(අංජුල මහික වීරරත්න)
”අනාගත තරුණ පරපුර ලෝකයට ණය කර හිඟන ජාතියක් බවට පත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් නැතැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරියේදී පැවැසීය.
අදට වඩා හොඳ හෙටක් බිහි කිරීම සඳහා වන මූලික පදනම මේ වනවිට ජාතික රජය විසින් දමා අවසන් බව ද අග‍්‍රාමාත්‍යවරයා කීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ තරුණ සංවර්ධන කොඩි ව්‍යාපාරයේ ප‍්‍රථම කොඩිය පැළඳවීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවැති කෙටි උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ මහතා අගමැතිට ප‍්‍රථම තරුණ සංවර්ධන කොඩිය පැළඳවීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.
”යොවුන් කොඩි දින සැමරුම ආරම්භ කළේ 1985 වසරේදීයි. පසුගිය වසරේදීත් සාර්ථක අයුරින් කොඩි දිනය පැවැත්වූවා. මුදල් සොයා ගත්තා. ඒ අයුරින්ම මේ වසරේදීත් ජනතාව සාර්ථක අයුරින් උපකාර කරාවි යයි මා සිතනවා.
ජනතාවගේ කැපවීමෙන් ලබන මුදල් පමණක් නොව ඊටත් වැඩිපුර මුදල් රජය වෙන් කරනවා. විශ්වවිද්‍යාලවලින් නිකුත් කෙරෙන විවිධ කෘති සඳහා ආධාර දීමට රුපියල් මිලියන සියයක මුදලක් වෙන් කළා.
එමෙන්ම ”ගමට කෝටියක්” වැඩසටහන සඳහා තවත් මුදල් වෙන් කරනවා. සියලූ දේ කරන්නේ තරුණයන් අනාගත වගකීම බාර ගන්න පරපුර ලෙස ශක්තිමත් කිරීමටයි. අපිට අවශ්‍ය වන්නේ තරුණයන්ට අපටත් වඩා හොඳ අනාගතය දීමටයි. අපි ඒ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.
නිදහසේ ජීවත් විය හැකි සමාජය අපි නිර්මාණය කළා. ඕනෑම කෙනකුට බයක් සැකක් නැතිව ආණ්ඩුවට දොස් කියන්න අද පුළුවනි. තොරතුරු දැන ගැනීමේ අයිතිය තිබෙනවා. පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාදායක බලය ගෙන සිටිනවා. සියලූ දේ සඳහා අප ආධාර උපකාර කළා.
එපමණක් ද නොවෙයි. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මේ වනවිට නිවාස ඉදි කිරීමට පියවර ගෙන තිබෙනවා. ජාතික ණය රටට විශාල ප‍්‍රශ්නයක් වී තිබුණා. ජාතික ණය තරුණ පරපුරට උරුම කරන්න වේදැයි සැකයක් තිබුණා. 2020 වනවිට ණය හොඳින් පාලනය කර 2025 වසර වනවිට කිසිදු ප‍්‍රශ්නයක් නැතිව ණය ගෙවා දැමීමට හැකි පසුබිම නිර්මාණය කළා.
එමෙන්ම විශාල සංවර්ධන කටයුතු ද ආරම්භ කරනවා. හම්බන්තොට දියුණුව, කොළඹ දියුණුව, කළුතර කර්මාන්තපුරය, ගාල්ල ප‍්‍රදේශයේ සංචාරක වැඩසටහන්, මහනුවර දියුණුව එමෙන්ම වයඹ කර්මාන්ත හා සංචාරක දියුණුව, බස්නාහිර මහ නගරය, ත‍්‍රිකුණාමලය දියුණුව වැනි විශාල වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා.
එමෙන්ම මොරගහකන්ද මෙන්ම මල්වතුඔය ව්‍යාපාරය ආරම්භ කරනවා. මේ අයුරින් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් තිබෙනවා. ඒ තුළින් කරන්නේ ඔබට හොඳ අනාගතය නිර්මාණය කරන්න හැකියාව ලැබේවි.
අපනයන කර්මාන්ත දියුණු කිරීමෙන් සීඝ‍්‍ර ලෙස මුදල් උත්පාදනය කිරීමට හැකියි. නැවත ණය ගන්නා ජාතියක් හෝ හිඟන ජාතියක් හෝ බවට පත්වීමට අවශ්‍ය නැහැ. ඊට වඩා හොඳ අනාගතය ඔබට ලබාදීම මගේ අරමුණ” යයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද සහභාගි විය.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
අනාගත පරපුරත් හිඟන ජාතියක් කරන්න සූදානම් නෑ