බේරුවල ගල්හේන පදිංචිව සිටි ශ්‍රී ලංකා රේගුවේ විශ්‍රාමික ගල්හෙන වැලපිටිය සනස සමිතියේ හිටපු සභාපති , ඓතිහාසික කන්දේ විහාරයේ සහ යෝගාශ්‍රම ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන දායක ප්‍රසිද්ධ සමාජ සේවක සාමවිනිසුරුකේ. දයාසිරි සිල්වා මහතා අභාවප්‍රාප්ත විය.
සිල්වා මහතා වැලිපැන්න පොලිස් ස්ථානාධිපති චමින්ද සිල්වා මහතා ඇතුළු දූ දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි.
මිය යන විට ඒ මහතා 83 වියේ පසුවිය.
දේහය කරුණාරත්නපාර,ගල්හේන බේරුවල ලිපිනයේ තැන්පත් කර ඇති අතර ඒ මහතාගේ අවසන් කටයුතු අද(11) පස්වරු 5.00 ට ගල්හේන පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.
විශ්‍රාමික රේගු නිලධාරි දයාසිරි සිල්වා කලුරිය කරයි