IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


රෝලව මංගල හිමියෝ අපවත් වෙති

මීරිගම  කොටකන්ද දොළඋඩ ශ්‍රී නිග්‍රෝධාරාමාධිපතිව වැඩ විසූ රෝලව මංගල හිමියෝ පෙරේදා 21 අපවත් වී වදාළහ.

අපවත් වන විට 69 වැනි හැවිරිදි වියේ පසු වූ උන් වහන්සේ 1972 දී එවකට බෝතලේ ගෝඨාභය රාජ මහා විහාරාධිපති  , අලුතෑපොල පේමරතන හා පිටිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ හා වල් බෝතලේ බෝධිරුක්ඛාරාමාධිපති කරවිලකුඹුරේ සරණපාල හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්ව ඇත .

දක්ෂ ධර්ම කථිකයෙක් මෙන් ම පිරිත් දේශනාවට ද චතුර හපන්කම් දැක්වූ  රොලොව මංගල හිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා බෝතලේ ශ්‍රී ගෝඨාභය රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇත.

උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය හෙට 24 පස්වරු 2.00 ට බෝතලේ ගෝඨාභය රාජමහා විහාරස්ථ භූමියේ දී සිදු කිරීමට නියමිතය .

 



අදහස් - (0)

රෝලව මංගල හිමියෝ අපවත් වෙති

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1133 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5536 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5097 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 301 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4515 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 10032 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


Our Group Site