(කේ බුද්ධික කුමාරසිරි )
’‘මේ දවස්වල ඒකාබද්ධ විපක්ෂය 20 වැනි සංශෝධනය පිළිබදව කිසිවක් කියන්නේ නැහැ. කෙටුම්පත පාර්ලිමේන්තුවට එනකම් කිසිවක් නොකියා ඉන්නයි තීරණය කරලා තියෙන්නේ. 20 වැනි සංශෝධනය කියන යකා ආපුවාහම බලලාම යකා හොදද නැද්ද කියල තීරණය කරන්නයි දැන් ස්ථාවරය වෙලා තියෙන්නේ.
ඒත් 20 වැනි සංශෝධනය කියන යකා ඔක්කොම නැටුම් ටික නැටුවට පස්සේ තමා වේදිකාවට එන්නේ. ඒ නිසා අපේ තීරණය නම් මුට්ටිය දානකොටම කුඩු පට්ටම් වෙන්න ගහන්න උවමනායි කියන එක’’ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඊයේ (01) කඩුවෙලදී පැවසීය
’‘ 20 වන ව්‍යවස්ථා සංශෝධන මර උගුල තේරුම් ගනිමු පරදවමු ’’ මැයෙන් කඩුවෙල මහ නගර සභා ශ‍්‍රවණාගාරයේදී ජාතික නිදහස් පෙරමුණේ පලාත් පාලන මන්ති‍්‍රවරුන්ගේ ජාතික හමුව පැවැති අතර එම අවස්ථාවේදී පැමිණ සිටි පිරිස අමතමින් මන්ති‍්‍රවරයා එසේ පැවසීය
එම අවස්ථාවේදී වැඩි දුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා
‘‘ කවුරුහරි 20 වැනි සංශෝධනයට පක්ෂයි කියනවා නම් ඒ අය කුමන කඳවුරක සිටියත් මේ කුමන්ත‍්‍රණයේ හවුල්කරුවෝ වෙනවා .අපි අනිවාර්යෙන්ම 20 වන සංශෝධන පරාජය කළ යුතුයි. මේ ආණ්ඩුවේ තුනෙන් දෙක නැති කළ යුතුයි. අර ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච 16 දෙනා ආඩපාලි කියන අය ඉන්නවා අපේ කඳවුරේ. හැබැයි ඒ 16 දෙනා අපේ පැත්තට එන එක ගැන සුභවාදීව බලන්න උවමනායි. ඒ ගැලවෙන්නේ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලයයි. ඒ 16 දෙනාට ‘‘සංචාරක කුරුල්ලන් ’’ කියමින් මේ ආඩපාලි කියමින් හදන්නේ අනියමින් ආණ්ඩුවේ උවමනාවන් සපුරාලීමයි .ඒ 16 දෙනාට අමතරව තවත් 6 දෙනෙකු අපි ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු උවත් මේ විදිහට සමච්චල් කිරීමෙන් ඉතිරි හය දෙනා අපේ පැත්තට ගන්න බැරි වෙනවා’’
‘‘ පසුගිය පලාත් පාලන මැතිවරණයෙන් මේ රටේ ඡන්ද දායකයින්ගේ ඉතා පිරිසිදු බෙදුම් ඉරක් පෙන්නුම් කලා ඒක රජයට පක්ෂ සහ රජයට විපක්ෂ වශයෙන් යනුවෙන්. ඒත් දැන් ජනතා විමුක්ති පෙරමුණෙන් ගෙන 20 වැනි සංශෝධන මගින් ඉදිරියේදී ජනාධිපතිවරණය සමඟ ජනමත විචාරණයක් සිදු වෙනවා. එහිදී 20 වැනි සංශෝධනයට පක්ෂයි කියා ඡන්දය පාවිච්චි කළොත් පැහැදිලිව රජයට පක්ෂව සහ විපක්ෂව ඇති වී තිබෙන බෙදුම් ඉර රජයට කැමැති ආකාරයෙන් ඇදිය හැකි බෙදුම් ඉරක් බවට පත් වෙනවා. එය විපක්ෂයට බොහෝම අවාසිදායකයි එය කඩා වැටෙන්න යන ආණ්ඩුවට ගහපු මුක්කුවක් බවට පත් වෙනවා’’
‘‘කවුරුහරි කියනවානම් 20 වැනි සංශෝධනයට පක්ෂයි කියා ඒ කියන්නේ ආන්ඩුවට පක්ෂයි කියලයි මේ රට වනසන රට බෙදන්න හදන රට විකුණන්න කුරුමාණන් අල්ලන තක්කඩි දේශ ද්‍රෝහී ආණ්ඩුවත් එක්ක එකට හිට ගන්න කියලයි ඒ කියන්නේ. මේ 20 වැනි සංශෝධනය ගෙන එන ජනතා විමුක්ති පෙරමුණ මේ දේශ දෝහී හවුලට මුට්ටිය අල්ලන්න මාර්ගයක් හදා ගන්නයි මේ හදන්නේ .
ඉදිරි ජනාධිපතිවරණය ජනමත විචාරණයක් බවට පත් කරගෙන අපකීර්තිමත් හංස පූට්ටුව යළිත් බලයට ගෙන එන්නයි මේ ජනතා විමුක්ති පෙරමුණේ උත්සාහය. 20 වැනි සංශෝධනයට සහයෝගය දීලා ජනමත විචාරණයේදී නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් කියල ජොකියෙක් ගෙන ආවහම ඒකට සහයෝගිය නොදී සිටිය හැකිද . ජනාධිපතිවරණය කියන සුන්දර ලළනාව පෙන්නගෙන මේ අරං යන්නේ ගුබ්බෑමකටයි’’
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
20 මුට්ටිය දාද්දිම කුඩු කරන්න විමල් සැරසෙයි