(ජයන්ත සමරකෝන්)
ආණ්ඩුවේ නොහැකියාව හා ජනතා විරෝධය වෙනතකට යොමු කිරීම සඳහා ඉතිහාසයේ කිසි කලෙකත් නොවූ අයුරින් මෙවර ලෝක කම්කරු දිනය හා බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පොහෝ දිනය පවා වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි, ලංකා සමසමාජ පක්‍ෂයේ ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ (25) පැවසීය.
වැඩකරන ජනතාව ලෙයින් දිනාගත් දිනය හා වෙසක් පොහෝ දිනය වෙනත් දිනයක පැවැත්වීමට රජයකට කිසිඳු අයිතියක් නැතැයි ද මෙය රජය හිතාමතාම කළ අදූරදර්ශී ක්‍රියාවක් යැයිද කොළඹ 2, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවතේ පිහිටි ලංකා සමසමාජ පක්‍ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහාචාර්යවරයා කීය.
මැයි 1 වැනිදාට නියමිත කම්කරු දිනය 7 වෙනිදාට කල් දැමීම හා වෙසක් දිනය අප්‍රේල් 29 දා පැවැත්වීම සම්බන්ධයෙන් කෙරුණු දැන්වීම් සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද කීය.
වැඩකරන ජනතාවගේ එකම දිනය මැයි පළමුවන දිනයි. වසර ගණනාවක් තිස්සේම අපි මේ දිනය සමරනු ලැබුවා. වෙසක් පොහෝ දිනයත් ඒ වගේමයි. අප්‍රේල් මාසෙට වෙසක් පොහොයක් තිබිලා නැහැ.
නොවිය යුතු දේවල් ඔක්කොම මේ ආණ්ඩුව කරන්නේ නොදැන නොවෙයි. ජනතා අප්‍රසාදය විරෝධය වෙනත් අතකට යොමු කරන්නයි.
එදා ජේ.ආර්. රජයට එරෙහිව නැගුණු ජනතා විරෝධය වැඩ පැවැත්වීම සඳහා 1983 කළු ජූලිය ඇති කළා.
දෙමළ ජාතිවාදී කලකෝලහල ඇති වන්නට පසුබිම හැදුවා.
පසුගියදා අම්පාර හා දිගන මුස්ලිම් ජාතිවාදී අරගලය ද සැලසුම්සහගතව ඇති කළ දෙයක්. ආණ්ඩුව පවත්වාගෙන යාමට වෙනත් විකල්පයක් නැහැ. ජනතා විරෝධය වළක්වන්නටත් ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කරන්නටත් දැන් මැයි දිනය හෑල්ලුවට ලක් කරලා.
වෙසක් පොහෝ දිනය වෙනස් කිරීමත් බරපතළ තත්ත්වයක්. මහානායක හිමිවරුන්ගේ උපදෙස් මත කළ බවට දැන් කියනවා. ආණ්ඩුවේ කැලැන්ඩරය මඟින් එය කලින්ම සැලසුම් කර තිබුණා.
කොහොම වුණත් අපි පළමුවැනිදා සමාජවාදී ජනතා පෙරමුණේ මැයි දිනය සංකේතාත්මකව නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී හවස 3.30 ට පවත්වනවා.
මැයි 7 වැනිදා ඒකාබද්ධ විපක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගාල්ලේ සමනල ක්‍රීඩා පිටියේදී මැයි දින රැලිය හා පෙළපාළිය පවත්වනවා.
ඊට වමේ පක්‍ෂ හා වෘත්තීය සමිති සංවිධාන ද එක්වෙනවා. අපි ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැලියට සම්බන්ධ වන්නේ ගාල්ල කළුවැල්ල හන්දියෙන්. ඒ පස්වරු 1.00 ටයි.
හවස 3.00 ට රැලිය ආරම්භ වීමට නියමිතයි. එදාම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ බලාගත හැකියි. ආණ්ඩුව ගෙදර යැවීමේ සටන අපි එදා ආරම්භ කරනවා.
දේශපාලන මණ්ඩල සභික දකුණු පළාත් සභා මන්ත්‍රී (සමසමාජ) බද්දේගම සමිත, ජාතික සංවිධායක වයි.ජී. පද්මසිරි, නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා යන මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ආණ්ඩුවේ නොහැකියාව, ජනතා විරෝධය අමතක කරන්න මැයි දිනයත්, වෙසක් දිනයත් වෙනස් කළා