IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


“අපේ රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයාබැලූ කිසිදු ආණ්ඩුවක් නෑ“

(නිමල කොඩිතුවක්කු)

“වත්මන් රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයා බැලූ කිසිදු ආණ්ඩුවක් නැති බවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා වැඩිකරමින් රාජ්‍ය සේවකයාට අභිමානයෙන් තම වෘත්තීය කරගෙන යාමට අවස්ථාව වත්මන් රජය උදා කළ බවත්” එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.

රාජපක්ෂ පවුල අවුරුදු 10ක් තිස්සේ රාජ්‍ය සේවකයන්ට කළ දෙයක් නැතැයි පැවසූ අග්‍රාමාත්‍යවරයා, නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කිරීමෙන් වත්මන් රජයේ වැඩපිළිවෙළ ඉදිරියටම ගෙනයා හැකි වෙතැයි සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ කොළඹ පදනම් ආයතනයේ පැවති ‘අලුත් ශ්‍රී ලංකාවක් සඳහා හෙද වෘත්තිකයෝ සංවිධානය’ කැඳවා තිබූ හමුවේ ප්‍රධාන ආරාධිත ලෙස එක්වෙමිනි. අලුත් ශ්‍රී ලංකාවක් සඳහා හෙද වෘත්තිකයෝ සංවිධානය සකස් කළ යෝජනාවලිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එහිදී භාර දෙනු ලැබිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.“පසුගිය වසර පහ තුළ අපේ ආණ්ඩුව සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ මුදල තරම් මුදලක් මෙයට පෙර කිසිම ආණ්ඩුවක් වියදම් කර නැහැ.

ළඟම පාසැල-හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් 9000කට පහසුකම් සපයලා. අද පාසැල් ගුරුවරුන් සම්පූර්ණයෙන්ම පුහුණුව ලැබූ අයයි. ඒ වගේම පාසල්වලට අවශ්‍ය විද්‍යා ගුරුවරුන් දීමට අප පියවර ගත්තා. සුරක්ෂා රක්ෂණය සිසුන්ට දුන්නා. ගුරුවරුන්, විදුහල්පතිවරුන් පත්කිරීම, උසස් කිරීම අද දේශපාලනයකින් තොරව විධිමත් ක්‍රමවේදයක් යටතේ කරගෙන යනවා.
දැන් අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනය පවත්වා ගෙන යනවා. සමහර පාසල්වල උසස් පෙළ සඳහා තිබෙන්නේ කලා විෂය පමණයි. ඒ පාසල්වලට විද්‍යා ගුරුවරුන් දෙමින් යනවා. දැනටමත් පාසල්වලට පරිගණක, ටැබ් යන්ත්‍ර දෙමින් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා.

ඒ වගේම විශ්වවිද්‍යාල සඳහා වෛද්‍ය පීඨ ආදී පීඨ අලුතින් ආරම්භ කරගෙන යනවා. 44,000කට අලුතින් හොස්ටල් පහසුකම් දීලා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, දීමනා වැඩි කර තිබෙනවා. විශ්‍රාම වැටුප් වැඩි කළා.

අප මේවා කළේ ඉතාම අසීරු යුගයකයි. අප රට භාර ගත්තේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබියදීයි. ණය බරින් රට මිරිකී හිටියා. ණය වාරික ගෙවන්නවත් රටට ණය දෙන්න කවුරුත් එදා ඉදිරිපත් වුණේ නැහැ. ණයක් ගන්න බැරි ව්‍යාපාරයක් කියන්නේ බංකොළොත් ව්‍යාපාරයක්. අපට පළමුවෙන්ම තිබුණේ මේ ප්‍රශ්න විසඳා ගන්නයි. ණය ප්‍රශ්නය විසඟ ගන්න ගමන් වැටුප් වැඩි කරන එක, සහන දෙන එක, සමෘද්ධිය ලබා දෙන එක අප නැවැත්තුවේ නැහැ. අවුරුදු දෙක තුනක් අමාරුවෙන් ආර්ථිකය ගෙන ගියා.
ආර්ථිකය කඩා වැටිලා. මේකට වගකියන්න ඕනෑ රාජපක්ෂ රෙජීමය නිසා මේකට මුකුත් කරන්න බැහැ කියන වචනය මා රටට කිව්වේ නැහැ. අප කිව්වේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ආධාර උපකාර දෙනවා කියලයි. අද රට විදියට වැඩක් කරගෙන යන්න පුළුවන්, ණයක් ගන්න පුළුවන් විශ්වාසය මා තහවුරු කළා. මේ තත්ත්වය මදියි. මේ කටයුතු කරන ගමන් ණය ගෙවන්න ඕනෑ. තව පරම්පරාවකට ඒ ණය ගෙවන්න ඉඩ දෙන්න මට බැහැ.

විශාල සංවර්ධන ආර්ථිකයට අප සූදානම් වෙමින් සිටිනවා. අප රට භාර ගනිද්දී නැව් නැති වරායක් හම්බන්තොට තිබුණා. දැන් වරාය අධිකාරියයි චයිනා මර්චන්ට් සමාගමයි එකතුවෙලා අලුත් වරාය ඇති කරලා. ඒ කුලියෙන් ණය වාරික ගෙවනවා.

වරායෙන් ලාබ ලබන්න වසර 10ක් යනවා. අන්න එහෙම සුදු අලියෙකුයි අපට භාර දුන්නේ. දකුණු අධිවේගී මාර්ගය මාතර ඉඳන් හම්බන්තොටට ඉදිකරගෙන යනවා.

මත්තල ගුවන්තොටුපළෙහි මොනරුන් විතරයි හිටියේ. තවමත් ගුවන් යානා එන්නේ නැනැ. අපේ ගුවන් සේවා අධිකාරියත්, ඉන්දියන් අධිකාරියත් එකට එකතු වෙලා ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. එතන ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තිබෙනවා. අප කොච්චර උත්සාහ කළද ක්‍රිකට් ක්‍රීඩකයන් එතෙන්ට එන්නේ නැහැ. එන්නේ වල් අලි විතරයි. එතන සම්මන්ත්‍රණ ශාලාවක් ද තිබෙනවා. සම්මන්ත්‍රණ පවත්වන්න කොච්චර උත්සාහ කළද ඒක වහලාමයි තියෙන්නේ.  මේ වගේ සුදු අලි භාර දීල ගියාද මා බැලුවේ රටේ දියුණුව ඇති කරන්නයි. මහනුවර ඉඳන් කොළඹට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිවෙනවා.

කොළඹ වරාය තවත් දියුණු කරමින් දකුණු වරායෙන් පසු උතුරු වරායට යන්න දැන් සැලසුම් හදාගෙන යනවා. මත්තල ක්‍රියාත්මක කරගෙන යනවා. එහෙම නම් ගුවන්තොටුපළ දෙකක් සහ වරාය දෙකක් සහිතව විශාල දියුණුවක් රටේ ඇති වෙනවා. ඒ දියුණුව මහනුවර වෙනකම් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. දෙවැනි අදියර ලෙස එතන ඉඳන් දඹුල්ලටත්, දඹුල්ල සිට ත්‍රිකුණාමලයටත් සැලසුම් හදා අවසානයි. ඒ වගේම කර්මාන්ත කලාප කිහිපය හදන්න අප සැලසුම් කළා.  දැනටමත් බිංගිරියෙන් අක්කර දාහක් ගෙන තිබෙනවා. හම්බන්තොටින් අක්කර දහදාහක් ගත්තා. දකුණු ආසියාවේ විශාලතම ආර්ථික කලාපය ඒ අනුව බිහි වෙනවා.

මෙයට අමතරව කළුතර, අවිස්සාවේල්ල කලාපයෙන් තව ඉඩම් ගන්න යනවා. සංචාරක කලාප හයක් නම් කරලා. මේ සැලසුම් ඉදිරියට ගෙනයනවද? නැද්ද කියා ඔබ තීරණය කරනවා.

රාජපක්ෂවරුන් එදා කළේ හමුදා මූලස්ථානය ෂැංග්‍රිලා එකට දීපු එක විතරයි. අද රට මුදල් උපයා ගන්නවා, කර්මාන්ත උපයාගන්නවා. සංචාරක ව්‍යාපාරය ඇති කරලා. ඒ වගේම තොරතුරු තාක්ෂණය දියුණු කරන්න විශාල ව්‍යාපාරයක් ගෙන යනවා. අලුත් ආදායම් මාර්ග ඇති කර තිබෙනවා. මූල්‍ය නගරය ද ඇති කළා.

මේ කටයුතු තව ඉදිරියට ගෙන යන්න නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන්න කියා මා ඉල්ලා සිටිනවා. මේ දේවල් කරන්න රාජපක්ෂ පවුලට අවුරුදු 10ක්ම තිබුණා. ඔවුන් කළ දෙයක් නැහැ. ණය නම් ගත්තා. අධ්‍යාපනයට සෞඛ්‍යට වැය කරන මුදල් පවා එදා අඩු කළා. අපි මේක වෙනස් කළා. ආර්ථික, සමාජ අංශය දියුණු කළා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. දැන් මේ ත්තත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න හංසයා ළඟින් කතිරය ගහලා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න කියා ඉල්ලීමක් කරනවා.” යයිද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා :
“පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට පහර දෙමින්, මාධ්‍යවේදීන් මර්දනය කරමින් කටයුතු කළා. ඒ යුගයේදී මාධ්‍යවේදීන් කී දෙනකුට ජීවිත අහිමි වූවාද? මාධ්‍යවේදීන් කී දෙනකුගේ අතපය අහිමි වූවාද. මහින්ද රාජපක්ෂ පාලනය කළ මාධ්‍ය මර්දනයද අප ජයග්‍රහණයට බලපෑවා.

2015 බලයට පත්වූ වත්මන් රජය මාධ්‍යවේදීන්ට විශාල නිදහස දුන්නා. අප දුන් ඒ නිදහස උපයෝගී කර ගනිමින් අද මාධ්‍යවේදීන් අපට ගහනවා. අද මාධ්‍යයට අප දුන් නිදහස පාරාවලලක් බවට පත්වෙලා. අපේ රජය රාජ්‍ය සේවකයන්ගේ, විශ්‍රාමිකයන්ගේ වැටුප් දීමනා වැඩි කළා. ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කළා. රණවිරු සුබසාධනය වැටුප් වැඩිකර තිබෙනවා. හෙද පීඨ ඇති කරමින්, රෝහල් පහසුකම් වැඩි කරමින්, සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපනයටත් විශාල සේවයක් කිරීමට අපේ රජයට හැකි වුණා”යයිද ඔහු එහිදී පැවැසීය.

අලුත් ශ්‍රී ලංකාවක් සඳහා හෙද වෘත්තිකයෝ සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා :
“රට වෙනුවෙන්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අප දිගින් දිගටම පෙනී සිටියා. වෘත්තීය සමිති නියෝජිතයන් ලෙසත් පුරවැසියන් ලෙසත්, පැවති දුර්දාන්ත පාලනය පලවා හැර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට අපට හැකි වුණා.

සමහරුන් වෙනස සැපද අහනවා. අපට වෙනස සැපයි. ඒ වෙනස නිසා අද ජනතාවට මර බියෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමට හැකිවුණා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරමින් ඒ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් තහවුරු කිරීමේ අවස්ථාව දැන් හිමිවී තිබෙනවා” යයිද ඔහු එහිදී පැවැසීය.

මේ අවස්ථාව සඳහා අලුත් ශ්‍රී ලංකාවක් සඳහා හෙද වෘත්තිකයෝ සංවිධානයේ නියෝජිතයන් ඇතුළු පිරිස එක්ව සිටියහ.

 



අදහස් (5)

“අපේ රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයාබැලූ කිසිදු ආණ්ඩුවක් නෑ“

Bandara Wednesday, 30 October 2019 08:27 AM

අනේ ඒක අපි නොදන්නවද? ඒකනේ මහ බැංකුවටත් විද්දේ......

:       53       22

Gamarala Wednesday, 30 October 2019 09:22 AM

රජයේ සේවකයින් ජනපතිවරණ ප්‍රවර්ධන කටයුතුවලට යොදවා ගැනීම තදබල වැරද්දක්.

:       8       18

Gamarala Wednesday, 30 October 2019 09:47 AM

කරුණාකරලා එදා බඩු මිලයි, අද බඩු මිලයි සසඳන්න. එදා ණය ප්‍රමාණයයි, අද ණය ප්‍රමාණයයි සසඳන්න. එදා රුපියලේ අගයයි, අද රුපියලේ අගයයි සසඳන්න. එදා පාපැදියක මිලයි, අද පාපැදියක මිලයි සසඳන්න. එදා සිමෙන්ති කොට්ටයක මිලයි අද මිලයි සසඳන්න.

:       0       3

Bamunuarachchi Wednesday, 30 October 2019 09:58 AM

ජනතාවට උහුලන්න බැරි බදු ගහලා අැමතියන්ගේයි, රජයේ සේවකයින්ගේයි පඩි වැඩි කළා. රනිල් හිතාගෙන ඉන්නේ රටේ ඔක්කොම රජයේ සේවකයෝයි කියලා...

:       0       2

Raveendra Thursday, 31 October 2019 04:29 AM

සහතික ඇත්ත.. එ්කනේ මහබැංකුව නැත්තටම නැති වෙන්නම මංකොල්ල කන්න අඹයාලුවට ඉඩදුන්නේ... ඒ හොරා කෑවේ රජයේ සේවකයන්ගේ, මහජනතාවගේ මුදල් නෙවෙයි. ඩොනල්ඩ් ට්‍රම් ගොයියාගේ මුදල් වෙන්න ඇති. අනේ අම්මපා ...සූත්තර පුංචාට දැන් නම් හොඳටම පිස්සු වැඩිවෙලා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 519 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 709 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6056 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 710 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2033 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3736 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 67 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site