IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


‘ආණ්ඩුව හදන යන්තරෙයි මන්තරෙයි තියෙන්නේ අපි ළඟයි’

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය නොමැතිව කිසිවෙකුට ජයග්‍රහණය කළ නොහැකිබවත් ආණ්ඩු හදන යන්තරෙයි මන්තරෙයි දෙකම තිබෙන්නේ තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ “මාතොට තීන්දුව හරි අතට”යන මැයෙන්වු මාතර දිස්ත්‍රික් සම්මේලනයේ දී ජනාධිපතිවරයා ඒ බව කීය.
 
වැලිගම නගර ශාලාවේ පැවැත්වු එම රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීවේය.
 
“2015 ජනවාරි 08වැනිදා මම අපේක්ෂකධුරය ලබා ගත් පෙරමුණ තමයි ජයග්‍රහණය කළේ. මහින්ද රාජපක්ෂ මහත්තයගේ රැස්වීම්වල විශාල වශයෙන් සෙනග පේන්න හිටියත් ඡන්ද ප්‍රතිඵලය ඊට වෙනස් වුණා. ඒ වර්ෂයේ අගෝස්තු මස පැවති මහමැතිවරණයෙදී මා කාටවත් සහාය දුන්නේ නෑ. එහිදී ප්‍රධාන පක්ෂ දෙකම පරාජයට පත් වුණා. එක්සත් ජාතික පෙරමුණ 106 යි. එක්සත් ජනතා නිදහස් සන්ධානය 96 යි ආසන දිනා ගත්තේ. ඒ කාටවත් 113ගන්න බැරි වුණා. ඒ නිසා ඉදිරියටත් ජනාධිපතිවරණයෙදිත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ මා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙන දේශපාලන පක්ෂයයි. ඒ නිසා ආණ්ඩු හැදීමේ යන්තරේ වගේම මන්තරේ තිබෙන්නෙත් අපේ ගාවයි” යැයිද පැවසීය.



අදහස් (7)

‘ආණ්ඩුව හදන යන්තරෙයි මන්තරෙයි තියෙන්නේ අපි ළඟයි’

Chathuri Monday, 23 September 2019 02:26 PM

ආණ්ඩුව හදන යන්තරෙයි, මන්තරෙයි අතේ තියෙනවා නම්..., හොරුන්, දූෂිතයන්... කොහොමද නිදැල්ලේ ඉන්නේ? ජනතාව දුක් විඳින්නත්, සැප විඳින්නෙත්. කොහොමද? යන්තරේ කිල්ලට අසුවෙලාද? දැන් මේ රටට... දෙවියන්ගේම පිහිටයි... මේ කපටි නරින්ගෙන් මේ රට නිදහස් වුණුදාට තමයි මේ රටට කිරි ඉතිරෙන්නේ... නඩේ කරන්නේ ජනතාව අල්ලේ නටවන එකයි. අධිකරණය නටවන එකයි, එකෙක් ඉන්නවද? මේ දෙගොල්ලන්ටම ආදරේ කරන එකෙක්... විදේශ රටවල හැමදේම කොපි කරනවා. නීතියයි, සාමයයි විතරයි කොපි නොකරන්නේ....

:       0       0

victor Monday, 23 September 2019 06:48 PM

නොවැම්බර් 16න් පස්සේ ජප කරකර ඉන්න තමයි වෙන්නේ...

:       0       0

Nissanka Monday, 23 September 2019 06:59 PM

හොරු අල්ලන්නම් කියලා අපේ ඡන්දෙ අරන් අන්තිමේදී හොරුන් ආරක්ෂා කළා මදිවට තමන් යට යවන්න හිටිය කියපු කෙනාට අගමැතිකමත් දුන්නා. ආයෙත් මෙයා කියන දේවල් අහන්න මේ රටේ මිනිස්සු සූදානම් නැහැ. පුලුවන්නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා බලන්න. නාගානන්දටත් පැරදිලා පස්වෙනි තැනට එන්නේ. එතකොට තේරෙයි යන්තරේ තරම...

:       0       0

Chanak los angeles Monday, 23 September 2019 08:33 PM

එජාපයෙන් දුන් කලිසමත් ඇඳගෙන එජාපයටම පහර දෙනවා. මෙහෙම කෙනෙක් හොයාගත්තේ මොන කරුමයකටද?

:       0       0

Chanak los angeles Monday, 23 September 2019 08:43 PM

2015 දිනන හැටි බලන්න තිබුනා උතුරේ හා නැගෙනහිර සුළු ඡන්ද ගොඩ නොලැබුනානම් .ලංකාවට නිදහස ලැබී ගතවුන අවුරුදු ගණන දන්නේ නැති වුනාට කයිවාරුව නම් තිබෙනවා .

:       0       3

pj Tuesday, 24 September 2019 01:20 AM

කරන කියන දේ අනුව ජනාධිපතිවරණයට ඔය යන්තරෙයි මන්තරෙයි හරි යන්නෙ නැති බව වත් නොදන්න කෙනෙක් වීම ගැන පුදුමයක් නැහැ. ජනාධිපතිවරණයේදී පක්ෂවල ඉන්න මන්ත්‍රී ගණන බල නොපාන බව ඡන්දය ලැබෙන්නෙ පක්ෂයට හා පුද්ගලයාට බව හැමෝම දන්නා සාමාන්‍ය දෙයක්.

:       0       3

Nandalal DE SILVA - France Thursday, 26 September 2019 04:11 PM

අනේ මගේ කට !!! වැලිගම් ඉඳලා ගාල්ලට වැඩි දුරක් නැති නිසා ගාල්ලේ සුමනදාස ගුරාද මේ "පේන කියන්නේ" කියලත් අපට හිතෙනවා!!! පේන කියන සිරිසේන ගුරාගේ ප්‍රතිඵල ලඟදී දැකගත හැකියි නේද?

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 556 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 761 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6164 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 723 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2034 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3737 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 138 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 394 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site