(අනීෂා මානගේ)
'මැතිවරණ කොමසාරිස්වරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් මැතිවරණය කල් දාන්න තිබූ අවසන් තුරුම්පුව අධිකරණ තීන්දුව නිසා නැතිවෙලා ගියා' යැයි හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(03) පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසූයේ බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළීතුරු දෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
'අපි සතුටු වෙනවා සියලු පාර්ශවයන්හි කරුණු විමසා බලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරන්න මේ අවස්ථාවේදී අධිකරණය මැදිහත් වී තිබෙනවා. මැතිවරණ කොමිසම බොහෝ වේලාවට උත්සාහ කළේ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවන් ඉෂ්ඨ කරන්නයි. එක්සත් ජාතික පක්ෂයේ සාමය ඇති වෙනකල් මැතිවරණය කල් දාන්නයි. එක්සත් ජාතික පක්ෂයේ අයට ඕනෑ විදියට නාමයෝජනා හදන්න මැතිවරණය කල් දාන්නයි. මේක තමයි අපි දැකපු දේ. මැතිවරණ කොමසාරිස්වරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් මැතිවරණය කල් දාන්න තිබූ අවසන් තුරුම්පුව අධිකරණ තීන්දුව නිසා නැතිවෙලා ගියා. අපි සතුටු වෙනවා මේ රටේ ජනතාවට පුළුවන් ජනතාවගේ ආණ්ඩුවක් දැන් තෝරාපත්කරන්න. ජනතාවට අවශ්‍ය මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට යවන්න.
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ අර්බුදය විසඳගන්න එක්සත් ජාතික පක්ෂය දැනගන්න ඕනෑ. අපිට ඇඟිල්ල දික් කළාට වැඩක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කුණුගොඩවල් හොයන්න අපිට වෙලාවක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ විනාශ වීමට සජිත් ප්‍රේමදාස මහත්තයා වගකියන්න ඕනෑ. නායකත්වයට විරුද්ධව ගිහින් නායකත්වයත් එක්ක හැප්පිලා පක්ෂය විතරක් නෙවෙයි දිස්ත්‍රීක්කයේ ජනතාවත් පාවා දීලා තමයි දිස්ත්‍රීක්කය අත්හැරලා යන්න ගියේ' යැයිද කීවේය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
’මැකෝටත් එජාපයටත් ඡන්දය කල්දාන්න තිබුණු අවසන් තුරුම්පුවත් නැතිවුණා’
Rata Perata Thursday, 04 June 2020 06:43 AM
මෙන්න බේබි නැගිටලා. අවස්ථාවාදී මිනිස්සු.
Siri Friday, 05 June 2020 05:47 AM
මහ ජනතාව කොවිඩ් අනතුරට මුහුණ පෑමට සලස්වා හෝ මහ මැතිවරණය පැවැත්වීමට රජයේ පාර්ශවවලට තියෙන හදිස්සිය මැකෝට කොහෙත්ම නැහැ. මැකෝ මැතිවරණය දෙස බලන්නෙ ජනතාවාදී ඇසකින් බවයි පේන්නේ. ඔහුට ඕනෙ වුනේ මහ මැතිවරණය අප්‍රේල් මස නොපවත්වා කල් දැමීමටයි. එය දැනටම සිදුවෙලා. ප්‍රජාව අතරින් තව දුරටත් කොවිඩ් රෝගීන් වාර්තා වෙන්නෙ නැත්නම් ඔහු මහ ජනතාව වෙනුවෙන් බලාපොරොත්තු වුන දේ සිදුවෙලා ඉවරයි.