IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


ලංකාදීප නියෝජ්‍ය කර්තෘ රන්ජන්ගේ මව කලුරිය කරයි

බාඳුරාගොඩ උඩුඋල්ල විසූ විශ්‍රාමලත් පාඨශාලාචාරිනි ඩී.ආර්. විජේසුන්දර වික්‍රමනායක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට 85 වැනි වියේ පසු වූ ඇය, මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසලේ සහකාර විදුහල්පති ලෙස සේවය කළ, අභාවප්‍රාප්ත එඩ්වඩ් වික්‍රමනායක මහතාගේ ආදරණීය බිරිඳය.

ඇලබඩගම මුස්ලිම් විද්‍යාලය, බාඳුරාගොඩ ධර්මාශෝක මහා විද්‍යාලය, කිතුල්වල මුනිදාස කුමාරතුංග කනිෂ්ඨ විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක තිස් වසරකට වැඩි කාලයක් සේවය කළ ගුරුවරියක වන වික්‍රමනායක මහත්මිය, ‘ලංකාදීප’ නියෝජ්‍ය කර්තෘ රංජන් වික්‍රමනායක සහ කපිල රොෂාන් වික්‍රමනායක යන මහත්වරුන්ගේ මෑණියෝය.

දේහය උඩුඋල්ල නිවෙසේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර, ආදාහන කටයුතු හෙට (6 වැනිදා) පස්වරු 2.30ට මීරිගම විල්වත්ත ආදාහනාගාරයේ දී සිදු කෙරේ.

 



අදහස් - (0)

ලංකාදීප නියෝජ්‍ය කර්තෘ රන්ජන්ගේ මව කලුරිය කරයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5506 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5083 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 299 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4504 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 10022 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


කෙන් බාලේන්ද්‍ර සමුගනී
2025 පෙබරවාරි මස 03 2845 1

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site