(මහේෂ් කිර් තිරත්න)
කරුණා අම්මාන්ගේ ප්‍රකාශය අනුව හමුදා නිලධාරීන් ඝාතනය කළ බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් ඊට අනුබල දීමත් පිළිබඳව වහා ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු බව සමගි ජනබල වේගයේ මාතලේ දිස්ත්‍රික් අපෙක්ෂිකා හිටපු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය අද (21) පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ මාතලේ පල්ලේපොල ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.
‘’අද වන විට මේ යුද්ධය කාලයේ කාන්තාවන් විශාල පිරිසක් වැන්දඹුවන් බවට පත් වුණා.එදා අරන්තලා භික්ෂු ඝාතනයට සෘජුව වගකිව යුත්තේ මේ කරුණා අම්මාන්.අපි අහනවා සැබැ දේශප්‍රේමි බෞද්ධයන් කියන මේ ආණ්ඩුව කරන නායකයින් මේ ගැන දැන් මොකද කියන්නේ .
වත්මන් රජය තුළ අද ජනතාවට ජිවත් විමේ නිදහසත් අහිමාවෙලා.දැඩි මර්දනකාරි තත්වයක් තියෙන්නේ.නිල නොවන මට්ටමේ හමුදා පාලනයක් තියෙන්නේ.රාජ්‍ය සේවය සඳහා හමුදා නිලධාරින් පත් කරමින් මේ රට ගෙනියන්නේ කොහාටද? එදා ජාතික ආරක්ෂාව හොදයි කියලා මේ ආණ්ඩුව බලයට පත් කළේ.නමුත් අද වන විට කරුණා අම්මාන් වැනි එල්ටිටිඊ සංවිධෘනයේ හිටපු නායකයින්ගේ ප්‍රකාශ අහනවිට රටේ ජාතික ආරක්ෂාව තියවද කියන එක ප්‍රශ්නයක්.
අපි මේ පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතුයි.බුද්ධිමත් ජනතාවක් විදිහට අප කල්පනා කළ යුත්තේ මේ රටේ ඉදිරි ගමන ගැනයි.කොරොනා වංසගතය ගැන කතා කරන එක අද අඩුවෙලා.රෝගින් වාර්තවීම් පිළිබඳව ජනතාවට නිසි දැනුවත් කිරීමක් නැහැ.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අද වන විට මේ මැතිවරණ ව්‍යාපාරය කරන්න සිදුවෙලා.ජනතාවට සහන දෙන බව පවසමින් අද බදු පිට බදු ගහලා.
එදා පැවති ආණ්ඩුව තිබුණනම් හන්දි හන්දි ගානේ මාධ්‍ය හමු තියලා ආණ්ඩුව විවේචනය කරනවා.දැන් එහෙම කළත් රූපවාහිනිවල ඒවා යන්නේ නැහැ.රටේ ඉදිරි ගමන ශක්තිමත් කරන්නනම් ජනාතව වග කියන පිරිසක් පාර් ලිමෙන්තු යැවිය යුතුයි මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හිටපු මන්ත්‍රිලා දෙන්නෙක් පසුගිය කාලය පුරාවටම පාර් ලිමෙන්තුවේ එක වචනයක්වත් කතා කළේ නැහැ.
මෙහෙම පිරිස් නැවත පාර් ලිමෙන්තු යවනවාද නැද්ද කියන එක ජනතාව තේරුම් ගෙන කටයුතු කළ යුතුයි’’ යැයි ඇය පැවසුවාය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘’කරුණා අම්මාන්ගේ ප්‍රකාශය පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුයි’’
Smana Sunday, 21 June 2020 09:51 AM
තවම ඉන්නේ සිරිසේන මහත්තයා නේද? මේ සිරිසේන මහත්තයාට කොන්දක් කියලා දෙයක් නැහැනේ. බොරුවට මහබැංකු නිලධාරීන්ට විතරයි සද්දෙ දාන්න පුළුවන්.. ඒ වගේම තොණ්ඩමන්ගේ මිනිස්සු කොරෝනා ලොක්ඩවුන් එක සත 5කට ගණන් ගත්තේ නැහැ. අපි බලාපොරොත්තු වුණේ පුටින් කෙනෙක්... හැබැයි ලැබුණේ සූටින් මාටින් කෙනෙක්...
Bamunuarachchi Monday, 22 June 2020 07:41 AM
‘’කරුණා අම්මාන්ගේ ප්‍රකාශය පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුයි’’ ඒ කාලේ ඔබ කොහෙද හිටියේ කරුණා අම්මාන් කියනකන් දැනගෙන හිටියේ නැද්ද? එය LTTE එකේ ඉන්නකොට මොකද කලේ කියලා. එතකොට අර සුදු කොඩි උස්සන් ආව මිනිසුන්ට වෙඩි තිබ්බා කියන එක ගැන මොකද කියන්නේ...?