IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් වැඩේ දුන්නා

(ජයන්ත සමරකෝන්)

පොලිය මත  බදු  පැටවෙන සාධාරණ බවේ මූලධර්මයන්ට අනුකූල නොවන අයුරින් මේ ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ තැන්පතු මුදලේ පොලියට පවා සියයට සියය බද්දක් පනවා ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (25) පැවැසීය.

සතෙන් සතේ රුපියලෙන් රුපියල ඉතිරි කරන්නන් දිරිමත් කරනවා වෙනුවට මෙය ඉතිරි කරන්නාගේ පොලියටත් විදින ආණ්ඩුවක් යැයි ද පුංචි බොරැල්ල, වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.

 ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.“ලබන මස 1 වෙනිදා සිට රටේ ජනතාවට තවත් විශාල ආර්ථික පීඩනයකට මුහුණ දෙන්නට සිදුවෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලලේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන ආණ්ඩුව ජනතාවට සහන දෙනවා වෙනුවට කරන්නේ සහන කප්පාදු කිරීමක් පමණයි. එදා මුදල් ඇමැති රවී කරුණානායක දේශීය ආදයම් පනත ගෙනාවා. වර්තමාන මුදල් ඇමැති මංගල සමරවීර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකාබද්ධ විපක්‍ෂය එම පනතට දැඩි විරෝධය දැක්වූවා.

අයි.එම්.එෆ් මඟපෙන්වීම යටතේ මෙම පනත ගෙනාවේ බිලියන 1.5ක ඉතිරි ණය වාරික ලබාගන්නටයි. රජය බදු අය කළාට වරදක් නැහැ. එහෙත් එය සාධාරණ බවේ මූලධර්ම යටතේ සිදුවිය යුත්තක්.

 මෙම බදු පැනවීමේ සැබෑ තත්ත්වය ‘බදු දඩයම’ ග්‍රන්ථයෙන් මා හෙළිකර තිබෙනවා. රටේ ජනතාවට අත්වන ඉරණම එහි සඳහන් වෙනවා. එදා මහින්ද රාජපක්‍ෂ යුගයේදී බදු අය කළා. ඒ ඉතිරි කිරීම දිරිගන්වන අයුරින්.

ජනතාවාදී ලෙස කටයුතු කරමිනුයි සියල්ල අප කළමනාකරණය කළේ. එදා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු මුදලින් පොලියක් අය කළේ නැහැ. බද්දෙන් නිදහස් කර තිබුණා. අද එය සියයට සියයකින් වැඩි කළා. ඒ අයගේ තැන්පත් පොලියෙන් සියයට 5ක් අය කිරීම කිසිසේත්ම සාධාරණ නැහැ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියාට බදු දඩයම පටන් අරන්. හෙට අනිද්දා වනවිට ඉන්ධන, ගෑස්, පොහොර, ජලය, කිරිපිටි ඇතුළු සියලුම දේවල්වල මිල ඉහළ යනවා. මේ වසර අවසන් වනවිට ඩොලරය රුපියල් 160ට නගින එක වළක්වන්න බැහැ.

විදේශ රැකියාවල නිරත පුද්ගලයන් මෙරටට එවන විදේශීය මුදල් බද්දට යටත් කරලා. එදා බද්දෙන් නිදහස් කර තිබුණා. මෙම තත්ත්වය යටතේ රට ඇතුළට විදේශීය මුදල් ගලා ඒම නතර වෙනවා. මේ තත්ත්වය රටට අහිතකරයි.

දැනටමත් විදේශීය රැකියාවල යෙදී සිටින ශ්‍රමිකයන් එවන මුදල් අඩුවීමේ ප්‍රවණතාවයක් තිබියදී පොලී අය කිරීම සාධාරණ නැහැ. එ.ජා.ප. ආණ්ඩු හැමදාමත් ක්‍රියාත්මක කළේ රටට හිතකර ආර්ථික ප්‍රතිපත්තීන් නොවෙයි. එම එ.ජා.ප. ප්‍රතිපත්ති මේ ආණ්ඩුවත් එලෙසින්ම ක්‍රියාත්මක කරනවා.

 දේශීය ආර්ථිකය වනසන, විදේශිකයන් සනසන ක්‍රමයක් අදටත් ක්‍රියාත්මක වන්නේ ඒකයි. ස්වදේශිකයන් බදු ගෙවනවා. විදේශිකයන් බද්දෙන් නිදහස් කරනවා. 

ගතවූ වසර 3 ඇතුළත අගමැති ප්‍රමුඛ ආර්ථික කළමනාකරණ කමිටුව ගත් තීරණ තුළින් රට වනසන, විදේශිකයන් සනසන තත්ත්වයක් නිර්මාණය වුණා. මේ කමිටුව තිබුණොත් දේශීය ආර්ථිකයත් ඉවරයි. රටත් ඉවරයි. මුතුරාජවෙල සංවේදී කලාපයේ අක්කර ගණනක් ජාවාරම්කරුවන් පිරිසක් විසින් විනාශ කරන බවට අප කළ දැනුම්දීමකට අනුව ජනාධිපතිවරයා වහාම පියවර ගත්තා. එය සතුටට කරුණක්.

දැන් බිත්තර මිලියන 28ක් පිටරටින් ගේන්නට යනවා. රටේ බිත්තර අතිරික්තයක් තිබියදී ඉන්දියාවෙන් ගෙනෙන්නට හදන්නෙ ඇයි? මේ තත්ත්වය යටතේ කුකුළු ගොවීන්ට ඔලුව උස්සන්නට බැරි වෙනවා. බහු ජාතික කිරිපිටි සමාගම් නිසා අද කිරි ගොවියා ඉවරයි. ගව සම්පත විනාශ කළා. අද යෝගට් පවා හදන්නේ පිටි කිරිවලින්.

 කෘෂි ගොවිතැනත් විනාශයි. හාල් රටින් පොල් රටින්. ගම්මිරිස් ගොවියාට මිලක් නැහැ. පිරටටින් ගෙන්වනවා.
 දේශීය පාවහන් කර්මාන්තයට අද කණකොකා හඬලා. 35000ක් පාරට වැටිලා. ඉන්දියාවෙන් පාවහන් ගෙනෙනවා.
 සුළු හා මධ්‍ය  කර්මාන්ත කඩා වැටිලා. ව්‍යාපාර ආරම්භ කිරීම නතර වෙලා. රටම හිරවෙලා. 

සක්‍රිය බැරකම් කළමනාකරණ පනත ගේන්නට එපා. කල් දාන්න කියලා එදා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් ද කර තිබුණා.මේ පනතට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂයේ අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එහි මතය මේ වනවිට කතානායකවරයාට දැනුම් දී තිබෙනවා වරදක් නැහැ කියලා.

හිටපු ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අනුව පනත කල් දාන්නට ජනාධිපතිවරයා එකඟ වුණත් හදිසියේම පනත සම්මත කරගත්තා.

අද මේ රටේ ජනාධිපතිවරයාගේ නියෝග පවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආර්ථික කළමනාකරණ කමිටුව තවමත් අගමැතිවරයාගෙන් ඉවත් කරන්නට බැරිවෙලා. කැබිනට් පත්‍රිකා 3ක් දාලත් ජනාධිපතිවරයා අතට ආර්ථික කමිටුව එන්නට බැරි නම් තවත් කතා මොකට ද?

ලබන 4 වෙනිදාට විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මහ බැංකුව කොල්ලයට වගකිව යුතු අගමැතිවරයාට එරෙහිව චෝදනා 14ක් එහි අඩංගු වෙනවා. 2105 එදා මහ බැංකු කොල්ලයට එරෙහිව අපි මහ බැංකුව වැටලූ අවස්ථාවේ විපක්‍ෂ නායක හැටියට නිමල් සිරිපාල ද සිල්වා, තිලංග සුමතිපාල යන කණ්ඩායම සමඟ මටත් සාකච්ඡාවකට යාමට ඉඩ ලැබුණා.

 මෙම විශ්වාසභංග යෝජනාවට හරිනම් මුලින්ම අත්සන් කළ යුත්තේ නිමල් සිරිපාල  ඇමැතිවරයායි. මෙය ජයගන්නවා. අපට විශ්වාසයි ආණ්ඩුවේ සිටින එ.ජ.නි.ස. කිසිම ඇමැතිවරයකුට ඊට විපක්‍ෂව අත උස්සන්නට පුළුවන් ද?”

පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

“ලබන 1 දා සිට දේශීය ආදායම් බදු පනත ක්‍රියාත්මක වෙනවා. මේ වනවිටත්  ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලියට සියයට 5ක බද්දක් පනවලා. අපි මේ බදු පනත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කළා.
නිල විපක්‍ෂයේ ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. නිහඬව හිටියා.

වෙන ආණ්ඩු අලුත් අවුරුද්ද එනවිට ජනතාවට සහන දෙනවා. මේ ආණ්ඩුව සහන කප්පාදු කරලා. ඊටත් වැඩි බරක් පටවනවා. ජනතාවට පීඩාව පමණක් ගෙන දෙන මේ ආණ්ඩුව ගෙදර යවන සටන අප පටන් ගෙන ඉවරයි. දැන් විශ්වාසභංගයට කැමැත්ත ගන්නට ආණ්ඩුවේ එ.ජා.ප. කණ්ඩායම සල්ලි මලු පුරවලා සුපිරි හෝටල්වල කාමරවලටම යවන බව ආරංචියි.

කොහොම වුණත් ආණ්ඩුවේ එ.ජා.ප. විදේශ ගැති ප්‍රතිපත්ති එ.ජ.නි.ස. කණ්ඩායම අනුමත කරනවා ද? මහ බැංකු කොල්ලය සාධාරණ කරනවා ද? යන්නට පිළිතුර ලබන 4 දා ජනතාවට දැනගත හැකි වෙයි. විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දෙන සංඛ්‍යාව අනුව මේ රටේ දේශපාලන ගමන් මග  වෙනස් කරන්නට හැකිවේවි යැයි අප විශ්වාස කරනවා. ඒ අනුව අගමැතිවරයාගේ ඒකාධිපති පාලනය අවසන් කරන්නට අප සූදානම්.”

 



අදහස් (6)

ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් වැඩේ දුන්නා

Thilina Monday, 26 March 2018 07:15 AM

පීටර් අප්පුහාමිගෙන් මංකොල්ල කාලා පෝල් අප්පුහාමිට ගෙවනවා. අලුත්ම යහපාලන සංකල්පයද? දැන් දැන් වයර් මාරු වෙන්න පටන් අරගෙන වත්ද?

:       0       0

පොලි මුදලාලි Monday, 26 March 2018 07:48 AM

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 5% බද්ද අයකරගන්නේ පොළී අාදායම රුපියල් ලක්ෂ 15 ට වැඩිනම් පමණි. බැංකුවකින් තහවුරු කර ගන්න.

:       0       51

rama Monday, 26 March 2018 09:52 AM

එතකොට මැද පෙරදිග දුක් විඳලා ලංකාවට කෝටි ගණන් එවලා අැමතිලාට කාර් ගන්න දීලා මිනිස්සු කීයක් හරි ඉතුරු කරගෙන මහලු ජීවිතය ගෙවන්න සූදානම් වන මිනිස්සුන්ගේ පොළියට බදු ගහන එක සාධාරණද? හෙන ගහන්න ඕනේ මේ වැඩවලට...

:       16       0

Ravi Monday, 26 March 2018 10:57 AM

අනාගත මුදල් ඇමතිතුමාට ජයවේවා !!!

:       77       0

Chanak Los angeles Tuesday, 27 March 2018 02:38 AM

අපිට කනගාටුයි මහජනයා තවමත් මොවුන්ට රැවටෙන එකට

:       0       112

dhamneth Tuesday, 27 March 2018 08:07 AM

බන්දුල මහත්තයෝ ඔයගොල්ලන්ගේ කාලයේදී ජේස්ට පුරවැසියන්ගේ තැන්පතුවලට ගෙව්වේ 10% නේද ,මේ ආණ්ඩුව මුල්ම අයවැයේ සිට එය 15% දක්වා වැඩිකල බව ඔබට අමතකද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 4996 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 568 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1957 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3620 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4682 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 110 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 262 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 863 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site