IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


ආණ්ඩුවේ නොහැකියාව ඔප්පු කර අවසන්

ප්‍රශ්නය:- මෑත කාලයේ එ.ජා.පය ප්‍රධාන මාතෘකාවක්. මැතිවරණය දොරකඩ  සිටින අවස්ථාවක ඔබලාගේ ස්ථාවරය කුමක්ද?
පිළිතුර:- එ.ජා.පය මේ රටේ පැරැණිම පක්ෂය. ජනතාව තම ආගමට පසුව සිහිකරන එකම පක්ෂය එ.ජාපයයි. එ.ජා.යට දර්ශනයක්,වැඩ පිළිවෙළක් තිබෙනවා. අපි උරුමයක් වශයෙන් එය ආරක්ෂා කරනවා. මේ වෙලාවේ එ.ජා.ප.යට හැම දෙනාම අභියෝග කරනවා. එයින්ම පේනවා .එ.ජා.ප.යේ තිබෙන ශක්තිමත් භාවය. මේ රටට නිදහස ලබා දුන්නේ එ.ජා.ප.ය නිදහස් අධ්‍යපනය ඇති කළා. මහපොළ හඳුන්වා දුන්නා. කඩිනම් මහවැලිය හරහා මේ රටේ ගොවි ජනතාවට අපිරිමිත සේවයක් කර තිබෙනවා. මම මුදල් ඇමැති වශයෙන් සිටි කාලයේ පාසල් දරුවන්ට ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් ලබාදුන්නා.  ජල විදුලිය නිපදවුයේ කවුද? විවෘත  ආර්ථිකය ඇති කර මේ රටේ ආර්ථික පුනර්ජීවනයක් කළේ එ.ජා.පයයි. නව තකාෂණය මේ රටට හඳුන්වා දුන්නේ එ.ජා.පයයි.  මේ රට ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කළ හැකි එකම පක්ෂය එ.ජා.පය  බව පැහැදිලියි. ඒ නිසා හැමෝම අපට අභියෝග කරමින් චරිත ඝාතනය කරමින් සිටිනවා.

ප්‍රශ්නය:- මැතිවරණ​යේ එල්ල වී ඇති අභියෝගය ජය ගන්න වැඩ පිළිවෙළක් ඔබලාට තිබෙනවාද?
පිළිතුර:- අපේ පක්ෂයෙම යම් පිරිසක් පෝෂණය වුණා. එ.ජා.පයෙන්ම හැදී වැඩී එයටම  පහරදීම යම් අය කරනවා. මේක හරියට අම්මට  තාත්තට පහර දෙනව වගේ වැඩක්. හැබැයි අසල් වැසියන් ඇතුළු සියලු දෙනා දන්නවා මේ අය පක්ෂයට කළේ මොන වගේ අපරාධයක්ද කියලා. මේ අය කරන්නේ මොනව කියා ජනතාව අවබෝධ කරගෙන සිටිනවා. එ.ජා.පය යම් තරමකින් හෝ ජනතාවගෙන් ඈත් වුණා නම් ඒ වගේ සංවිධායකයන් සිටි නිසයි.  
ජනාධිපතිවරණයේදී අන්ත පරාජයට පත්වුණේ පක්ෂ නියෝජිතයන් හැටියටයි. බොහෝ දෙනාට තම ආසනය ජය ගන්න බැරිවුණා. එසේ පරාජය  වූ අය ඒ පැත්තට ගිහින් සිටිනවා. ප්‍රශ්නය ඇතිව තිබෙන්නේ එවන් ක්‍රියා සම්බන්ධයෙන් ඊට වඩා  සූක්ෂම වැඩ පිළිවෙළක් මේ අය ක්‍රියාත්මක කරන බව පේනවා. ආණ්ඩුවට කරන්න බැරි වූ දේ මේ අය කොන්ත්‍රාත් ගෙන කරනවා. මේ අය අභ්‍යන්තරව කරන්න හදන දේ  දැන්  හෙළිවෙලා. මේ මොනව කළත් වැඩ කරන අලියා කයිවාරු ගසන පක්ෂවලට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටිනවා.  

ප්‍රශ්නය:-හැබැයි එ.ජා.පයේ ඇති බහුතරය ඉන්නේ අනිත් පිරිස සමඟ බව ඔවුන් කියනවා නේද?
පිළිතුර:- පරාජය වූ සියලු දෙනා එකතැනක ඉන්නවා.
එහෙම නම් ඒ අය ප්‍රශ්නයක් ඇති  කරගෙන ගිය බව පැහැදිලියි. ආසනය ජයගත්  කවුරුවත් එළියට ගිහින් තිබෙනවද? එ.ජා.පය ලක්ෂ 15කින්  පැරදුනේ කවදද? මේ අය විවිධ ප්‍රශ්න හදන්න උත්සාහ කරනවා. බලය ගන්න කොට හොඳයි හැබැයි පැරදුනාම දෙතුන් දෙනකුගේ ගොඩට එය බැර කිරීම සාධාරණද?අපි රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා ජීවන වියදම  අඩු කළා. ලංකාව ලෝකය සමඟ සම්බන්ධ කළා. මේ සියල්ලෙන් පසුව එක් වරම පක්ෂය නරක් වුණේ කොහොමද?පරාජය වූ අය එය වසා ගැනීමට විවිධ කතා කියනවා. හැබැයි ජනතාව ඉන්නේ වැඩ කරන අලියා සමගයි.

ප්‍රශ්නය:- මේ මැතිවරණයෙන් පසුව එ.ජා.පය ආණ්ඩුවට යනවද? එ.ජා.පය ඇත්තටම ඉන්නේ ඩීල් එකකද?
පිළිතුර:- අපේ පක්ෂය කඩන අය ඔය කතාව කියනවා.
සංස්කෘතික අරමුදලේ ප්‍රශ්නය බලන්න. අපි එදා මේවා ප්‍රශ්න කළාම නැහැ කිව්වා. වෙච්ච දේ දැන් අනාවරණය වී තිබෙනවා. මේවා  හෙළිවෙන්න කල්ගියේ ඇයි? හැබැයි එ.ජා.ප.ය ආරක්ෂා කර ගනිමින් වැඩ කළ අපට තමයි ගැහුව්වේ. එහෙත් ඇත්ත දැන් රටට හෙළිවී තිබෙනවා. අපි හදන ආණ්ඩුවකට වෙනත්  පක්ෂවලට මුක්කු  ගහන්න  ඕන නැහැ. බැරි පිරිස් හැම වෙලාවෙම වැඩ කරන අයගේ චරිත ඝාතනය කරන්න හදනවා. අපි ජනතාවගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා. ගෙවුණ මාස අටේදී ආණ්ඩුව කළේ මොනවද? ජීවන වියදම සියයට හතළිහකින් වැඩි වෙලා. අපි අඩුකළ තෙල් මිල කිරිපිටි, ගෑස්, සැමන්, පරිප්පු මිල ශීඝ්‍රයෙන් වැඩි කරලා.

සීනි මිල කීයද? කහ සොයාගන්නත් බැරි තරම්. ජීවන වියදමට උත්තරයක් නැහැ. ජනතාවගේ ආදායම් කඩා වැටිලා. එදිනෙදා ආදායම් සොයා ගත් අය ශත පහක් නැතිව සිටිනවා. සියලු දෙනා අස්ථාවර තත්ත්වයට පත්වෙලා. තරුණ තරුණියන්ට රැකියා නැහැ. සහජීවනය ප්‍රශ්නයකට ලක්වෙලා. එහෙම බැලුවාම ආණ්ඩුව ගෙනත් තිබෙන්නේ කොරෝනා විතරයි. එහෙම ආණ්ඩුවක් සමග අප මොන ඩීල්ද? එ.ජා.පය වැඩකර පෙන්වූ පක්ෂයක්. කුලී පක්ෂ ටිකක්  එක්වී අපට චෝදනා කරනවා. දෙමළ මුස්ලිම් පක්ෂ ඔතන තිබෙනවා. ඔතන සිංහල පක්ෂයක් තිබෙනවද? දැන් ඒ අය නන්නත්තාර වී ඇති බව වටහාගෙන සිටිනවා. ජනතාව මේ අයට නිසි පිළිතුරු දේවි.

ප්‍රශ්නය:- එ.ජා.ය යේ සිටින්නේ චෝදනා එල්ලවන පිරිස බවත් මැතිවරණයෙන් ඔවුන් ප්‍රතික්ෂේප වනු ඇති බවක් කියනවා. ඇත්තටම එහෙමද?
පිළිතුර:- සෑම වසර පහකට වරක් ඔබලා ඔය ප්‍රශ්නය අහනවා.
ඕකට උත්තරද අපි පෙන්නා තිබෙනවා. සංස්කෘතික   අරමුදලේ ප්‍රශ්නයට ඉන්නේ කවුද? සජිත්  නේද? හම්බන්තොට තරුණ තරුණියන් 4500ක් අනාථ කර තිබෙන්නේ කවුද? ඒ අයට රැකියා දුන් ආකාරය වැටුප් ගෙවූ ආකාරය හෙළිවී තිබෙනවා. මේවා කළේ කවුද? නිවාස ලබාදීමේ අක්‍රමිකතා අනාවරණය වෙලා. විදේශ රැකියා ප්‍රශ්නවලට අදාළ අය ඉන්නෙත් ඒ  පැත්තේ. අපට චෝදනා කළ ෆුට්නෝට් කල්ලිය ඉන්නෙත් ඒ පැත්තේ. දැන් මේ අය කරපු දේවල් රටට හෙළිවෙමින් තිබෙනවා. ඒවාට අපි සම්බන්ධ නැහැ. හැබැයි   අපට චෝදනා කරනවා. අනෙක් අයට හොරා හොරා කියමින් දුවන කෙනා කවුද කියා ජනතාව දන්නවා. මේ රටේ සිරිත වැඩ කරන කෙනාට පහරදීමයි. දුෂණය කළ පිරිස එ.ජාපයෙන් එළියට ගිහින් තිබෙනවා. ඒ නිසා අපේ පක්ෂය සුද්ධ වෙලා. වාණිජ බැංකු බාරව සිටියේ කවුද? මහ බැංකුව බාර නියෝජ්‍ය ඇමැති වුණේ කවුද?විවාදයකට එන්න කියා ලොකුවට සද්ද කරන අයට  අපි අභියෝග කළා. ඒත් ආවෙ නැහැ. එහෙම මුහුණට මුහුණ සංවාදයකට එන්න තරම් ශක්තියක් ඔය අයට නැහැ.

 ඇත්තටම එ.ජා.ප.ය කඩා තිබෙන්නේ මාධ්‍ය​යෙන්. බැලුම් බෝලයක් පුම්බා එය පිපිරුණාම එය පිම්බුවේ කවුද කියා අහනවා. කළ ගුණ නොදත් අය පක්ෂයට ප්‍රශ්න ඇති කළා. අර උරුමය මේ උරුමය කියාගෙන ආපු අය මේ පක්ෂය විනාශ කළා. සංස්කෘතික අරමුදලේ මුදල් ජනාධිපතිවරණ කාලයේ වැය කරපු ආකාරය හෙළිවෙලා. වසර පහක් අපේ චරිත ඝාතනය කළේ ඔය අයයි. මම මුදල් ඇමැති හැටියට රටට ජනතාවට කළ වැඩ කොටස මේ අයට දරාගන්න බැරිවුණා. රැකියාවක් ව්‍යාපාරයක් නොකරන කෙනකු මේ තරම් මුදල් වියදම් කරන්නේ කොහොමද? මේ අය කළේ එ.ජා.පයට  හානි කිරීම පමණයි. පක්ෂයේ අසමගිය ඇති කළා. කොළඹ අයට එදා සිනාසුණා. හැබැයි අද ටයිකෝට් කාරයන් සමග ඉන්නවා.

ප්‍රශ්නය:- ඔබ මේ මොහොතේ කොළඹ දිස්ත්‍රික් ජනතාවට දෙන පණිවිඩය කුමක්ද?
පිළිතුර:- අපට අවශ්‍ය  රට හදන ගමනක් යන්න මිස අනෙක් අයට බැන බැන ඉන්න නෙමෙයි. එ.ජා.පයේ ඉන්නේ වැඩ කරන මිනිස්සු. අනික් කණ්ඩායමේ ඉන්නේ කතාකාරයෝ. අපට අවශ්‍ය මේ රටේ තරුණ තරුණියන්ට රැකීරක්ෂා ලැබෙන   මාර්ග ඇති කරන්න. ආර්ථිකය  ශක්තිමත් කරන්න. ජනතාවට පීඩනයක් නොවන ජීවන වියදමක් ඇති කරන්න අපට අවශ්‍යයි. මම මුදල් ඇමැති වශයෙන්  රජයේ සේවකයන්ට දස දහසක වැටුප් වැඩිවීම දෙනවිට අපට සිනාසුනා. ස්වභාවික  විපතකදී රක්ෂණයක් ඇති කළා. අපි කළ වැඩ ලංකාවේ අය අගය නොකළාට ලෝකයා අප දෙස බලා ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමැති ලෙස මා තෝරා ගත්තා. එවන් සම්මානයක් ලංකාවට ලැබුණේ මුල්වතාවටයි. සෑම වෙලාවකම මා  සමග සිටියේ කොළඹ දිස්ත්‍රික් ජනතාවයි. ඔවුන්ගේ දුකේදී සැපේදී මම ඉන්නවා.  එනිසා ජනතාවගේ ප්‍රශ්න විසඳිය හැකි රටේ ආර්ථිකය නැංවිය හැකි ජනතාවගේ අතට මුදල් දිය හැකි එ.ජා.පය මෙවර ඉදිරියෙන්ම තැබිය යුතුයි. බිංදුවට වැටී ඇති ආර්ථිකය පුනර්ජීවනය කළ හැක්කේ එ.ජාපයටයි. වසර විසි හයක් තිස්සේ දුකේදිත් සැපේදීත් කොළඹ ජනතාව  සමග මම ඉන්නවා. අපි කවුද කියා කොළඹ දිස්ත්‍රික් ජනතාව දන්නවා. රට ඉදිරියට ගෙනායටම එ.ජාපය ආරක්ෂා කරගත යුතුයි. අලියා නැති කිරීමට කාටවත් ඉඩ නොදිය යුතුයි.

අපි තරුණයන් මූලිකකරගත් වැඩ සටහනක්  අරඹනවා. ජනාධිපතිවරණය පරාජය වුණේ ඒ අපේක්ෂකයාට තරුණ ඡන්දවලට  ආමන්ත්‍රණය කරන්න බැරි වූ නිසයි. සිංහල බෞද්ධ පදනම වෘත්තීය පදනම අපෙන් ඈත් වුණා. පාවෙන ඡන්ද එදා අපට ලැබුණේ නැහැ. එහෙත් අද සිටින තරුණ පරපුර මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළ නිසා අපේක්ෂාභංගත්වයට පත්වෙලා. තරුණ පරපුරේ ප්‍රශ්න විසඳන්න අපි සුදානම්. තරුණ පිරිස් මෙවර අප කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. මේ අයට රු. 10,000 දෙන්නේ රැකියාවක් ලැබෙන තුරු මවුපියන්ට බරක් නොවී සිටීමටයි. රටේ ආර්ථිකයට මේ අය සම්බන්ධ කර ඔවුන්ට දෙපයින් සිට ගැනීමට අවශ්‍ය පසුබිම හදන්න අපට පුළුවන්. අපදෙස  වපර ඇසින් බලන්න එපා. කළ හැකි දේ අපි කියා තිබෙනවා. විසිදහස දෙනවා කියන්නේ ගල් පැලෙන බොරුවක්. එක එක මැතිවරණයේදී  එක එක පක්ෂවලින් තරග කළ අය එ.ජා.පය කැඩුවා. ඒ අයට නිසි පිළිතුරු දිය යුතුයි. අපේම එ.ජා.පය වෙනුවෙන් මෙවර අපි වැඩ කළ යුතුයි.


(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)

 



අදහස් (0)

ආණ්ඩුවේ නොහැකියාව ඔප්පු කර අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 3213 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 528 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1929 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3585 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 67 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 221 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 773 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site