IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


20 වැනි සංශෝධනයට පෙර මහා සංඝරත්නයේ අනුශාසනා ලබාගන්න තිබුණා

 

 
(නිමල කොඩිතුවක්කු)

මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙන්ම ලබාගන්නා බව සිය කථාවේදි ප්‍රකාශ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාට 20 වන සංශෝධනය සම්මත කරගැනීමේදීත් එම ක්‍රමවේදය අනුගමනය කිරීමට ඉඩ තිබූ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ  සභාපති කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.

මහා සංඝරත්නය විසිවන සංශෝධනය පිලිබදව පල කරන ලද අනුශාසනාවන්ට සවන් දුන්නේ නම් ජනාධිපතිවරයාට  ජනතාවගේ ගෞරවය වඩ වඩාත් ලබාගනීමට හකියාව තිබු බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

එමෙන්ම ප්‍රසම්පාදන කොමිෂන් සභාව බල සහිත වූවානම්,මේ දිනවල දිනපතා වාර්ථාවන මහා පරිමාණයේ ටෙන්ඩර් අක්‍රමිකතා මගින් සිදුවන බිලියන ට්‍රිලියන ගණන් වල මහ දවල් කොල්ලකෑම් සිදු නොවනු ඇතැයිද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කොළඹ ජානකී හෝටලයේ අද(19) කැඳවූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා මෙසේද කීවේය.
    
“ජනාධිපතිතුමා ඊයේ සිදු  කරන ලද ජාතිය ඇමැතීමේ කතාවට අප සවන් දුන්නා. එතුමාගේ පදවි ප්‍රාප්ති සංවත්සරයට අපද සුභ පතනවා.

එතුමාගේ පාලනය යටතේ නිදහස් හා සාදාරන මැතිවරණයක් පැවැත්වීමට  කටයුතු කල බව එම කතාවේදී සඳහන් කළා. අප එය අගය කරනවා. ඒ සමගම අප එහිදි මේ රටේ ජනතාවට සිහිපත් කල යුතු කාරනයක් තියෙනවා.

එක්තරා කාලයක සිට මේ රටේ මැතිවරණ ක්‍රමය කෙරෙහි ජනතාව සිටියේ ඉතාමත්ම අප්‍රසාදයකින් හා බරපතළ වේදනාවකිනුයි. වයඹ මැතිවරණය ඊට කදිම උදාහරණයක්.

2015 ජනාධිපතිවරණයේදීත්  මනුෂ්‍ය ඝාතන සිදු වුනා. විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ රැළිවලට පහර දුන්නා. මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටියා. එම සංස්කෘතිය වෙනස් කලේ 19 වන සංශෝධනය යටතේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමෙන් පසුවයි.

මාදුලුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ සාධාරන සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයට නායකත්වය දෙමින් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සදහා ගෙනගිය අරගලය මෙහිදී අප ගෞරවයෙන් සිහිපත් කරනවා.

එමෙන්ම එතුමා සිය කතාවේදී මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙනම ලබාගන්නා බව සදහන් කලා. මහා සංඝරත්නය නියෝජනය කරන  උපදේශක කමිටුවක් සෑම මසකට වරක්ම රුස් වන බව සදහන් කලා. අප ඒ ගන අතිශයින්ම සතුටට පත්වනවා.

20 වන සංශෝධනය සම්මත කරගැනීමේදීත් එම උපදේශක මන්ඩලයේද අදහස් ලබා ගනිමින් මේ රටේ මහා සංඝරත්නය ඒ පිලිබදව පල කරන ලද අනුශාසනාවන්ට සවන් දුන්නේ නම් එතුමාට යහපත් අදහසකට එලබීමට හැකියාව තිබුණා. එමගින් ජනතාවගේ ගෞරවය වඩ වඩාත් ලබාගනීමට හකියාව තිබුණා.

අප මේ කරුනු සදහන් කරන්නේ ඉතාම සද්භාවයෙන් රට ගැන යහපත් අපේක්ෂාවකිනුයි. ඒ වගේම  මේ රටේ පවත්නා දූෂණ හා වංචා තුරන් කිරීම  සදහා එතුමා තුළ පවත්නා අපේක්ෂාව පිලිබදවත් ජාතිය අමතමින් එතුමා අවධාරණය කළා. එය ඉතාමත් වැදගත් අපේක්ෂාවක්. එම කටයුත්ත සාර්ථක ලෙස ඉටු කිරීමට හැකියාව ලැබේවායි අප අවංකවම ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම මේ දිනවල දිනපතාම මාධ්‍යයේ පළවන මහා පරිමාණයේ ටෙන්ඩර් අක්‍රමිකතා ඇසෙන විට අපට දැඩි වේදනාවක් ඇති වෙනවා. ලංකාවේ ටෙන්ඩර් මගඩි මාෆියාව ඉතා බලවත්. වර්තමානයේ දී ප්‍රසම්පාදන කොමිෂන් සභාව බල සහිත වූවානම්, දැන් අපට ඇසෙන බිලියන ට්‍රිලියන ගණන් වල මහ දවල් කොල්ලකෑම් ඇතිවන්නේ නැහැ.

අපට මතක ආකාරයට 1980 දශකයේ සිට ඒ ඒ යුගයන්හි පැවති රජයන්ට මෙම මාෆියාව මර්ධනය කිරීමට උවමනා වුණා. නමුත් මාෆියාවේ තිබුණ බලවත්කම නිසා එම උත්සාහයන් සාර්ථක වූයේ නැහැ. අවංක මැති ඇමතිවරුන්, ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් එහිදී අසරණ වුණා.

මේ හේතුවෙන් 2015 නව රජයේ ප්‍රතිපත්ති සැකසීමේ දී  රටේ ජනතාවගේ යහපත උදෙසා පූර්ණ බලැති කොමිෂන් සභාවක් ඇතිකිරීමේ වැදගත්කම රජය විසින් තේරුම් ගත්තා. මෙම නව ප්‍රසම්පාදන කොමිසම සැකසීමේ දී ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රචලිත රටවල ඇති නවීන ක්‍රමවේද උපයෝගී කරගත්තා.

ඒ අනුව සකස් කළ ප්‍රසම්පාදන පනත උසස් ගණයේ යෝජනාවලියක් ලෙස සලකන්නට පුළුවන්. කරුණු නොදැන අධිකරණ අමාත්‍යවරයා ප්‍රසම්පාදන කොමිසම අවුරුදු 5ක කාළයක් කළේ කුමක්ද කියා ප්‍රශ්ණ කරන එක ගැන අද අප කණගාටුවට පත්වනවා.

අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර මැතිතුමා විසින් ඉකුත් ඔක්තෝම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේ දී සිදුකළ කථාව උත්තරීතර පාර්ලිමේන්තුවත් මේ රටේ මහජනතාවත් නොමඟ යවන්නක්. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන කොමිසම ස්ථාපිත කිරීම සඳහා ගනු ලැබූ උත්සහය අප තේරුම් ගතයුතුයි.

මෙම කොමිසමේ කටයුතු ආරම්භ කළේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ 2018.05.09 දිනැති, අංක 2070/15 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබීමෙනුයි.
                     
2018 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ජනාධිපති කාර්යාලයේ සහ කැබිනට් මණ්ඩලයේ සමාලෝචන වලින් පසුව 2019 ඔක්තෝබර් 12 වන දින අංක 2144/60 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබුවා.

නමුත්, එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූයේ මැතිවරණ දෙකක් ආසන්නව පැවති නිසයි. එහෙයින් එම පනතේ වලංගුභාවයට එය බලපෑවා.

මේ වෙනුවෙන් අප දැරූ උත්සාහය වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා දන්නවා. එකී අවුරුදු 4 1/2 ආසන්න කාළය තුළ මෙම පනත විවිධ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති කාර්යාලය, හා අවසානයේ නීතිපති දෙපාර්තමේන්තුවේ සිර වී තිබුණා

සමහර දෙපාර්තමේන්තු තුළ දී අනිසි ලෙස ප්‍රමාද ඇතිවූයේත් ටෙන්ඩර් මාෆියාව ක්‍රියාත්මක වූ නිසයි. ලෝකය පුරා තොරතුරු තාක්ෂණය, නිෂ්පාදනය, ඉදිකිරීම්, සේවා හා සැපයුම් විශාල ලෙස වර්ධනය වීමත්, ජාත්‍යන්තර වෙළඳාම් හා ආයෝජන පරිමාවන් පුළුල් වීමත්, සමඟ බොහෝ රටවල් තම ප්‍රසම්පාදන නීති හා පටිපාටි පසුගිය දශකය තුළ නවීකරණය කරගෙන තිබෙනවා.

නව සංකල්ප ප්‍රසම්පාදන ක්‍රියාවළියට හඳුන්වා දී එහි කාර්යක්ෂමතාවය හා ආර්ථික ඵලදායී බව වර්ධනය කිරීමට උපමාන හඳුන්වා දී තිබෙනවා. නමුත් අප රටේ සිදුවූ බොහෝ ප්‍රමාද කිරීම් හා නිසි සැලකිල්ලක් නොදැක්වීමේ හේතුවෙන් ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලිය දශක කිහිපයකින් ආපස්සට ගොස් තිබෙනවා.

කණගාටුවෙන් වුවත් අප එය සඳහන් කල යුතුයි. නමුත් එම තත්වය වහාම වෙනස් කරගනිමින් ප්‍රසම්පාදන කොමිසම මේ රට තුළ බලාත්මක කල යුතුබව අපගේ අදහසයි.

ඒ සඳහා අප මේ හඬ නගන්නේ ඒ තුළින් මහා පරිමාණයේ ජාවාරම් නතර කල හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ දැඩි ලෙස විශ්වාස කරන නිසයි.

ඒ අනුව අප ජනාධිපතිතුමාගෙන් මෙන්ම අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයෙන් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින්නේ ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලිය බලාත්මක කිරීම සඳහා නොපමාව කටයුතු කරන ලෙසයි.

එය ඉතා හදිසි ජාතික යුතුකමක් වශයෙන් සළකන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා” යැයිද කරු ජයසූරිය මහතා එහිදී පැවසීය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයසේකර සහ නීතීඥ නාමල් රාජපක්ෂ යන මහත්වරුද මෙම අවස්තාව සඳහා එක්ව සිටියහ.

 



අදහස් (1)

20 වැනි සංශෝධනයට පෙර මහා සංඝරත්නයේ අනුශාසනා ලබාගන්න තිබුණා

Raveendra Saturday, 21 November 2020 07:21 AM

කතාවටම නායකය වෙලා හිටියත් කරු අයිය... සමර්සෝල්ට් ගහන්නද හොරගල් මේ අහුලන්නේ... මල් වට්ටිය ඔලුව උඩින් තිබුනත් මේ හාදයාට... සැප සම්පත් විඳින්නමනේ මේ තටමන්නේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 399 1

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 520 6

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5942 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 703 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2029 33

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3735 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 200 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 378 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1121 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site