IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


සරසවිය හිටපු කතෘ අභාවප්‍රාප්ත වෙයි

පුවත්පත් කතුවරයකු, සිනමා ලේඛකයෙකු චිත්‍ර ශිල්පියෙකු ඇතුළු කලා ලෝකයේ නිර්මාණ රැසකට දායක වූ ජ්‍යේෂ්ඨ  පුවත්පත් කලාවේදී ඒ. ඩී. රංජිත් කුමාර මහතා අද (10) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට  ඒ මහතා 75 වන වියේ පසුවිය.

ප්‍රවීණ සහ ජනප්‍රිය ගායිකාවක වන දමයන්ති ජයසුරිය මහත්මියගේ සැමියා වන ඒ මහතා සරසවිය සිනමා පුවත්පතේ වත්මන් කර්තෘ නුවන් නයනජිත් කුමාර මහතාගේ පියාද වේ.

වයස අවුරුදු 17දි" කලා "සිනමා සඟරාවෙන් ලේඛන දිවියට පිවිසි ඒ මහතා  ඉන් පසුව විසිතුර ු සිනමා පුවත්පත හරහා වෘත්තීය ලේඛකයකු බවට පත්විය.

සිය පියාගේ හිතවතෙකු  වූ දිවංගත හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ නිර්දේශය මත එවකට ලේක්හවුස් සභාපතිවරයා හරහා සරසවිය පුවත්පත ට සම්බන්ධ වි ඇති රංජිත්කුමාර මහතා වසර 25 කට වැඩි කාලයක්  එහි ප්‍රධාන කතෘවරයා වශයෙන් කටයුතු කර තිබේ. සරසවිය  පුවත්පත  අනුග්‍රහයෙන් සරසවිය සිනමා සම්මාන උළෙලවල් 17ක් සංවිධානය කර ඇති අතර  පසු කලෙක සුමති පුවත්පත් සමාගමට  සම්බන්ධ වීමෙන් පසු සුමති  සම්මාන උළෙලවල් 20ක් සංවිධානය කර ඇත 

සරසි සිනමා පුවත්පතෙ කතුවරයෙක් වශයෙන් ද කටයුතු කර ඇති  ඒ මහතා දිනමිණ, ලක්බිම, ඉරිදා සංග්‍රහය, ඉරිදා ලංකාදීප, දිනපතා ලංකාදීප  ඇතුළු  පුවත්පත් ගණනාවකට සිනමා කලාවට සම්බන්ධ  පැරැණි පුද්ගලයින් පිළිබඳව ලිපි රැසක් ලියා ඇත.

ඔහු සම්මානලාභී  ලේඛකයන් රැසකගේ නවකතා ඇතුළු  ග්‍රන්ථ ගණනාවකට පිට කවරය සඳහා  කංචුක චිත්‍ර නිර්මාණයටද දායක වී  අතර  චිත්‍රපට කලා අධ්‍යක්ෂකවරයෙකු ද වේ.

හෙතෙම කොළඹ ආනන්ද විද්‍යාලයේ  ආදි ශිෂ්‍යයෙකි.

දේහය ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ හෙට (11) උදෑසන 8.00 සිට 10.00 දක්වා තැන්පත් කර ඇති අතර  ඉන්පසු පසුව උදෑසන දහයට කොතලාවල වෛද්‍ය  පීඨයට බාර දෙන බව  පවුලේ  සාමාජිකයෙකු පැවසීය.

(ආරියරත්න රණබාහු) 



අදහස් - (0)

සරසවිය හිටපු කතෘ අභාවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5478 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5071 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන සමුගනී
2025 පෙබරවාරි මස 25 297 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි
2025 පෙබරවාරි මස 20 4492 9

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 10005 4

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


කෙන් බාලේන්ද්‍ර සමුගනී
2025 පෙබරවාරි මස 03 2844 1

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site