(නිමල කොඩිතුවක්කු)
අගමැතිවරයාව නිකමෙකු කර, පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත්කරන 20 වැනි සංශෝධනය පරාජය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනා පෙළ ගැසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා කොළඹදී අද (25) පැවසීය.
රටේ ජනතාවගේ ජීවන ප්‍රශ්නයට, රැකියා ප්‍රශ්නයට, ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලට විසඳුමක් නැති වත්මන් ආණ්ඩුව ඒකාධිපතියකු බිහිකිරීම වෙනුවෙන් විසිවැනි සංශෝධනය පස්සේ දිවයන බව ද මන්ත්‍රීවරයා කීය.
කොළඹ, මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මෙසේද කීය.
“ජීවන වියදම වැඩිවීම ඇතුළු රටේ ජනතාවගේ සියලුම ප්‍රශ්න හමුවේ මේ ආණ්ඩුව විසිවැනි සංශෝධනය ඉදිරි පත්කර තිබෙනවා. විසිවැනි සංශෝධනය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට නිදහසට සිදුවන මරු පහර පිළිබඳව ජනතාව අද හොඳ අවබෝධයකින් කටයුතු කරනවා.
මාධ්‍ය, සිවිල් සංවිධාන වගේම සියලු ආයතන, රාජ්‍ය සේවකයන් 20 පිළිබඳව අද වැඩි අවධානයක් යොමු කළ තියෙනවා. 20 මගින් නීතියට, අධිකරණයට සිදුවන බලපෑම පිළිබඳ නීති විශාරදයන් පවා මත ඉදිරිපත් කරලා තියෙනවා. නීතිය, අධිකරණය, පොලීසියට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන විස්සේ බලපෑම පිළිබඳ නීතිඥ සංගමයේ අදහස අපි දැනගන්න කැමතියි. ඒ අය මේකට එකඟ වෙනවාද වෙනවාද නැද්ද කියලා හරි රටට ප්‍රකාශ කළ යුතුයි. නීතියට ගරු නොකර තම අභිමතාර්ථ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව ආණ්ඩුව අද සකස් කරමින් යනවා. එහෙම නැතුව රටේ ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුව කිසිවක් කරලා නැහැ.
මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට ගෙන ඒම දක්වා කටයුතු කළ මේ ආණ්ඩුව පසුගිය දවසේ දී පිල්ලෙයාන්ට සම්බන්ධීකරණ කමිටුවක සභාපතිත්වය පිරිනමා තිබෙනවා. මේ විදියට තමයි අද ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්සා කරන්නේ.
මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකින් තියලා තමන්ට ඕන ඕන විදියට අධිකරණය නීති හසුරුවන්න කටයුතු කරමින් සිටිනවා. එක නීතියක්, එක රටක් යැයි පැවසුවත් අද රටේ එවැනි තත්වයක් නැහැ. විසිවැනි සංශෝධනය ගෙන ඒමේ ආණ්ඩුවේ බලාපොරොත්තුව ඒකාධිපති ගමනක නිරත වීමයි. දහ නමයෙන් රටට හිමිවූ ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හරවා ජනතාව ඒකාධිපති ගමනකට යන්න සූදානම් ද කියලා මේ ආණ්ඩුව විස්සෙන් ලිට්මස් පරීක්ෂාවක් කරන්න හදනවා.
සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කළේ පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන්. ඒ සදහා පාර කපා ගැනීමට තමයි මේ විසි වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර තිබෙන්නේ.අගමැතිවරයා නිකම්ම නිකම් නිකමෙක් කරලා පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත් කරන්න තමයි විසිවන සංශෝධනය මගින් මේ අය සූදානම් වෙන්නේ.
ව්‍යවස්ථාදායකය, අධිකරණය තමන්ට ඕන විදියට හසුරවන්න ජනාධිපතිවරයාට බලය ලබාදීමට ද මේ රටේ ජනතාව මේ වෙනස කළේ කියලා අපි අහනවා. මේ ආණ්ඩුවට ඡන්දය දීපු ජනතාවගෙන් අපි යනවා දැන් සනීපයි ද කියලා.
විගණනය කරන්නෙ නැතුව ප්‍රසම්පාදනය කරන්නෙ නැතුව තමන්ගේ ගජ මිතුරන්ට සලකන්න තමයි මේ ආණ්ඩුව හදන්නේ.විදේශීය ශ්‍රමිකයන් ලංකාවට එද්දී ඔවුන්ව නිරෝධායනය කිරීමේ කටයුතු සඳහා ඇවන්ගාඞ් සමාගම නම් කරලා තියෙනවා. තමන්ට ආණ්ඩු ගන්න වැඩ කරපු අයට අද මේ අය සලකමින් ඉන්නවා.
රැම්සා තෙත් බිම් විනාශ කරපු, කුරුණෑගල පුරාවස්තු විනාශ කරපු අයට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. දැනට මෙහෙමනං විසිවන සංශෝධනය සම්මත වුනාම කොහොම හැසිරෙයිද කියල අද ජනතාවට අවබෝධයක් තියෙනවා.මේ ආණ්ඩුව මේ විදියට හැසිරෙනවා නම් පාර්ලිමේන්තුවක් රටට අවශ්‍ය නැහැ''යි මන්ත්‍රීවරයා පැවසීය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘අගමැතිව නිකමෙක් කර-පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් කරගන්න යනවා’
විජේ Saturday, 26 September 2020 05:03 AM
අවස්ථාවාදීන් නම් පිළිකුල් සහගතයි. දේශපාලකයෙක් ලෙස ඔබ ඉටුකර ඇති එකම එක යුතුකමක්වත් සඳහන් කරන ලෙස ඉල්ලා සිටිමි. ස්තූතියි...!!!
bamunuarachchi Saturday, 26 September 2020 01:36 PM
ඉන්න අගමැති ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැතිනම් ඔහේලාට තිබෙන අමාරුව මොකක්ද? ඔහේලා 3000ක් පමණ ආණ්ඩුවක් පිහිටුවා ගන්න පුළුවන් වුණොත් ඕවා වෙනස් කරගන්න.
චමින්දSunday, 27 September 2020 01:34 AM
අබමල් රේණවක තරමට මොළයක් නැති ගල්යුගයේ සිටින බමුණු අදහස් තියෙනවුන්ට නොතේරුනාට එකාධිපති පාලනයකට සූදානම් වෙනවා කියලා මොන්ටිසෝරි යන දරුවෙක් එයාගේ යාළුවට කියනවා මට ඇහුනා.
Senarath Sunday, 27 September 2020 03:29 AM
එතකොට ඔය කියන කිසිම බලයක් නොමැති අගමැතිද 2003 දී ප්‍රභාකරන් එක්ක ගිවිසුම් අත්සන් කලේ.