(මොහොමඩ් ආසික්)
ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය.
ඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේ අද 11 වනදා පස්වරුවේ මහනුවර හල්ඔළුව ප්‍රදේශයේ පැවැති මහජන හමුවකදී අදහස් දක්වමිනි.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
ආණ්ඩුව කියන්නේ එකක්. රජය කියන්නේ තව එකක්. ආණ්ඩුව අලුත් එකක් රජය පරණ එකක්. පරණ රජයමයි මේ තියෙන්නේ .හැබැයි ආණ්ඩුව අලුත්. පරණ රජයට පුරුදු වෙච්ච නිතියක් පුරුද්දක් ක්‍රමයක් සංස්කෘතියක් තියෙනවා .ඒ සංස්කෘතියේ නරක ඒවත් තියෙනවා හොඳ ඒවත් තියෙනවා .අපට බලය ලැබිල තියෙන්නේ රජය මෙහෙයවන්න.රජය ආණ්ඩුවේ නෙවෙයි. මේ රජය තුල අපට ඕන ඒවාම ක්‍රියාත්මක කරන්න හැමෝම සූදානම් නෑ. තවම පරණ විදිහ. තවම පරණ වැරදිත් වෙනවා. දේශපාලනයේ වැරැද්ද අපි හදා ගත්තා. නමුත් තවමත් රජයේ නිලධාරින් ඉන්නවා මිනිස්සුන්ට වැඩක් කරන්න ඔවුන්ගෙන් කීයක් හරි ගන්න අය.
තවමත් ඉන්නවා ළමයා ඉස්කෝලේ දාන්න ගියහම කීයක් හරි ඉල්ලන අය. දෙන අයත් සමහර විට කියන්නේ නෑ. එහෙම කියන්නේ නැත්තේ දීල මොකක් හරි කර ගන්න පුළුවන්නේ. තමන්ගේ වැඩේ වුණ නිසා කොහාටවත් පැමිණිලි කරන්නෙත් නෑ. ගන්න අයයි දෙන අයයි අතර තවමත් ෂේප් එකේ තවමත් වැඩ යනවා. අපි සුද්ද කර ගත්තේ ආණ්ඩුවේ පැත්ත.රජය පැත්තෙන් ජනමතයට ඕන විදිහටම හැම තැනම වැඩ යන්නේ නෑ. ජනතාවගෙනුත් මේකට සම්පූර්ණ සහාය ලැබෙන්නේ නෑ. ඒකනේ සමහර ගොවියන් ආණ්ඩුවට එක වී ඇටයක්වත් දෙන්නේ නෑ කියල කියන්නේ.පොහොර දෙන්නෙත් රජයෙන්.වතුර දෙන්නෙත් රජයෙන් .නමුත් වී ඇටයක්වත් රජයට දෙන්නේ නෑ කියල කියන්නේ ඔවුන්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 ක් දෙනව කියන්නේ ජනතාවගේ කැමැත්තක්නෙ මේ. ඒකේ රාජ්‍ය සේවකයොත් ඉන්නවනේ. හැමෝටම රට හදන්න ඕන හැබැයි තමන්ට අත තියන්නේ නැතිව. අපි කරන හැමෝම හිතනව අපි කලින් කරපු ජඩ වැඩ බලු වැඩ ඔක්කොම කර ගෙන ඉන්න දෙන්න අනෙක් අයව වෙනස් කරල රට හදන්න යැයි සමහරු කියන බවද අමාත්‍යවරයා මෙහිදී කීය.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ආණ්ඩුව අලුත් වුණාට රජය පරණයි
Nimal Wednesday, 12 February 2025 07:44 AM
පසුගිය දසක 4ක් පමණ කාලයක ලංකාවේ පවතී. සෑම රජයකටම එරෙහිව ගොවින් සමඟ එක්ව සියලු පොහොර සහනාදාර සහ වන්දි බත සපයන ගොවීන්ට ලබාදිය යුතු බවට අරගල කළ ජේවීපි පක්ෂයට 2/3 බලයක් ලැබී ඇත. රජයේ නිලධාරීන්ට හෝ පසුගිය ආණ්ඩුවලට චෝදනා නොකර ගොවින් සමඟ එක්ව ගැටලුව විසදන්න.
vatahuna Monday, 17 February 2025 03:26 PM
උඩ අලුත් වුණාට යට ඒවා පරණයි... හත්වලාමේ වෙච්චි දෙයක්...