මුදිතා දයානන්ද
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධයට එකතු වුණ 16 දෙනා ආවේ අපිව අවුල් කරන්න කියලා කවුරුහරි කියනවා නම් එය දේශපාලනය හරියට තෝරගන්නේ නැතිව කළ ප‍්‍රකාශයක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (18) පැවසීය.
ගම්මන්පිල මහතා මේ බව පැවසූයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධය සමඟ එක්වු 16 දෙනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ මතභේද හටගෙන තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු සපයමින් වන අතර ඔහු තවදුරටත් මෙසේද පැවසීය.
මේ වගේ එකවර ආණ්ඩුවක් අත්ඇරලා විපක්ෂයට 16ක් ආවාම වෙන රටක නම් මල්මාලා දාලා පිළිගන්නේ. දේශපාලනය හරියට තෝරාගන්න බැරි අය තමයි ඔවුන්ට විරුද්ධ වෙන්නේ. මේ ආණ්ඩුව ගෙදර යවන්න නම් පාර්ලිමේන්තුව තුළ අපේ අරගලය සාර්ථක කරගන්න අපිට 113ක් අවශ්‍යයි. මේ දාසයත් සමඟ තවත් පහක්වත් හිටියා නම් හොඳයි. මේක දාසය පිළිගන්න ආකාරය අනුව තමයි ඉතිරි අය එන්නේ. අපේ අය මේක දැගන්න ඕනෑ.
මේ 16 ඇවිත් තිබෙන්නේ ඒකාබද්ධය අවුල් කරන්න යැයි ඒකාබද්ධයේ ප‍්‍රධාන චරිතයක් වන කුමාර වෙල්ගම මහතා වගේම ප‍්‍රසන්න රණතුංග මහතාත් දක්වන අදහස සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.
ඒ දාසය දෙනාට අපේ කණ්ඩායම අවුල් කරන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් එයින් කියවෙන්නේ අපි කණ්ඩායමේ තිබෙන දුර්වල කමයි. අපි දීර්ඝ කාලයක් දේශපාලනය කරලා අත්දැකීම් ඇති පිරිසක්. පරණ තරහවල් හිතේ තියාගෙන හිටියොත් අපිට ඉදිරියට යන්න බැහැ. ඒ නිසා ඒ සියල්ල පසෙක දමා ඉදිරියට ආවොත් පමණයි අපිට ජයග‍්‍රහණයක් තිබෙන්නේ.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
16 දෙනා ආවේ අපිව අවුල් කරන්න කියන්නේ දේශපාලනය නොදන්නා අයයි
chathuri Monday, 18 June 2018 01:09 PM
තරුණ නඩයකට පක්ෂය භාර දෙන වෙලාව හරි
Saththaya Monday, 18 June 2018 01:53 PM
ඔන්න අහගන්න දේශපාලනයේ දක්ෂයන්ගේ කියමන්... අනික් සියලු දෙනා මෙතුමාව අනුගමනය කළොත් හැමෝම ගොඩෙ... දැන්වත් ඉගෙනගන්න.
siva Monday, 25 June 2018 09:44 AM
හරියට දේශපාලනය දන්නා කෙනෙක් වගේ...