IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


ආණ්ඩුවට තරු පේන්නේ ගෝඨාභයට අත තිබ්බ දාටයි

 (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

බය නැති අගමැති බය නැතිව බැඳුම්කර කොමිසමට ගියේ මම පන්දු යවනකොට බය නැතිව බැට් කරන්න එන මගේ පොඩි පුතා වගේ. මේ කොමිසමෙන් අහන ප්‍රශ්නත් ඊට දෙන පිළිතුරුත් දැනගෙන හිටිය නිසා බය නැති අගමැති බය නැතිව බැඳුම්කර කොමිසමට ගියා යයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා බළපිටිය රන්දොඹේදී කීවේය.

බළපිටිය රන්දොඹේ කොට්ඨාසයෙන් පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට අපේක්ෂාවෙන් සිටින අනුෂ මෙන්ඩිස් මහතා සංවිධානය කොට රන්දොඹේ සභා ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවක් අමතා ගම්මන්පිල මහතා එසේ කීවේය.

ජනහමුව අමතා තවදුරටත් කතා කළ උදය ගම්මන්පිල මහතා මෙසේ ද කීවේය.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව අද මේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. මේ මහා වංචාව අද හෙළිවෙලා ඉවරයි. එම වංචාවෙන් වුණු පාඩුව හානිය රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක්. මහා දවල් සිද්ධ කළ මේ මහා හොරකමට වැරැදිකරුවන් කිහිපදෙනකුම ඉන්නවා. අපි බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුව ඔවුන්ට දෙන දඬුවම් ගැනයි.

මේ බැඳුම්කර වංචාවට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන ඇලෝසියස්, හිටපු මුදල් ඇමැති රවී කරුණානායකගේ බිරිඳට තෑගි කළ නිවෙස ගැන රවී දැනගෙන ඉඳල නැහැයි කියල එයා කිව්වා. යකෝ, පුදුම වැඬේ කියන්නේ තමන්ගේ නෝනට තෑගි වශයෙන් කෙනෙක් ගෙයක් තෑගි කළා නම් ඒ ගැන දන්නෙ නැහැ කියන්නේ කොහොමද? අපි නම් අපේ නෝනා මම දන්නෙ නැතිව අලුත් ගවුමක් ඇන්දත් අහනවා ඔයාට කොයින්ද මේ හමුව කියලා. ඒකයි කසාද ජීවිතය තියෙන්නේ. ඕනෑම පිරිමියෙක් අහනවා නෝනට තමන් දන්නෙ නැතිව දෙයක් ලැබුණාම ඒක කොහෙන්ද කියලා. ඒ සොයා බැලීම නිසානේ අපේ කසාද ජීවිතය තියෙන්නේ. මට මේ වෙලාවේ අර ඉස්සර පෙන්නපු චිත්‍රපටියක් මතක් වෙනවා. අර සුද්දිලාගේ කතාව. සුද්දිගේ සැමියා අවුරුදු අටක් හිරබත් කාලා නිදහස් වෙලා එන දවසේ සුද්දි ඔහු බලන්න යන්නේ හොඳට නාලා සුවඳ සබන් ඇඟේ ගාගෙන. හිරෙන් එළියට එන සුද්දිගේ සැමියා මුලින්ම මොකද්ද සුද්දිගෙන් අහන්නේ. ‘තොට කොයින්ද ඇඟේ ගාන්න සුවඳ සබන් හම්බ වුණේ?’ කියලා. එහෙව් රටේ රවී දන්නෙ නැහැ තමන්ගේ නෝනට තෑගි වශයෙන් ලැබුණු ගේ ගැන.

බැඳුම්කර වංචාව රටට හෙළිකරන්න නීතිඥ දප්පුල ලිවේරා ලොකු කාර්යභාරයක් කළා. මේ දක්ෂ නීතිඥයාගේ හරස් ප්‍රශ්නවලින් කාටවත් රිංගලා යන්න බැරිවුණා. හැබැයි මේ දක්ෂ නීතිඥයාට බය නැති අගමැතිගෙන් හරස් ප්‍රශ්න අහන්න ඉඩ ලබාදුන්නේ නැහැ. දුන්නානම් වැඬේ ලෙඩක් වෙන නිසාම තමන්ලා විසින්ම පත් කළ අයගෙන්ම හරස් ප්‍රශ්න අහන්න සැලැස්සුවා. ඒ නිසාම බය නැති අගමැති බය නැතිව බැඳුම්කර කොමිසමට ගිහිල්ලා සාක්කි දුන්නා.

ඒක හරියට මම පුතාල දෙන්නත් එක්ක අපේ ගේ ඉස්සරහා ක්‍රිකට් ගහන්න යනවා. පොඩි පුතා බයයි අයිය බෝල් කරනකොට බැට් කරන්න එන්න. ඒක නිසා එයා ක්‍රිකට් ගහන්න එන්නේ නැහැ. හැම වෙලාවෙම ක්‍රිකට් ගහන්න කතා කළාම බැහැ කියනවා. මම ඒ වෙලාවට කියනවා පුතා එන්න බය නැතිව මමනේ බෝල් කරන්නේ. ඔයා එන්න බය නැතිව ඇවිල්ලා සෙල්ලම් කරන්නකෝ කියලා. එතකොට පොඩි පුතා එනවා ක්‍රිකට් ගහන්න. මම ඉතිං මිනිහගේ පිත්තටම බෝලෙ දානවා. පුතා වැටට උඩින් හයේ පාරවල් බය නැතිව ගහනවා.

මම ඉතිං පුතා අවුට් කරන්න හිතාගෙන විකට් එකටම බෝලේ දාන්නේ නැහැනේ. මම බෝලේ පිත්තටම දානවා පුතා හයේම ගහනවා. බලන් ඉන්න ගෙදර අය කියනවා පොඩි පුතා බය නැතිව තාත්තගේ බෝලෙට හයේව ගහනවා කියලා.

ඔන්න ඔය වගෙයි අගමැති බය නැතිව බැඳුම්කර කොමිසමට ආවේ. කොළඹ දැන්වීම් ගහල තිබුණ ‘බය නැති අගමැති’ කියලා. හැබැයි ඕකට තව ඉස්සරහට අකුරු තුනක් එක් කරා නම් හරි. ඒත තමයි ‘ලජ්ජා’ කියන අකුරු තුන. එතකොට තමයි හරියන්නේ.

මේ ආණ්ඩුව ගෝඨාභයට බයයි. ගෝඨාභයට ලොකු බයකින් ඉන්න ආණ්ඩුව ඔහු අත්අඩංගුවට සැරසෙනවා. හැබැයි වැරැදිලාවත් ආණ්ඩුව ගෝඨාභය අත්අඩංගුවට ගත්තොත් මහා සංඝරත්නය පාරට බහිනවා. අපිට දැනගන්න ලැබුණු විදිහට මහා නායක හාමුදුරුවරුන් ආණ්ඩුවට කියලා තියෙනවා ගෝඨාභය අත්අඩංගුවට ගත්තොත් උන්වහන්සේලා ආණ්ඩුවේ කිසිම දේකට එන්නේ නැහැ කියලා. ඒ නිසා ආණ්ඩුව ඔහු අත්අඩංගුවට ගන්න බැරිව කල් අරිමින් සිටිනවා.

අපි ආණ්ඩුවට කියනවා ගෝඨාභයට අත තිබ්බොත් බලාගෙනයි. අපේ ශක්තිය අපේ සටන පෙන්වන්නේ එදාට තමයි. මේ රට නිදහස් කරගන්න ගෝඨාභය කළ කැපවීම, සේවය මම ඔබතුමන්ලාට අමුතුවෙන්ම කියන්න යන්නේ නැහැ. අපි කියනවා පුළුවන්නම් ගෝඨාභය අත්අඩංගුවට අරගෙන පෙන්වන්න කියලා. එහෙම කළොත් මේ ආණ්ඩුවට විරුද්ධව විශාල ජනමතයක් ඇති වෙනවා. කොහොමටත් දැන් වැඩ බැරි මේ ආණ්ඩුව ජනතාවට එපාවෙලා ඉවරයි.

බළපිටිය විහාරාධිපති සංගමයේ සභාපති බළපිටියේ ධම්මික හිමි, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් තුෂාර දිසානායක, සුගීෂ්වර බණ්ඩාර, පොදුජන පෙරමුණේ අනුෂ මෙන්ඩිස්, සමීර ආරියරත්න යන මහත්වරු ද මෙහිදී කතා කළහ.

 



අදහස් (22)

ආණ්ඩුවට තරු පේන්නේ ගෝඨාභයට අත තිබ්බ දාටයි

rohana kuamara mendis Monday, 04 December 2017 08:41 AM

බැඳුම්කරය කියන එකේවත් තේරුම නොදන්නා මිනිස්සු ලංකාවේ ඉන්නේ.. එ්ත් හොරෙක් කියලා නම් ඕනෙම නොදරුවෙක් දන්නවා. අර හොර ඇටෝනි බලපත්‍ර හදාගෙන ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ සල්ලි ගත්තු ඒවා....

:       729       769

BamunuarachchiTuesday, 05 December 2017 01:43 AM

එහෙම නඩුවකින් ඔප්පුවෙලා තිබෙනවානම් කියන්න කොයිකාලේද කියලා මටත් ඔය සම්බන්දව අදහස් පලකිරීම අවස්තාව ආවොත් මටත් උදය ගම්මන්පිල ගැන මෙතන පලකොරන්න.

:       76       4

sena Monday, 04 December 2017 08:50 AM

කට්ටියට ඕවා මතක නැතිවෙනවා සර්, ඔබතුමාටත් අර කොටස් විකුණලා ගත්ත සල්ලිවලට වුණු දේ මතක නැති වුණේ...

:       444       251

appuhami Monday, 04 December 2017 10:38 AM

එතකොට සුදු වෑන් ගැන මොකද කියන්නේ?

:       127       135

රණසිංහ Monday, 04 December 2017 10:58 AM

ඒ කියන්නේ රටේ ත්‍රිවිධ හමුදාව දිවිහිමියෙන් සටන් කර දිනාගත් යුද්දෙට ගෝඨාභයව වීරය කරලා. එතකොට ගෝඨාභයගේ අනින් හිරගෙදරට පැනල කරපු ඝාතන වලට දඬුවම් එපාද? නිකං සිංහලයා කුලප්පු කරලා බඩ වියත රැකගන්නවට වඩා නරකද තව සුද්දෙක්ට සුද්ද කරන එක...?

:       320       376

එර්දි Monday, 04 December 2017 12:22 PM

නීතියෙන් නිදොස් වනතුරු කාටවත් බැහැ කෙනෙක්ව නිර්දෝෂී පුද්ගලයක් කරන්න. මේ විදිහට රටේ මිනිස්සු ලව්වා අපරාධකාරයින්ව මුදාගන්න ක්‍රියා කරන බවට ප්‍රකාශ කරන්නෙත් වංචනිකයෙක්....

:       111       90

BamunuarachchiTuesday, 05 December 2017 02:35 AM

ඔබත් අද ලංකාවේ පාරක යන්නේ ගෝඨාභය වගේ අය නිසා. නැතුව මේ යුද්දය දිනන්න බැහැ කියා කියපු අය නිසා නොවෙයි. LTTE යට මුදල් සහ යුද ආයුද දීපු නායකයෝ, රේඩාර් පද්ධති දීපු නායකයෝ ඔබලාට වැන්න වුන්ට අමතකයි නේද. ජාතියටම සාපයක්.

:       112       82

silva Monday, 04 December 2017 01:36 PM

ගොඨාභය කරපු හොද වැඩවලට කැමැති වගේම කරපු නරක වැඩවලට නීතියට මුහුණ දෙන්න. මේ වගේ අය ගාව ගන්න හොඳ නැහැ කිසි දෙයකට ...

:       129       222

BamunuarachchiTuesday, 05 December 2017 02:10 AM

ඔය කතාවත් හරියට දලිපිහියන් රැවුල බාල ඉවරවෙලා දැලිපිහිය කෙස් එකට දාන ගිහිල්ල අත කපුනොත් මේ දැලිපිහියෙන් වැඩක් නැහැ කියනවා වගේ. මහත්මයෝ මෙරටේ පොලිසියට ඕනෑම වෙලාවක ඔබව චෝදනාවකට හසුකර ගන්න පුළුවන්. ඔබ එය නැහැයි කියනවාද. ඒ බව ඔබ කලින් දැනගත්තොත් මොකද කරන්නේ ඉහල පොලිස් නිලදාරියෙකුට කියා බේරුම් කර ගන්න බලනවා නැතිනම් නීතිඥ මහතෙකු මගින් උසාවි යනවා. මේ ආණ්ඩුවේ අය මෙකරන්නේ ගෝඨාභය මහතාගේ ගේ නමට පොඩි කැළලක් දමන්න. ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් හැටියට මෙරටට කල සේවය කරන්න පුලුවන ජගතෙක් ඉන්නවානම් නම් කොරන්න මම මෙතන ලියන එක නවත්වනවා. මෙම ආණ්ඩුව කලින් පත්කළ ආරක්ෂක ලේකම් ගේ කෙරුවාව අපි දැක්කනේ. එකට ඉස්කෝලේ ගියනිසා තානාපති කමක් ලැබුනා. ගෝඨාභය මහතා ඕල්කොට් මාවතේ අනවසර ගොඩනැගිලි කඩාදමා මිනිසුන්ට පදික වේදිකාව සදා දුන්නේ උද්ගෝෂණ නැතිවයි. එක කොරන්න සෑර්ලට පුලුවන්ද? අද කොටුවේ හරස් වීදි වල ඇවිදගෙන යන්න පුලුවන්ද? කොළොඹ ඉන්න අපි ගෝඨාභය මහතා කොළඹයි දැන් ඉන්න එකාගේ කොළඹයි ගැන හොඳට දන්නවා.

:       107       227

dhamneth Monday, 04 December 2017 01:41 PM

මේ තරම් සල්ලි තිබෙන කෝටිපතියෙක් වන මොහු තමන්ගේ මැතිවරණ කටයුතුවලටවත් තමන්ගේ මුදල් වියදම් නොකර ජනතාවගෙන් රු. 100 බැගින් පසුගිය පළාත් සභා මැතිවරණයට එකතුකිරීමෙන් පෙනීයන්නේ දේශපාලනය කරන්නේ තමන්ගේ වාසියට මිසක්, ජනතාව වෙනුවෙන් නොවන බවයි.

:       218       282

BamunuarachchiTuesday, 05 December 2017 02:21 AM

දෙන්න මිනිස්සු හිටියානම් ඔබට තිබෙන ප්‍රශ්නය මොකක්ද? "අර සුද්දිලාගේ කතාව. සුද්දිගේ සැමියා අවුරුදු අටක් හිරබත් කාලා නිදහස් වෙලා එන දවසේ සුද්දි ඔහු බලන්න යන්නේ හොඳට නාලා සුවඳ සබන් ඇඟේ ගාගෙන. හිරෙන් එළියට එන සුද්දිගේ සැමියා මුලින්ම මොකද්ද සුද්දිගෙන් අහන්නේ. ‘තොට කොයින්ද ඇඟේ ගාන්න සුවඳ සබන් හම්බ වුණේ?’ කියලා. එහෙව් රටේ රවී දන්නෙ නැහැ තමන්ගේ නෝනට තෑගි වශයෙන් ලැබුණු ගේ ගැන." මෙන්න මේවා ගැන හිතන්න රටේ කෙරුනේ සැලසුම් සහගත බැංකු වංචාවක නේද? මෙයින් මුලු රටේම ආර්ථිකය කණපිට ගියානේද. මේවා හිතන්න පුලුවන්නම් ඔයවගේ අදහස් දමන්නේ නැහැ කියා අපි තේරුම් ගත්තා. මේසා විශාල වංචාවක් සිදුවෙලා එය වහන්න රටේ නායකයා ක්‍රීයා කල විදිහෙන් මේ හොරකම සැලසුම් සහගත බව පෙනෙන්නේ නැද්ද. ඔබ කොරන්නේ අවස්ථාව පැමිණිවිට තම පක්ෂයට ඡන්දය දාන එක විතරනම්. මොන කෙන්ගෙඩියකටද රටට ඔබෙත් මගෙත් දරුවන්ගේ සම්පත් අපි නොදැනසිටි මත්පැන් නිෂ්පාදකයෙකු ගේ සුකවිහරණයට දෙන්නේ? ටිකක් හිතන්න.

:       22       65

chathuri Monday, 04 December 2017 11:29 PM

මේ වගේ කට්ටියට ඡන්දය නෙමේ දෙන්න ඕන එලව එලව ගහන්න ඕන. කට්ටියම එකතු වෙලා කරන්න. පුළුවන් හැම ජඩ වැඩක්ම. කෙරුව දැන් නිතිය පටන් ගත්තම නිත්යට යටත් වෙන්නේ නැතිව ඡන්ඩි කතා කියනවා. විපක්ෂයට හොඳ අරාබි රටවල රජ්ජුරුවෙක් සේරම කට්ටිය එක දවසේ එල්ලන්න.

:       0       142

Bamunuarachchi Tuesday, 05 December 2017 01:35 AM

"මම පන්දු යවනකොට බය නැතිව බැට් කරන්න එන මගේ පොඩි පුතා වගේ." අලුත් උපහරණය නම් පංකාදු 5 යි. මමත් ඔයටිකම රනිල් කොමිසමට යන්න ලැහැස්ති වන විටම අදහසක් හැටියට ලීවා. එය පළවුනා. මෙතන පලවෙන ලිපිය කියවා එසබ්න්දව අදහස් දක්වනවා වෙනුවට අපේ මිනිස්සු ප්‍රස්න කොරන්නේ උදය ගම්මන්පිල ගැනයි. මේ මිනිස්සු තමයි ඉස්කෝලේ යනකාලේ ආකිමිඩිස් ගේ න්‍යාය ගැන ප්‍රශ්නය ඇසුවාම ආකිමිඩිස් හෙළුවෙන් දිව්වා කියල උත්තර දීපු අය. උදය ගම්මන්පිලගේ හොරකම් ගැන එයට අවස්තාව පැමිණිවිට පැලෙන්න දෙමු දැනට මේ පලවෙලා තිබෙන ලිපිය ගැන අදහස් දෙන්න අපිට ඔබතුමන්ලා ගේ මෙසම්බන්ද අදහස් දැනගන්න.

:       0       12

samalka Tuesday, 05 December 2017 01:57 AM

සුද්දගේ දේපල විකුණලා ගත්ත සල්ලිවලට මක්කද කොලේ? ඒවා මතකනේ?

:       0       41

Bamunuarachchi Tuesday, 05 December 2017 02:29 AM

අනේ දෙමල ත්‍රස්තවාදය තවම තිබුනානම් නේද ගෝඨාභය මහතානෙනි. ඔබට සිතෙන්නේ නැද්ද ඔබ ද්‍රවිඩ ජාතිකයෙක් වෙලා ඉපදුන්නනම් කියලා. ගුණමකු මේ පාහර සිංහලයින්ගේ අදහස් කියවුවාම මටනම් එහෙම හිතෙනවා. යුද්ධය පරාජය වෙලත් ප්‍රභාකරන් ද්‍රවිඩයින් සලකන හැටි පෙනෙනවා නේද? මෙහෙව් සිංහලයින් ඉන්න රටේ නොබෝ දිනකින්ම රටින් කෑල්ලක් ද්‍රවිඩයින් ගන්නවාමයි.

:       57       128

V.warnakulasuriya Tuesday, 05 December 2017 02:51 PM

රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් පෙනීසිටින ගොඩ පෙරකදෝරුවෙක් මෙහි නිතරම බුමිතෙල් වැදුන ගැරඩියෙක් වගේ දඟලන බවක් අපට පෙනෙන්නට ඇත. රාජපක්ෂ දේවාලයේ කපුමහතාද කියා වරෙක අපට සිතෙනු ඇත. දේවදුතයන් රට පාලනය කළ බව හෝ කරන බව පුරවැසියන් සිතීම තරම් මෝඩකමක් තවත් තිබිය නොහැකිය. සත්‍ය අවබෝධ කර ගැනීමට නොහැකි මිනිස්සු තවමත් භක්ති වන්තයන් වී සිටිනු ඇත.

:       105       64

BamunuarachchiWednesday, 06 December 2017 01:28 AM

දන්නා යකා නොදන්නා සුර දූතියට වඩා හොඳ බව ඔබ අසා නැති පාටයි. මහින්ද මහතා 2005 සිට 2014 දක්වා ඇසින් දකින්න මේ රටටකල සේවයයි රට සංවර්ධනය කරනවා කියන පොරොන්දුව නැතිව හුදෙක්ම ගිය ආණ්ඩුවේ හොරු අල්ලන්නම් කියන පොරොන්දුව මත පැමිණි මේ සුර දූතියන් ටික මේ අවුරුදු 3දී කල හොරකම් සහ බදුබර පැටවීම නොපෙනෙන්නේ මේ අයගේ ඇස් වලට හෙන වැදිලා නිසාද? ඉතිරි අවුරුදු 2 මොනවා කරයිද කියා ඒ අය දන්නෙත් නැත. මේ අය ගැන තවත් බලාපොරොත්තු තියෙන්නේ අපේ පක්ෂෙන් පොල්පිත්තක් ආවත්, අපි පොල්පිත්තටත් ඡන්දෙ දෙනවා කියන එජාප කාරයන් පමණකි.

:       10       107

kumar (galf) Wednesday, 06 December 2017 06:53 PM

ඇයි හරකෝ ගොටාභය නීතියට ඉහලින් ඉන්නා කෙනෙක්ද තාමත්?

:       36       10

BamunuarachchiThursday, 07 December 2017 01:32 PM

එ්ක අහන්න නඩුකාරයාගෙන්... එයයි නීතිය ක්‍රීයාත්මක කරන්නේ. මෙතන ලියන මිනිස්සු නොවෙයි. රනිල් ඔයටික ඇසුවේ නැතිනම් ඔයාට තිබෙන රුදාව මොකක්ද?

:       4       65

BamunuarachchiThursday, 07 December 2017 01:42 PM

නැහැ... නීතිය තාමත් ගොඨාභයට පහළින් තිබෙන්නේ.

:       104       44

සෙනෙවි Wednesday, 06 December 2017 11:41 PM

මේ රජය කළ පළමු වැරැද්ද මහින්ද රජය ගත් ණය කන්දරාව.. ජනතාවට හරියට නොකියා සහන දෙන්නට යාමයි. බැඳුම්කරය, නඩු කල්දැමීම සමබන්ධව තීරණ නොගැනීම, ඒ වගේම මහින්ද මහතා සිටියේ නම් අද රටට වන ඉරණම (ආර්ථික සම්බාධක තව තවත් බොරු ව්‍යාපෘති මගින් ණය උගුලේ හිරවිම වගේම පුතාල රටට කරන විනාශය, සිම්බාබ්වේ වැනි ඒකාධිපති රජයක් ඇතිවිම ‍එවැනි තතවයක් තුල ලංකාව අප්‍රිකානු ගෝත්‍රික රටක තත්වයට පත්වීම) සම්බන්ධව ජනතාව දැනුවත් නොකිරීම... එ් වගේම පරණ මොඩලයටම රට කරවීම.. ඉහත කරුණු හරියට කළමණාකරණය කර‍ානම් රජය මීට වඩා ස්ථාවර වෙන්න තිබුණා.

:       55       16

Bamunuarachchi Thursday, 07 December 2017 01:40 PM

"මේ රජය කළ පළමු වැරැද්ද මහින්ද රජය ගත් ණය කන්දරාව.. ජනතාවට හරියට නොකියා සහන දෙන්නට යාමයි." මොකක්ද දීපු සහනය? "බැඳුම්කරය, නඩු කල්දැමීම සමබන්ධව තීරණ නොගැනීම... " ඔය තීරණ මෙතන ලියන අයට ඕනෑ විදිහට ගන්න. ඒවා නොවෙයි. කිසියම් නීති පද්ධතියකට අනුව කෙරෙන ඒවා. සිරිසේන - රනිල් දෙපළට මෙයා ගෙන්නේ රට කරවන්න උපදෙස් ගන්න තිබුනේ. නරකද ජනාධිපති උපදේශක තනතුරක් ගත්තා නම්...

:       43       14

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 3231 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 528 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1929 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3585 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 67 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 221 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 774 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site