(නිමල කොඩිතුවක්කු)
ඇමරිකානු විරෝධයක් මවාපාමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස්වූ ජනතාවට පහරදීමෙන්ම වත්මන් ආන්ඩුවේ ඇමරිකානු ගති බාවය පෙන්නුම් කරන බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමිර පෙරේරා මහතා කොළඹදී පැවසීය.
ආණ්ඩුවේ මෙම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධි, මර්දනකාරි වැඩපිළිවෙළ දැඩිව හෙළා දකින බවද ඔහු සඳහන් කළේය.
සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ අද(10* පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමිර පෙරේරා මහතා මෙසේද කීය :
‘‘ලිප්ටන් වටරවුම සහ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට එල්ල කල ම්ලේච්ච ප‍්‍රහාරය සමගි ජනබල වේගය විදියට අපි දැඩි ලෙස හෙලා දකිනවා. කාන්තාවන් අදගෙන ගිහින් දාන විදිය අපි දැක්කා. කාන්තාවන්ට ඒ විදියට සලකන්න බැහැ. මේක මානව විරෝධී තිරිසන් ප‍්‍රහාරයක්.
ආන්ඩුව පක්ෂ මේ රටේ ජනතාවටද ඇමරිකාවටද කියලා මේ ප‍්‍රහාරයෙන් අපි දැක්කා. රට ඇමරිකාවට විකුණනවා, රට බෙදනවා, රට ඇමරිකන් කොලනියක් වෙනවා කිය කිය ඇමරිකන් විරෝධයක් මවාපාමින් තමයි මේ ආන්ඩුව බලයට පත්වුනේ. එහෙම බලයට පත් වූ ආණ්ඩුව ඇමරිකානු තනාපති කාර්යාලය ඉදිරිපිට ජනතාව රැුස්වුනහම පහරදීලා දර පටවනවා වගේ මිනිස්සු උස්සගෙන පටවන් ගියා.
මේක තමයි මේ ආණ්ඩුවේ ඇත්ත සභාවය. ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ තමන්ට විරුද්ධ ක`දවුරු මර්ධනය කිරිමටයි. ඇමරිකාවට හෙම්බිරිස්සාවක් හැදුනුත් කිබුහුම් යන්නේ අද අපේ ආණ්්ඩුවටයි. මේක පුදුම ඇමරිකානු ගැති ආණ්ඩුවක්.
දැන් මේ ආණ්ඩුව එම්. සී. සී. ගිවිසුමත් හොර රහසේ අත්සන් කරන්න සූදානම් වෙනවා. දැනට මෙහෙමනම් එම්. සී. සි ගිවිසුම ගේනකොට විරෝධය පළකලොත් කොහොම සලකයිද කියලා ජනතාව අවබෝධ කරගත යුතුයි.
නිරෝධායන නීතිය ආරක්ෂා කරන මේ ආන්ඩුව තොන්ඩමන්ගේ අවමගුල් උත්සවයට මීටරයතක් තියා සෙන්ටිමිටරයක් බැලූවේ නැහැ. විරුද්ධ පක්ෂයට ගහන්න තියෙන ඝට ආන්ඩුවෙ අයට ගහන්න පොලිසියට නැහැ.
ආණ්ඩුව මැතිවරණයට කලින් මේ විදියට නිරෝධායන නීති යොදා ගනිමින් විරුද්ධවාදීන් මර්ධනය කරනවනම් මැතිවරණයෙන් පස්සේ කොහොම මර්ධනයක් ගෙනයාවිද කියලා අපිට තේරුම් ගන්න පුලූවන්.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
’ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවට ආණ්ඩුව එල්ල කළ ප්‍රහාරය හෙළ දකිනවා’
අබිලින් Thursday, 11 June 2020 12:53 AM
කවුරුත් තමාගේ එවුන්ට කරදරයක් කරන්න කවුරු හෝ සූදානම් වෙනවා නම් එය වැළැක්වීමට කටයුතු කරනවා තමයි. ඇයි ඔබ දන්නේ නැද්ද ලංකාවේ ආර්ථිකය දැනට පාලනය කරන්නේත් ඇමරිකන් පුරවැසියෙක් කියලා...