු මස 27 104 0

කොබෙයිගනේ මීගස්වැව ශ්‍රී ජයන්ති පියරතනාරාමය, ලෝළුගස්හේන අභිනවාරාමය උභය මහා විහාරාධිපති සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ කුරුණෑගල මහා දිසාවේ උප ප්‍ර


බෝපිටියේ ඉන්ද්‍රගුප්ත නාහිමියෝ අපවත් වෙති
2024 අගෝස්තු මස 23 134 0

මඩබාවිට පුරාණ විහාරය, යායගල පුරාණ විහාරය,වේවැල්දෙණිය ශ්‍රී බෝධිමළු විජයනන්දාරාමය යන විහාරත්‍රයාධිපති ශාස්ත්‍රවේදී , සාහිත්‍යාචාර්ය, සාමවිනිසුරු, අ


ජයන්ත ද සිල්වා සමුගනී
2024 අගෝස්තු මස 21 4098 3

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ ප්‍රඥා ප්‍රදීප සංකල්පයේ නිර්මාතෘ ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇත


මාධ්‍යවේදී ප්‍රදීප් අනුර දිවියට සමු දෙයි
2024 අගෝස්තු මස 15 534 0

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයා වූ ප්‍රදීප් අනුර කුමාර මහතා හදිසියේ අභවප්‍රාප්ත විය .


Our Group Site