IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


අලුත් ආණ්ඩුව ආවාට පස්සේ හැමද‌ාම අක්කර 7 ගානේ කැලෑ එළිවෙලා


(*** අංජුල මහික වීරරත්න)

‘‘නව ආණ්ඩුව පිහිටවූ දා සිට අද දක්වා දිනකට වනාන්තර අක්කර හත බැගින් විනාශ කර තිබෙන බව පරිසර සංවිධාන තහවුරු කර ඇතැයි’’ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොළඹ දී පැවසීය.

‘‘මව්බිමේ ස්වභාවික සම්පත් ආරක්‍ෂා කර ගැනීම සඳහා පුරවැසියන් ලෙස සියලුම දෙනා එක්විය යුතු යයිද’’ රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්‍ෂ යොවුන් පෙරමුණ සංවිධාන කළ පරිසර හඬ වැඩසටහනට එක්වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.
පරිසර විනාශය දැන් රටේ ලොකු මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. පරිසරය යනු රටේ සමස්ත ජනතාවගේ මෙන්ම විශේෂයෙන් තරුණ ප්‍රජාවගේ හදවතේ තිබෙන විෂයයක්. පසුගිය සමයේ ලෝක උරුම සිංහරාජය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ගත් තීරණයක් අප දුටුවා.

නව ආණ්ඩුව පිහිට වූ දා සිට අද වන විට දිනකට වනාන්තර අක්කර හත බැගින් විනාශ කර තිබෙන බව පරිසර සංවිධාන කියනවා. එක්සත් ජාතික පක්‍ෂ යොවුන් පෙරමුණ පරිසරය නැමැති විෂය තමන්ගේ අතට ගෙන වැඩසටහන් ඇරඹීම ගැන සතුටට පත්වෙනවා.

පක්‍ෂ දේශපාලනයෙන් ඔබ්බට ගොස් රට වටේම තරුණ සමාජ ආමන්ත්‍රණය කර පරිසරයට තිබෙන අවදානම් තත්ත්වය ගැන දැනුවත් කළ යුතුයි. එමෙන්ම ඉදිරියේදී පරිසරය රකින්නේ කෙසේදැයි සාකච්ඡා කළ යුතුව තිබෙනවා.

දේශපාලකයන් උත්සාහ කරන්නේ ඉඩමක් දැක්කොත් එතන බිල්ඩිමක් හදන්නයි. මේ ක්‍රියාවලිය නිසා ප්‍රශ්න වැඩිවෙනවා. එමෙන්ම පීඩනය වැඩි වෙනවා. රටේ සම්පත් ආරක්ෂා කිරීම සඳහා පුරවැසියන් ලෙස අප එක්විය යුතුයි.

පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය.

ලොව කිසිදු රටක් මෙලෙස පරිසරය විනාශ කරමින් මාර්ග ඉදිකරන්නේ නැහැ. රටේ ප්‍රධාන වනාන්තර පද්ධතියේ ආරක්‍ෂාව වෙනුවෙන් ඇති අවශේෂ වනාන්තර පද්ධතිය විනාශ කිරීමට රාජ්‍ය නායකයන් මැදිහත්වීම කනගාටුදායකයි.

පරිසරයේ ඇති සංවේදීතා පිළිබඳව අවබෝධය නැති නායකයන්ගෙන් රටට පලක් නැහැ. අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා කුඹුරු පද්ධති විනාශ කර දැමූ රාජපක්‍ෂ ආණ්ඩුව මේ වන විට චීනයෙන් සහල් ආනයනය කරන්නට පටන්ගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ, සන්දිත් සමරසිංහ, ජාතික යොවුන් පෙරමුණේ ලේකම් දර්ශන බ්‍රාහ්මණ, භාණ්ඩාගාරික දුමින්ද ආටිගල යන මහත්වරුද සහභාගිවූහ.

 



අදහස් (1)

අලුත් ආණ්ඩුව ආවාට පස්සේ හැමද‌ාම අක්කර 7 ගානේ කැලෑ එළිවෙලා

Bamunuarachchi Tuesday, 29 September 2020 06:10 AM

කට්ටියම දැන්ද ඇහැරුණේ?ඔහෙලගේ කාලේ අක්කර 1500ක් මුලතිව්වල එළිකරනකොට නිදියගෙනද හිටියේ? 

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 399 1

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 519 6

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5941 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 703 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2029 33

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3735 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 200 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 378 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1121 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site