සම්මානනීය කැමරා අධ්යක්ෂවරයකු වූ ඩොනල්ඩ් කරුණාරත්න මහතා අද (28) අභාවප්‍රාප්ත විය.
අග්‍රගන්‍ය චිත්‍රපට කැමරා අධ්යක්ෂවරයකු වූ ඔහු ඇමෙරිකාවේ, කැලිෆෝනියා හි පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත.
ඩොනල්ඩ් කරුණාරත්න මහතා මියයන විට 77 වැනි වියෙහි පසුවිය.
ඔහු ‘අහසින් පොළොවට’, ‘ගඟ අද්දර’, ‘කරුමක්කාරයෝ’, ‘යහළු යෙහෙළි’, ‘මලට නොඑන බඹරු’, ‘දඩයම’, ‘මායා’, ‘ක්‍රිස්තු චරිතය’, ‘පොරොන්දුව’, ‘සක්කාරං’, ‘ස්වරූප’, ‘වෛෂ්ණාවී’ ආදී චිත්‍රපට රැසක කැමරා අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළේය.
ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී ප්රශස්ත කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් හය වතාවක් සම්මාන ලැබූ ඔහු පසුගිය ජනාධිපති සිනමා සම්මාන උළෙලේ විශේෂ අභිනන්දන උපහාරයකින් පිදුම් ලැබීය.
ඩොනල්ඩ් කරුණාරත්න මහතා කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.
ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
(ඩයනා උදයංගනී)
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මෑණියන්ව
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාඊයේ(03) අභාවප්‍රාප්ත විය.
ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.
සමාජ සේවිකාවක වූ ලග්ගල පල්ලේගම ,දේවාලදෙණිය ,හත්තොට අමුණේ පී.ජී බණ්ඩාර මැණිකේ මාතාව අභාවප්‍රාප්ත වූවාය.
දෙණියාය මධ්‍ය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු වූ විශ්‍රාමික කිරමගේ සරත් මහතා රෝගීව සිට අභාවප්‍රාප්ත විය.
සම්මානනීය කැමරා අධ්යක්ෂ ඩොනල්ඩ් කරුණාරත්න සමුගනී