ජනපතිගේ ජනතාවාදී වැඩපිළිවෙළට අතදෙමු කොරෝනා වසංගතය නිසා බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැගීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය, පොළොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැතිවරණ අපේක්ෂක සිරිපාල ගම්ලත් මහතා ඉකුත් දා පැවසීය. 16 June 2020
අපරාධත් රජයට බැරකර දේශපාලන වාසිගන්නවා රටතුළ සිදුවන අපරාධ රජයට සම්බන්ධ කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට යම් පිරිසක් උත්සාහ ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙරේදා (14) පැවසීය. 16 June 2020
ඡන්ද කොමිසමේ ඇතැම් ක්‍රියාමාර්ග භයානක පූර්වාදර්ශයක් මැතිවරණ කොමිසම මැතිවරණය සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග ගැන සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (15) පැවැසීය. 16 June 2020
‘’ආණ්ඩුව බලයට පත්ව මාස හයෙන් නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා’’ ආණ්ඩුව බලයට පත්ව මාස හයෙන් නීතියේ ආධිපත්‍යට අදාලව බරපතල බිඳවැටීම් ගණනාවක් සිදුව ඇති බවත් ඊට ඍජුවම හෝ වක්‍රව ආණ්ඩුව වගකිව යුතු යැයි ද ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේය. 14 June 2020
‘’රට වැටී ඇති අගාධයෙන් බේරාගැනීමට යළිත් වරක් එජාපය කැපවෙනවා’’ එක්සත් ජාතික පක්ෂය රටේ ජනතාවට ඇහුම්කන්දෙමින් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුව අනුවර්තනය වෙමින් සිටින බව පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 June 2020
ජනතා බලය නංවන්න නම් ඉක්මනින් ඡන්දය තියන්න පවුලක් විසින් රට පාලනය කිරීම වළක්වා ප්රජාතන්ත්රවාදී මූලධර්මයන්ට හෝ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට යටත් පාලනයක් ඇති කිරීමට හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10) පැවසීය. 11 June 2020
ජනාධිපති කාර්ය බළකාය පත්කිරීමේ ක්‍රමවේදය වැරැදියි සුරක්ෂිත රටක් - විනයගරුක, ගුණවත්ව, නීත්‍යානුකූල සමාජයක් ගොඩ නැගීම සඳහා වන බව සඳහන් කරමින් ජනාධිපති කාර්ය සාධන බළකාය පත්කර ඇත්තේ පිළිගත් ක්‍රමවේදවලට පටහැනි ආකාරයට බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය නිකුත් කරමින් සඳහන් කර සිටී. 11 June 2020
සමගි ජනබලවේගයේ ඩීල්කාරයෝ නෑ සමගි ජන බලවේගය සමග ඩීල්කාරයන් හෝ කළු චරිත හෝ නැති බවත්, පොදු ජනතාව සමග පවතින ඩීල් එකට අනුව මහ මැතිවරණය ජයග්‍රහණය කරා ගෙන යන බවත්, සමගි ජන බලවේගය නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය. 11 June 2020
කොරෝනා මර්දනයට දුන් ඩොලර් මිලියන 230ට මොකද වුණේ? ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදුන් ඩොලර් මිලියන 230 ක් මුදලට සිදුවූයේ කුමක් දැයි ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතුව ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) වැනිදා කොළඹදී පැවැසීය. 11 June 2020
’ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවට ආණ්ඩුව එල්ල කළ ප්‍රහාරය හෙළ දකිනවා’ ඇමරිකානු විරෝධයක් මවාපාමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස්වූ ජනතාවට පහරදීමෙන්ම වත්මන් ආන්ඩුවේ ඇමරිකානු ගති බාවය පෙන්නුම් කරන බව වමේ කේන්ද්‍රයේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා කොළඹදී පැවසීය. 10 June 2020
ජනපතිට අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට දියුණුවේ මාවතට ගෙනඒමට අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම අත්‍යවශ්‍ය තිබෙන බව විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (8) පැවැසීය. 09 June 2020
මහ ඡන්දයේදී තරග කරන්නේ එජාපයයි පොහොට්ටුවයි පමණයි මහ මැතිවරණයේදී බලය වෙනුවෙන් තරග කරන්නේ පක්ෂ දෙකක් පමණකැයි ඒ පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටු පක්ෂය පමණක් යයිද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොතදී ඊයේ (8) පැවැසීය. 09 June 2020
වසර 15 කින් බලමණ්ඩලය රැස්වෙලා නෑ “හම්බන්තොට දිස්ත්‍රික්කයේ 2005 වසරෙන් පසුව පක්ෂ බල මණ්ඩලය කිසි දිනෙක රැස්වූයේ නැතැයිද, දිගින් දිගටම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය පිරිහීමට පත්වූයේ මේ නිසා යැයි”ද එක්සත් ජාතික පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් නායක ආනන්ද කුලරත්න මහතා මාධ්‍ය හමුවේදී පැවසීය. 08 June 2020
රනිල් ඩීල් එක දැම්මේ රාජපක්ෂලාට තියෙන බයටයි ‘රනිල් වික්‍රමසිංහ නඩය මොකක්ද මේ කරන්නේ? දෝතින්ම ආණ්ඩුව බාර දුන්නා. බහුතරය අපට තිබුණා. අපට ආණ්ඩුවකට යන්න තිබුණා. එහෙමනම් අද අප මැතිවරණය කරන්නේ ආණ්ඩුව තියාගෙනයි. මේ ඩීල් එක කළේ රාජපක්ෂවරුන්ට තිබෙන බයටයි. ඒගොල්ලන්ගේ හොරකම් ටික අල්ලාගනීවී කියන බයට යයි. සමගි ජන බලවේගයේ බුලත්සිංහල සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතා මතුගමදී පැවැසීය. 08 June 2020
අසහනයට - පීඩනයට තිත තියනවා ‘‘අසහනයෙන් පීඩනයෙන් හා අපේක්ෂා භංගත්වයෙන් පිරුණු පාලනය වෙනුවට මනුස්සකම රජයන හිතක් පපුවක් ඇති පාලනයක් බිහි කරන බව’’ සමගි ජන බලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේදී ඊයේ (7)පැවසී ය. 08 June 2020
ලෝක බැංකුවෙන් දුන් ආධාරවලට මොකද වුණේ? කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා රජය අනුගමනය කරන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (7) පැවැසීය. 08 June 2020
සියලු දේශපාලන පක්ෂවලට සාධාරණව ඡන්ද දිනය තෝරාගන්න සියලුම දේශපාලන පක්ෂවල ප්‍රචාරණ කටයුතු සඳහා සමාන සහ සාධාරණ අවස්ථා ලැබෙන පරිදි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට හැකි දිනයක් තෝරාගැනීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. 07 June 2020
රාජපක්ෂලාගේ අරමුණ බලය ඇල්ලීමයි රාජපක්ෂලාගේ අරමුණ වී ඇත්තේ ජනතාවගේ මරණ උඩින් හෝ ගොස් රටේ බලය අල්ලා ගැනීම යැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී ඉකුත්දා (3) පැවසීය. 07 June 2020
රජයේ ආදායම - වියදම අතර පරතරය 9% කට නැගලා මේ වසරේ දී ශ්‍රී ලංකාවේ රජයේ ආදායම සහ වියදම අතර පරතරය සියයට නවයක් තරම් ඉහළ අගයක් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය. 07 June 2020
කොළඹ නගර සභාවෙන් සමගි ජනබලවේගයට සහාය නොදිය යුතුයි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ සියලුම නාගරික මන්ත්‍රීවරුන් උපරිම කැපවීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවට සහ සමගි ජන බලවේගය හෝ වෙනත් කිසිදු දේශපාලන කණ්ඩායමකට වක්‍රව හෝ සෘජුව සහයෝගය ලබා නොදිය යුතු බවට වන යෝජනාවක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ඒකමතිකව සම්මත වූ බව සිරිකොත ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය. 03 June 2020
’මැකෝටත් එජාපයටත් ඡන්දය කල්දාන්න තිබුණු අවසන් තුරුම්පුවත් නැතිවුණා’ ’මැතිවරණ කොමසාරිස්වරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් මැතිවරණය කල් දාන්න තිබූ අවසන් තුරුම්පුව අධිකරණ තීන්දුව නිසා නැතිවෙලා ගියා’ යැයි හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(03) පැවසීය. 03 June 2020
රජයේ වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්වෙන්න බෑ මාරාන්තික කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් ගැටලුවක් නැති වුවද ඒ නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රජය අනුගමනය කර ඇති වැඩ පිළිවෙළ ගැන කිසිසේත් සෑහිමකට පත්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 02 June 2020
තොණ්ඩමන්ලා ජාතිවාදය වැපුරුවේ නෑ ජනවර්ග නියෝජනය කරන බොහෝ නායකයන් පාර්ලිමේන්තු බලය ලබාගැනීම සඳහා ජාතිවාදය වැපුරුවද තොණ්ඩමන්ලා කවදාවත් එවැනි ක්‍රියා නොකළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් උත්සවයේදී පෙරේදා (31) පැවැසීය. 02 June 2020
සෞඛ්‍ය අංශ කොළ එළි දල්වා නැත්නම් මැතිවරණයක් සාර්ථක වෙන්නේ නෑ රටේ කොරෝනා වසංගතය තවදුරටත් පවතින තත්ත්වයක් යටතේ මහමැතිවරණය පවත්වන්නැයි සෞඛ්‍ය අංශ මෙතෙක් කොළ එළියක් පෙන්වා නැතැයිද එවැනි පසුබිමක මැතිවරණ පැවැත්වීම සාර්ථක වේ යැයි කිව නොහැකියැයි ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මාධ්‍යහමුවකදී පෙරේදා (27) පැවැසීය. 29 May 2020
සමගි ජන බලවේගයේ නාමයෝජනා එජාපයට එකතුවෙන්නේ නෑ සමගි ජනබලවේගයෙන් මහා මැතිවරණයට නාම යෝජනා දුන් කිසිවකුත් නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්නේ නැතැයි ද එලෙස එකතු වන එක් අයකු හෝ සිටී නම් පෙන්වන්නැයි අභියෝග කරන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය. 29 May 2020
නිරෝධායන පනත ශක්තිමත් කළ හැක්කේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් පමණයි නිරෝධායන පනත ශක්තිමත් කළ යුතු බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රසිද්ධියේ පවසා ඇතැයිද එලෙස නිරෝධායන පනත ශක්තිමත් කළ හැක්කේ පාර්ලිමේන්තුව නැවත කැඳවීමෙන් යැයිද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය. 29 May 2020
කොරෝනා පාලනය වුණේ රජය හරි තීන්දු ගත් නිසයි ශ්‍රී ලංකාව කොරෝනා වයිරසය පාලනය සම්බන්ධයෙන් සාර්ථක මට්ටමකට පැමිණ තිබෙන්නේ වත්මන් රජය ක්‍රියාකළ ආකාරය නිසා යැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පෙරේදා (26) පැවසුවාය. 28 May 2020
ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව බෝඩ්ලෑලි කල්ලිය භාරඅරන් සමගි ජනබලවේගයට පහරදීමේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව මේ වන විට බෝඩ් ලැල්ලක් බවට පමණක් පවත්ව ඇති එජාප කල්ලිය විසින් භාරගෙන ඇතැයි ද, මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බවට පුවතක් ප්‍රචාරය කෙරෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස යැයි ද සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. 28 May 2020
තෙල් සහනය නොදී බදුබර පැටවූ ආණ්ඩුව කටයුතු කරන්නේ බොරුවෙන්මයි කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට ලෝක වෙළඳපොළේ තෙල්මිල අඩුවීමේ සහනයවත් නොදි අසීමිත ලෙස බදු බරක් පටවමින් සිටින මේ ආණ්ඩුව බොරුවෙන් ඉපදී, බොරුවෙන් ජීවත් වී, බොරුවෙන්ම මිය යන්න හදන ආණ්ඩුවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26) පැවසීය. 27 May 2020
රාජිත නිදහස්කර ගන්න සෑම සටනක්ම කරනවා ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවය ගොඩනැංවීම සඳහා අමිල මෙහෙවරක් කළ රාජිත සේනාරත්න මහතා නිදහස් කරගැනීම සඳහා කළ යුතු සියලු ප්රජාතන්ත්රවාදී සටන් ක්‍රියාත්මක කරන බව සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවක දී ඊයේ (26) පැවැසීය. 27 May 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026