IMG-LOGO

2025 අප්‍රේල් මස 14 වන සඳුදා


අනුපාත ඡන්ද ක‍්‍රමය වෙනස් කර ජනපති ක‍්‍රමය අහෝසි කළොත් රටම අස්ථාවරයි

(නිමල කොඩිතුවක්කු)

අනුපාත ජන්ද ක‍්‍රමයත් වෙනස් කර ජනාධිපති ක‍්‍රමයත් අහෝසි කළහොත් රට අස්ථාවර වන බවත් මෙමගින් රටට පාලනයක් නැති තත්ත්වයක් ඇතිවෙන බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (03) පැවසීය.

බත්තරමුල්ල පන්නිපිටියේ ජාතික හෙළ උරුමය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

අමාත්‍යවරයා මෙසේ ද කීය.

මේ ආණ්ඩුව 2015  අගෝස්තු මාසයේ පැවති මැතිවරණයෙන් බලයට පත්වුණායින් පස්සේ නව ව්‍යවස්ථාවක් තැනීම පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අද ඔය එළියේ මොනවා කතා කළත් ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම එකඟ වුණා. ඒ 225 දෙනාගෙන්ම සමන්විත ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පාර්ලිමේන්තුවම පත්වුණා.

මේ පිළිබ`ද දිගින් දිගටම එකඟතාවන් ඇති කරගන්න අපහසු වෙනකොට මෙහෙයුම් කමිටු ලේකම් කාර්යාලය විසින් එතෙක් කළ සාකච්ඡාවල සටහන් පදනම් කරගනිමින් ලියවිල්ලක් සකස් කළා. ඒ ලියවිල්ල තමයි මේ අතුරු වාර්තාව නමින් නිකුත් වෙලා තියෙන්නේ.  මේ අතුරු වාර්තාවේ තියෙනවා වාර්තා 09ක්.  එක වාර්තාවක් තමයි මේ ලේකම් කාර්යාලය විසින් සාකච්ඡා සටහන් පදනම් කරගනිමින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය. ඒ යෝජනාවලියට එක්සත් ජාතික පක්ෂය එකඟ බව අගමැතිතුමා ප‍්‍රකාශ කරලා තියෙනවා. තවත් ලේඛන 08 කින් වෙනත් දේශපාලන පක්ෂ අදහස් දක්වලා තියෙනවා.

එතකොට මෙතන තියෙනවා වාර්තා 09ක්. මේ රට බෙදනවා බුද්ධාගම ගලවන්න හදනවා ආදී වශයෙන් කියන්න කිසිම හේතුවක් නැහැ. ඒ අනුව පේන්න තියෙනවා මේ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවේ ප‍්‍රධාන සහකාර පක්ෂවල හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල හෝ මේ රටේ ඒකීය භාවයට හානි කරන වැඩපිළිවෙළක් හෝ බුද්ධාගමේ ප‍්‍රමුඛස්ථානය නැති කරන වැඩපිළිවෙළක් හෝ ජාතික ආරක්ෂාව සඳහා හෝ හානි වෙන වැඩපිළිවෙළක් මෙතන නැති බව.

මෙතන සාකච්ඡාවක් ඇති වෙලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අතීතයෙත් එවැනි වාර්තා ඉදිරිපත් වුණා. දැන් මේ හුඟක් දෙනෙක් දේශපේ‍්‍රමීන් වෙන්න දඟලනවා.  මහින්ද රාජපක්ෂ මහතා 2006 දි සර්ව පාක්ෂික වාර්තාවක් කැඳෙව්වා. ඒකේ තිස්ස විතාරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විද්වද් කමිටුවක් පත්කළා. එතුමන්ලත් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක පැහැදිලි රට බෙදන පෙඩරල් වාර්තාවක්. ඒක තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වාර්තාව. එදත් අපි ජාතික හෙළ උරුමය විදියට වෙනම වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වගේම ඒ විද්වද් කමිටුවේ සුළුතරය තවත් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ  මුළු කමිටුවේම ලේඛන ඔක්කොම එක්කහු කළාට පස්සේ  පිටු    12,000 ක වාර්තාවක් නිකුත්වුණා. මේ වගේ ඉතිහාසයේ විටින්විට මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ වාර්තා නිකුත් වෙලා තියෙනවා. නිශ්චිතව  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ලියවිල්ලක් මේ මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළේ චන්ද්‍රිකා කුමාරතුංග  මැතිනිය විතරයි. ඒ 2000 වසරේදී. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වුණේ  නැහැ. 

ජාතික හෙළ උරුමය  අපේ ස්ථාවරය ප‍්‍රකාශ කරලා තියෙනවා. ඒක  ඕන කෙනෙකුට කියවලා  බලන්න පුළුවන්.  පාර්ලිමේන්තුවේත් අපි ඒක සභා ගත කළා. නව ව්‍යවස්ථාව පිළිබ`ද අපේ ස්ථාවරය අපි කිහිපවිටකදී ප‍්‍රකාශ කරලා තියෙනවා. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් හොඳයි අපිත් ඒකට පක්ෂයි. හැබැයි ඒ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මහා සම්මුතියකින් ඇති කර ගත යුතුයි. සියලූදෙනාගේ එකඟතාවයෙන් ඇති කර ගත යුතුයි.

අතීතයේ ජයවර්ධන මැතිතුමාගේ ව්‍යවස්ථාව  පළාත් සභාව ගෙනාපු ක‍්‍රමය ඒ වගේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ව්‍යවස්ථාව හදපු ක‍්‍රමය එයට පෙර බි‍්‍රතාන්‍යයන් මේ රටට සොල්බරි  ව්‍යවස්ථාව ගෙනාපු වගේ ක‍්‍රමයකට නෙවෙයි සියලූ දෙනාගේම අනුමැතියෙන් මේ දේවල් සිදුවිය යුතුයි. ඉන් පිටත සිදුවන දේ ඇත්තටම කුමන්ත‍්‍රණ මිසක් ජනතාව තුළින් ඒ වගේම මහජන නියෝජිතයන් තුළින් ජනිත වෙච්ච ව්‍යවස්ථා නෙවෙයි.

ඒ වගේම අපි අවධාරණය කරනවා ප‍්‍රධාන කරුණු දෙකක්. අපි මේ ව්‍යවස්ථා ලියවිල්ලේත් ඒක කියලා තියෙනවා. ඒක තමයි මේ ව්‍යවස්ථාව තුළින් ස්ථාවරභාවයයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි කියන කාරණා දෙකම රැුකෙන්න  ඕනෑ. ඒක සමබර වෙන්න  ඕනෑ. දැන් සමහරුන්ට  ඕනෑ ස්ථාවරභාවය නැතිකරගෙන හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන්න. සමහරුන්ට  ඕන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරගෙන හෝ දැඩි ස්ථාවර පාලනයක් හදන්න. අපි මේ අන්ත දෙකේම නෙවෙයි. අපි ඉන්නේ ස්ථාවර භාවයයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි අතර සමබර ව්‍යවස්ථාවක් ඇති විය යුතුයි කියන තැන.

මොකක්ද ස්ථාවරභාවය කියන්නේ, අපි හදන ව්‍යවස්ථාවෙන්  රටේ ආර්ථිකය ඉදිරියට යනවා මිසක් ප‍්‍රගමනය වෙනවා මිසක් ඒකට බාධා වෙන්නේ බැහැ. ඒ වගේම සමාජමය ස්ථාවරය, දැනට මේ රටේ ඇතිවෙලා තියෙන සංහිඳියාව, සාමය කඩවන සුළු පැරණි තුවාල පෑරෙන සුළු අලූත් තුවාල ඇතිවෙන සුළු දේශපාලන වශයෙන් කළබලකාරී තත්ත්වයන් ඇතිවන සුළු කිසිම ආකාරයක ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු නැහැ. ඒවගේම පාරිසරික ස්ථාවරතාවය මේ ප‍්‍රශ්නය අතීතයේ තිබුනේ නැහැ. මේ පරිසර තුලිත භාවය තිරිසරභාවය ඒ ව්‍යවස්ථාව තුළ අනිවාර්යයෙන්ම ආරක්ෂා විය යුතුයි. ඒ යටතේ කරන දේශපාලන ප‍්‍රතිසංස්කරණ තුළ ඒ පරිසර තුළිතභාවය රැුකගත යුතුයි. මේ විදියට ආර්ථික, සමාජීය, පාරිසරික සහ දේශපාලනික ස්ථාවරය ඇතිවිය යුතුයි.

ඊළඟට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිනිස් නිදහස, ඒ වගේම ජනතාවගේ ජන්ද අයිතිය, ඒ වගේම දේශපාලන පක්ෂවල නියෝජිත තත්ත්වය ඒ වෙනුවෙන් කරන්නා වූ මැතිවරණ ක‍්‍රමයේ වෙනස බලය කොයි ආකාරයටද බිමි මට්ටමට ගම් මට්ටමට යන්නේ, ජන්ද අයිතිය ශක්තිමත් වෙන හැටි  මේ සියල්ල ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අයිතියි. මේ කරුණු දෙක මත තමයි අපි ව්‍යවස්ථාවක් සැකසිය යුත්තේ.

අද රටේ ගොඩක් විවාදයට ලක්වෙලා තියෙන කාරණය රටේ ඒකීයභාවය පිළිබඳ තියෙන ගැටලූව. රටේ ඒකීයභාවය මේ රටේ ඓතිහාසික උරුමයක් විදියට තිබුණු දෙයක්. 1972 ව්‍යවස්ථාවේ ඒක නීත්‍යානුකූලව ලියවුණත් ඊට කලින් මේ රටේ තිබුණේත් එක පාර්ලිමේන්තුවයි. බි‍්‍රතාන්‍යය පාලන සමය යටතේත් ඒකීය රටක් විදියට තමයි තිබුණේ. පළාත් සභා ක‍්‍රමය ආවම මේ ඒකීයභාවයට යම් පළිදු වීමක් වුණා. ඒ නිසා අපි ස්ථාවරව ප‍්‍රකාශ කරනවා දැනට ව්‍යවස්ථාවේ සඳහන් ඒකීයභාවය පිළිබ`ද වගන්තිය. ඒ වගන්තිය එක්ක ගැටගැහිච්ච ව්‍යවස්ථාවේ අංක හතර. ඒක ඒ වගේම හැත්තෑ හය එක කියන වැදගත් වගන්තිවල කිසිදු වෙනසක් සිදුවිය යුතු නෑ කියන එක අපි බොහොම පැහැදිලිව ප‍්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මේ මෙහෙයුම් කමිටු ලේකම් කාර්යාලය විසින් යෝජනා කරලා තියෙන ඒකීයභාවය කියන වගන්තියට අපේ එකඟතාවක් නැහැ. ඒකීයභාවය කියන්නේ නොබෙදුණු රටක් නෙවෙයි. ඉන් ඔබ්බට ගිය රටේ නීති තැනීමේ අයිතිය තනි ආයතනයකට පැවරීම පිළිබ`ද කතාවක් තමයි නීතිමය වශයෙන් දේශපාලන වශයෙන් ඒකීයභාවය නමින් හඳුන්වා ගන්නේ. ඒ සම්බන්ධයෙන් අපේ මතය ඒ ලෙසම පවතිනවා.

ඒ වගේම තවත් බොහොම දෙනෙක් ආශ්වාදයට වගේ මෑත කාලයේ කියන කතාවක් තමයි මේ බුද්ධාගමට තිබුණ තැන නැති කළා කියලා.  බොහොම පැහැදිලිව අපි ජාතික හෙළ උරුමය විදියට කියනවා මේ රටේ නමවන වගන්තියේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදීලා තියෙනවා කියන එක කොහේවත් විධිමත්ව අර්ථ නිරූපනය වෙලා නැහැ. ඒ මගින් බුද්ධාගමට මොනම විශේෂ වරප‍්‍රසාදයක්වත් ලැබිලා නැහැ. ඒක ව්‍යවස්ථා සැරසිල්ලක් පමණයි. බුද්ධාගම රාජ්‍ය ආගම කරලයි රට ලෞකික රාජ්‍යයක් කරන්න  ඕනැයි කියලා යම් යම් අය කියනවා. ඇත්ත වශයෙන් දැන් තියෙන ව්‍යවස්ථාව යටතේ කිසිම ආගමකට එහෙම විශේෂ  සැලකිල්ලක් ලබාදීලා නැහැ. නමවන වගන්තිය දහය දා හතර වගන්තිත් එක්ක කියන කොට සෙසු සියලූ ආගම් වලට ඒ අයිතිය ලබා දීලා තියෙනවා. හරයාත්මකව ගත්තොත් එහෙම ලංකාවේ බුද්ධාගමට ලැබිච්ච දෙයක් නැහැ. හැබැයි මේ ව්‍යවස්ථා සැරසිල්ල හරි දිය කරනව නම් ඒක වැරදියි. මොකද මේක අතීතයේ ඉඳන් ආපු අපේ උරුමයේ කොටසක්. ඒ උරුමය නිසා වෙනත් ආගම්වලට කොහේවත් කවදාවත් හානි වෙලා නැහැ. ඒනිසා සම්බුද්ධ ශාසනය රැුකගැනීම රජයේ වගකීමක්. ඒ වෙනුවෙන් මෙයට වඩා ශක්ති සම්පන්න ඒවා එන්න  ඕන කියන එකයි අපි විශ්වාස කරන්නේ. ලේකම්වරු යෝජනා කරලා තියෙන ඒ යෝජනාවෙන් කිසියම් දුරකට ඒ වගන්තිය දියකර හැරීමකට උත්සාහ කරලා තියෙනවා කියන එක අපිට පේනවා.

පළාත් සභාවලට බලය  ඕනෑ කියලා කෑ ගහන අයට අද උතුරු පළාත් සභාවට බලය තිබියදීත් වැඩ කිරීමට නොහැකි වී තිබෙනවා. සෙසු පළාත් සභාවල වැඩ ටිකවත් අද උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේශ්වරම් මහතාට කරගත නොහැකියි. අපි හිතනවා දෙමළ ජනතාවගේ නියෝජිතයන් මධ්‍ය පාලනයට සම්බන්ධවී කටයුතු කළ යුතුයි. මේ හරහා ඔවුන්ගේ ගැටලූ විස`දා ගත හැකියි.

මේ ජනාධිපතිධුරය සම්බන්ධයෙනුත් මහා විශාල මායාවක් තියෙනවා.  ලෝකයේ ආණ්ඩුක‍්‍රම ඇතුළේ ජනාධිපති ක‍්‍රම 03ක් තියෙනවා. එකක් තමයි ජනාධිපති ක‍්‍රමය. ඒක තමයි ඇමරිකාවේ තියෙන්නේ. සියලූම කටයුතු කරන්නේ ඔහු. ඔහුට අසීමාන්තික බලයක් ලැබෙනවා. ඊළඟට තියෙනවා පාර්ලිමේන්තු ක‍්‍රමය. ඒක තමයි ඉන්දියාවේ තියෙන්නේ.  ඕක තමයි අපෙත් 77ට කලින් තිබ්බේ. ඊළඟට තියෙනවා මේ දෙකේ මිශ‍්‍ර ක‍්‍රමය. ඒ මිශ‍්‍ර ක‍්‍රමය තමයි ඔය ප‍්‍රංශයේ එහෙම අත්හදා බලලා තියෙන්නේ.

දැන් අපි අර පළවෙනි ක‍්‍රමයේ ඉඳලා ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් මගින් මේ තුන්වන ක‍්‍රමයට මාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ බලගතු ජනාධිපති පදවියක සිට මිශ‍්‍ර ක‍්‍රමයකට මාරු වෙලා තියෙනවා. පළමුව ජනාධිපතිගේ බලය ඉවත් වුණේ 13 වැනි සංශෝධනය හරහා. ඊළඟට ස්වාධීන කොමිෂන් සභා ඇතුළු කාරණා නිසා 19 වැනි සංශෝධනය හා 17 වැනි සංශෝධනය නිසා ජනාධිපතිගේ බලතල තවත් විශාල ප‍්‍රමාණයක් ඉවත් වුණා. ජනාධිපතිගේ බලතල ඉවත් කරලා ජනාධිපති ධුරය ප‍්‍රජාතන්ත‍්‍රකරණය කිරීමක් තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දැන් තියෙන ධුරය අහෝසි කළ යුතුයි. මේක ඒකාධිපතියි කියලා කියන්න කාටවත් බැහැ. කෙලින්ම ජනාධිපති ජනතාව පත්කරලා තියෙන්නේ. ඒ ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති කෙනෙක්, උසාවියට වග කියන ජනාධිපති කෙනෙක්. රජයේ නිලධාරීන්ට වග කියන ජනාධිපති ධුරයක් ඇති කරලා. ජනාධිපතිධුරය ප‍්‍රජාතන්ත‍්‍රකරණය කරලා තියෙන්නේ.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ප‍්‍රශ්නය - නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි පියවර මොනවද?

පිළිතුර - නව ව්‍යවස්ථා කෙටුම්පතක් නිසා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යා යුතුයි. මේ කටයුුත්ත සියලූ දෙනාගේම එකඟතාවයෙන් කරන්න පුළුවන්නම් ඒක තමයි වඩා සාර්ථක වෙන්නේ.

ප‍්‍රශ්නය - මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් ගැටලූව සම්බන්ධයෙන් ඔබේ අදහස?

පිළිතුර - මියන්මාරයේ ප‍්‍රශ්න මියන්මාරය විසඳා ගත යුතුයි. ඒකට මේ රටේ අපේ මැදිහත් වීමක් අවශ්‍ය නැහැ. මොකද ඔය විදියට අපි අනික් රටවල ප‍්‍රශ්නවලට මැදිහත් වෙන්න ගියොත් ඒකෙ කෙළවරක් වෙන්නේ නැහැ. අපි ඒවට විරෝධතා පවත්වන්න ගියොත් ඒවට කතා පවත්වන්න ගියොත් අපේ රටේ දැන් තියෙන සංහිදියාවත් නැති වෙන එක තමයි වෙන්නේ.

ප‍්‍රශ්නය - මේ  සරණාගතයෝ අපේ රටේත් සිටිනවා?

පිළිතුර -  ඔය මහලොකුවට දේශපේ‍්‍රමීව කතා කළාට ගොඨාභයයි මහින්දයි තමයි 2005 දෙසැම්බර් 07 වනදා අපේ විරෝධතාව මත අනාථයන් භාරගන්න ඔය ගිවිසුමට අත්සන් කළේ. දැන් අපි ඒකට බැඳිලා. ඒකයි මේ ගැටලූව.

අලූතින් සරණාගතයින් නැහැ. ඔය ගිය අපේ‍්‍රල් මාසේ පැමිණි පිරිසක්. ඒ අයට මෙහේ පුරවැසිකම් දෙන්න කිසිම තීරණයක් ගෙන නැහැ.



අදහස් (6)

අනුපාත ඡන්ද ක‍්‍රමය වෙනස් කර ජනපති ක‍්‍රමය අහෝසි කළොත් රටම අස්ථාවරයි

saman Wednesday, 04 October 2017 04:05 PM

පාර්ලිමේන්තු නියෝජිතයෝ නොවේ කවුරු එකතු වෙලා හැදුවත්, ඕක රටට හානි දායක වගන්ති තිබුණොත් ජනතාව හැටියට අපි එක ප්‍රතික්ෂේප කරනවා. මොකද ඔබතුමා ඇතුළු ඔය පාර්ලිමේන්තු නියෝජිතයෝ ගැන දැන්නම් අපිට එච්චර පැහැදීමක් නෑ. අපි ජනතාව හැටියට එකතුවෙලා අපේ රට ආරක්ෂා කරගන්නවා.

:       0       8

Rohana Thursday, 05 October 2017 02:47 AM

චාම්පිකට අාසන මට්ටමින් දිනන්න අමාරුයි. රට නෙවි චම්පික අස්ථාවරයි.....

:       1       66

sathyayaa Friday, 06 October 2017 04:08 PM

රට අමුතුවෙන් අස්ථාවර වෙන්න දෙයක් නැහැ. ඔබ බලයේ සිටි හැම පක්ෂයකටම මුක්කු ගසා වරප්‍රසාද භුක්ති විඳින සමයේදී ඒ අවස්ථාවාදී නිහැඬියාව තුළ අස්ථාවර භාවයේ කුණු කන්ද ටිකෙන් ටික පහළට එන බව ඉංජිනේරු මොළයට එය නොවැටහුණාට සදාතනික අස්ථාවර භාවයේ ගිලී සිටින පුරවැසියා එය හොඳින් දන්නවා. හරකා හැරෙනකොට ගැමියා දන්නවා පොල් පැලේ පැත්තට තමයි කියලා. බලයක් ලැබෙනකම් ජනාධිපති පුටුව බලා සිටීය යන්න ළමා සිහිනයක් පමණයි.

:       0       3

Rohana Saturday, 07 October 2017 04:57 AM

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කලයුතු වන්නේ ඇයි? එක හේතුවක් තමයි මනාප ඡන්ද ක්‍රමය. මනාප ඡන්ද ක්‍රමය නිසා අසීමිත මුදලක් වැයකරන්න වෙනවා. ඡන්දය ජයගන්න. ඡන්දයෙන් දිනන පුද්ගලයා දිනපු දවසේ ඉඳල වියදම් කරපු මුදල සොයාගන්න බලනවා. ඒ නිසා ලැබෙන වාහන බලපත්‍රය වැඩිමිලට විකුණනවා. ලැබෙන කොන්ත්‍රාත් වලින් ගහන්න පටන්ගන්නවා. වැලි, ගල් ගන්නවා. මත්වතුර බලපත්‍ර ගන්නවා. රජයෙන් ලැබෙන දීමනාත් සියල්ල ගන්නවා. වසරක් ගතවෙන විට ඔහු හොඳ ශක්තිමත් ධනවතෙක්. යහපාලන ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් සැලකිය හැක්කේ රජය සමඟ විවිධ ව්‍යාපාරවල යෙදෙන ජාවාරම්කරුවන් ලෙසය. සමහරෙක් ඉතා අඩු මිලකට රජයේ ඉඩම් ලබාගෙන ඉඩම් හිමි වැවිලිකරුවන් බවට පත්ව සිටින අය වෙති. තවත් සමහරෙක් ආණ්ඩුව සමඟ කොන්ත්‍රාත් කරන කොන්ත්‍රාත්කරුවෝය. තවත් සමහරෙක් ගල් වැඩපළවල් පවත්වාගෙන යන ගල් ජාවාරම් කරුවෝය. තවත් සමහරෙක් බලපත්‍රලාභී තැබෑරුම් කරුවෝය. යහපාලන ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට දෙන ආර්ථික වරප්‍රසාද දෙතුන් ගුණයකින් ඉහළ දැම්මේය. කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා මසකට රුපියල් ලක්ෂයක දීමනාවක් ලබේ මෙය දිගටම ගෙන යායුතුද?

:       0       1

Don Sunday, 08 October 2017 05:27 AM

නව ව්‍යවස්ථාව තුළින් ස්ථාවර භාවයයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි කියන කාරණා දෙකම රැකෙන්න ඕනෑ. ඒක සමබර වෙන්න ඕනෑ. සමහරුන්ට ඕනෑ ස්ථාවරභාවය නැතිකරගෙන හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන්න. සමහරුන්ට ඕන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරගෙන හෝ දැඩි ස්ථාවර පාලනයක් හදන්න. බහුතර ජනතාව මේ අන්ත දෙකේම නෙවෙයි. අපි ඉන්නේ ස්ථාවර භාවයයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි අතර සමබර ව්‍යවස්ථාවක් ඇති විය යුතුයි කියන තැන. මොකක්ද ස්ථාවරභාවය කියන්නේ, අපි හදන ව්‍යවස්ථාවෙන් රටේ ආර්ථිකය ඉදිරියට යනවා මිසක් ඒකට බාධා වෙන්න බැහැ. ඒ වගේම සමාජමය ස්ථාවරය, දැනට මේ රටේ ඇතිවෙලා තියෙන සංහිඳියාව, සාමය කඩවන සුළු පැරණි තුවාල පෑරෙන සුළු අලූත් තුවාල ඇතිවෙන සුළු දේශපාලන වශයෙන් කලබලකාරී තත්ත්වයන් ඇතිවන සුළු කිසිම ආකාරයක ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු නැහැ. ඊළඟට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිනිස් නිදහස, ඒ වගේම ජනතාවගේ ජන්ද අයිතිය සහ විවිධ අයිතීන් උපරිමයෙන්ම සුරක්ෂිත කල යුතුයි. මේ නව ව්‍යවස්ථාව තුලින්....

:       0       0

sarath Monday, 09 October 2017 01:39 AM

ස්පාඤ්ඤයේ දැන් ඇතිවෙලා තියෙන තත්වය දකින ඕනෑම කෙනෙක්ට තේරෙන්න ඕනේ බලය බෙදීම කොයි ආකාරයකට වෙන්න ඕනෙද කියල .එහෙම නැතිව රට කෑලි වලට කැඩිලා යන විධියට හදන්න ඕනේ නම් වැදි ජනතාවට වෙනම කොටසකුයි,මුස්ලිම් අයට වෙනම කොටසකුයි ,විග්නේශවරන් ට තව කොටසකුයි,නැගෙන හිරට තව කොටසකුයි තියල දැම්මහම හරි

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 4824 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 560 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1952 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3613 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4682 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 104 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 256 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 841 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site