(මොහොමඩ් ආසික්)
‘වර්තමාන රජය අද ණය බරයි ණය බරයි කිය කියා කෑ ගැහුවත් මට රට බාර දෙන කොට සියයට 103 ක් තිබුණ ණය බර නැවත මම භාර දෙන කොට තිබුණේ සියයට 69 ක 70ක් පමණයි. ‘ යැයි හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.
අද 21 වැනිදා මහනුවර පූජාපිටිය නගරයේ පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රචාරක රැළියක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එසේ කීය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ හිටපු ජනිධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.
‘‘මම රට බාර ගන්න කොට ණය බර සියයට එක සිය ගණනක් තිබුණා කියලා මමත් කිසි වැඩක් කරන්නේ නැතිව ණය බරයි ණය බරයි කිය කියා හිටියානම් මොනව වෙලා තියෙයිද? මම රට භාර ගන්න කොට ඒකසිය තුනට තිබුණ ණය බර මම ආපසු භාර දෙන විට සියයට 69 යි 70 යි. ඉතින් මොකද්ද බරේ. අපි ණය ගත්තා තමයි මේ අයත් ගත්තා නමුත් ගත්ත දෙයින් මේ අය කරපු දෙයක් නෑ. නමුත් අපි ණය අරගෙන රටට වැඩ කළා. පාරේ කාපට් දැම්මා, වරායක් හැදුවා,ගුවන් තොටුපළත් හැදුවා.
ලංකාවට පළමු වතාවට මහ මුහුදෙන් අක්කර 450 ක් එකතු කරලා කොළඹ නගරය පුළුල් කර හැදුවා. අක්කර සීයකට වඩා වැඩි ප්‍රමාණයක දූපතක් හම්බන්තොට හැදුවා. දරුවන්ට විද්‍යා අධ්‍යාපනය ලබන්න අපට මොනවද තිබුණ පහසුකම් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන්න මොනවද තිබුණ පහසුකම් මේවට තමයි අපි මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 1000 ක් රට පුරා හැදුවේ. නමුත් මේ අය ගිහින්ම හින්දෝදය කියන නම කපල දැම්මට ජනතාවගේ හදවගේ මහින්දෝදය නම හැමදාමත් තියෙනවා.‘ යැයි ද මහින්ද රාජපක්ෂ මහතා කීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
103% තිබුණු ණය බර 70%ට අඩු කළා - මහින්ද