IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


අපේ ආණ්ඩුව ආ ගමන් බඩුමිල අඩුකරනවා

(*** නිමල කොඩිතුවක්කු)

එක රටක් එක නීතියක් යනුවෙන් පවසා බලයට පත් වූ වත්මන් ආණ්ඩුව ප්‍රභූන්ට එක නීතියකුත් සාමාන්‍ය ජනතාවට තවත් නීතියකුත් ක්‍රියාත්මක කරනවා යැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී පැවසීය.

සුරංගනා ලෝක මවමින් ආණ්ඩුව බලයට පත්වුවත් මාස හයක් යාමට මත්තෙන් රජයේ සැබෑ ස්වරූපය ජනතාවට ඒත්තු ගැන්වී ඇතැයි ද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ඇතුල්කෝට්ටේ සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීවේය.

‘2015 කලින් තාක්ෂණ විෂය පාසල් දරුවන්ගේ විෂය මාලාවට ඇතුළත් කළා. තාක්ෂණ විෂය තිබුණත් උසස් පෙළින් එහාට තාක්ෂණ උපාධියක් ගන්න බැරි තත්ත්වයක් එදා තිබුණා.

සියලුම විශ්වවිද්‍යාලවල තාක්ෂණික පීඨ ආරම්භ කරන්න කියා 2015 මා උසස් අධ්‍යාපන ඇමැති වුණාට පසු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මට කිව්වා.

ඒ අනුව මා ඇමැති කාලේ කැබිනට් පත්‍රිකා ගණනාවක් ඉදිරිපත් කර ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, කැලණිය, රජරට, මොරටුව, සබරගමුව, වයඹ, නැගෙනහිර, පේරාදෙණිය, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල දහයේ තාක්ෂණ පීඨ ආරම්භ කළා.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ගේ විශාල කැප කිරීම මත මා මේ කටයුතු කළා. මුලදී ගොඩනැගිලි තිබුණේ නැහැ. තාවකාලික ගොඩනැගිලිවල මේවා ආරම්භ කළා. මෙයට සමගාමීව හැම විශ්වවිද්‍යාලයකට නේවාසිකාගාර දෙක බැගින් දීමට ද මා කටයුතු කළා.

මෙම සංකල්පය සම්පූර්ණයෙන්ම උසස් අධ්‍යාපන මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සංකල්පයක්. ඔවුන් මේ වෙනුවෙන් විශාල කැප කිරීම කළා. එහෙත් පසුගිය කාලයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කිසිම ඇගයීමක් වෙලා නැහැ කියලා මේ ගැන දැනුවත් කරන්න කියලත් ඒ නිලධාරීන් මගෙන් ඉල්ලීම කළා.

පිටිපන විද්‍යා පීඨ පටන් ගත්තේ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඉඩමකයි. මේවාට අදාළ සියලු කැබිනට් පත්‍රිකා මා මාධ්‍යයට ඉදිරිපත් කරනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කළ කැපකිරීම ජනතාව දැනගත යුතුයි.

අද ගොවීන්ට පොහොර නැහැ. නිෂ්පාදනවලට මිලක් නැහැ. අද ගොවීන් විශාල අපහසුතාවට ලක් වෙලා ඒ වෙනුවෙන් ආණ්ඩුවේ කිසිදු වැඩපිළිවෙළක් නැහැ.

බ්රේක් නැති වාහනයක් වගේ අද රට යනවා. නිරෝධායන නීති සාමාන්‍ය ජනතාවට විතරයි ප්‍රභූන්ට වෙන නීතියයි. දළදා පෙරහර නිරෝධායන නීති දාලා ජනතාවට එන්න බැහැ. ප්‍රභූන්ගේ උත්සවවලට එහෙම බාධා නැහැ.

ආණ්ඩුව බලයට ආවේ එක රටක් එක නීතියක් කියලයි. අද ඒවා සිද්ධ වෙන්නේ නැහැ.

දැන් කොරෝනා වසංගතය මැද්දේ මැතිවරණයට යන්න රජය සූදානම් වෙනවා. මැතිවරණයකට මුහුණ දෙන්නේ කොහොමද? නීති රීති සකස් කරන ආකාරය ඉස්සෙල්ලා ඡන්ද ඉල්ලන අපෙන් අහන්න තිබුණා.

අප තමයි දන්නේ, මෙහි තියන ප්‍රායෝගික ගැටලු.

දැන් නීති රීති දිහා බලපුහාම ඡන්දය තියන්න නොව නොතියන්න හදපු නීති රීති බව පෙනී යනවා. මේ නීති රීති යටතේ ඡන්දය තිබ්බොත් සියයට හතළිහක්වත් ඡන්දය දෙන්නේ නැහැ.

දැන් ඡන්දය තියන්න පුළුවන් කිව්වට අනිත් පැත්තෙන් සෞඛ්‍ය අංශ කොරෝනා දෙවැනි රැල්ල ඇති වෙන්න පුළුවන් කියනවා.

ආණ්ඩුව ප්‍රශ්නයක් ඇති වුණොත් ඒකෙන් බේරෙන්නත් කතා කරනවා. කවුද ඇත්ත කියන්නෙ කියලා ජනතාවට දැන් ගැටලුව ඇති වෙලා.

ඒ මොනවා වුණත් අපේ ආණ්ඩුව පැමිණි වහාම බඩු මිල අඩුකර ජනතාවගේ ජීවන වියදම පහත හෙළන බවත් යළි කියන්න කැමැතියි.

මැතිවරණය තිබ්බොත් සමගි ජනබලවේගය විදිහට අප බහුතරයක් ගෙන ජනතාවාදී ආණ්ඩුව පිහිටුවනවා. ඒ සඳහා සහාය දෙන්න කියා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

අපේ ආණ්ඩුව ආ ගමන් බඩුමිල අඩුකරනවා

Chandra Friday, 19 June 2020 12:05 AM

කවදද දන්නේ නැහැ එන්නේ?

:       5       0

Wadantha Friday, 19 June 2020 05:16 AM

මෙයාලා වගේ අය හිතාගෙන ඉන්නේ රට මෙයාලට ඕන විදියට හැමදාම කරන්න පුළුවන් කියලා.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5427 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 632 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1984 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3665 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1560 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4689 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 147 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 294 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 947 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site