(අනීෂා මානගේ)
තමන්ගේ ආණ්ඩුවෙන් වුණ හොරකම් වංචා, මිනීමැරුම්, ත්‍රස්තවාදී ක්‍රියාවන් වහගන්න අද ඇතැමුන් ආගමික නායකයන්ට දොස් කියන බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද(23) වීරකැටිය විතාරන්දෙණිය බැදිගම ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
එක්සත් ජාතික පක්ෂයක්, එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් මහත්තයා එක්ක කඩාගෙන ගිය කණ්ඩායමත් කරන්නේ පහත් දේශපාලනයක්. අපි දැක්කා මංගල සමරවීර ඇමැතිතුමා එදා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මැතිවරණය මෙහෙයවනකොට බෞද්ධ භික්ෂූන්වහන්සේලාට අගෞරව කළා. මහා සංඝරත්නයට බැන්නා, චෝදනා කළා.
අද හරීන් ප්‍රනාන්දු මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මැතිවරණය මෙහෙයවනකොට කාදිනල්තුමාට අපහාස කරනවා. කතෝලික සභාවට චෝදනා කරනවා. මේක තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දේශපාලනය. අපි කාරුණිකව ඉල්ලන්නේ ආගමික නායකයන්ට අගෞරව කරන එක නවත්වන්න. ඔබ කරන වැඩෙන් සිදු වෙන්නේ මේ රටේ ජන සමාජය ආගම කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ වැටීමයි.
ඔබේ දේශපාලනය ඔබ කරන්න. හැබැයි ආගමික නායකයන් මේ රටට කරන සේවය අගෞරව වන විදියට දේශපාලන වේදිකාවේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම අපි හෙලාදකිනවා.
අපි ගෞරවයෙන් ඉල්ලනවා කරුණාකර මේ පහත් දේශපාලනය දැන්වත් නවත්වන්න. තමන්ගේ ආණ්ඩුවෙන් වුණ හොරකම් වංචා, මිනීමැරුම්, ත්‍රස්තවාදී ක්‍රියාවන් වහගන්න අද මොවුන් ආගමික නායකයන්ට දොස් කියනවා යැයිද කීවේය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘ ආණ්ඩුවෙන් සිද්ධ වුණ අපරාධ වහගන්න ඇතැමුන් ආගමික නායකයින්ට දොස් කියනවා ‘
සමන්ත Tuesday, 23 June 2020 11:58 AM
හරියට මැරිලා ඉපදිලා වගේනේ කතා කරන්නේ? 2005 ඉඳලා 2015 වෙනකොට මේ රටට ඔබතුමාලා කල දේවල් වාර්තා ගත වෙලා තියෙන්නේ. ඩුබායි බැංකුවල තිබු සල්ලි මේ රටේ මිනිස්සු හොරකම් කරපුවද? තාජුදීන්ලා, ප්‍රගීත් එක්නැලිගොඩලා, ලසන්ත වික්‍රමතුංගලා, තාරකී වගේ මාධ්‍යවේදීන් ඝාතනය කළේ කවුද? අපිද? අසාධාරණයට විරුද්ධව කතා කරපු රොෂේන් චානකලා, රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සු මැරුවේ අපිද? සියයට දහයේ කොමිස් ඉල්ලමින්,රටේ සම්පත් මංකොල්ල කමින්, බලය යොදාගනිමින් තැනින් තැන නිධන් හාරමින් , අග විනිසුරුවරිය පන්නමින්, නීති විද්‍යාල විභාග වංචා කරමින් ජනතා පරමාධිපත්‍ය නැතිකර දැම්මේ අපිද? අන්තිමේ 18වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් තමන්ගේ බල තණ්හාව නිසා අසිමිත බලයක් ආරෝපණය කරගෙන ජීවිතකාලයටම බලයේ ඉන්න හදාගන්න හැදුවේ කවුද? ඇයි මේ දැන් යහපාලනය අල්ලාගෙන පට්ට බොරු කියමින් මිනිස්සු රවට්ටන්නේ? යහපාලනයට ගව පාලනය කියලා කුමන්ත්‍රණ කරේ අපිද?
සමන්ත Tuesday, 23 June 2020 11:59 AM
එදා මල්වත්තේ මහානායක හාමුදුරුවන්ට බෝම්බ ගහනවා කියලා බය කරලා මාලිගාව වටේ රේස් පැද්දේ අපිද? අපේ රටේ මහජනතාව අන්දන ඔහෙලා වගේ මිනිස්සු පිරිසක් ලබන්න හරිම අවාසනාවන්තයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා පවුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් හදපු මිනිස්සු ඔහෙලා. රටේ මිනිස්සුන්ගේ නිදහස නැති කරලා තමන්ගේ නිදහස රැකගන්න වැඩ කරපු මිනිස්සු ඔහෙලා. කරපු හොඳ හෝ නරක එකම දේ අනිත් මිනිස්සු ඇදගෙන ආපු යුද්ධය දහස් ගණනක් මිනිස්සු මරලා හරි ඉවර කරපු එක විතරයි. ඒකත් චම්පික රණවකලාට, සරත් ෆොන්සේකලාට පින් සිද්ධ වෙන්න. එහෙම නැතුව මේ ඔහෙලා වීරයෝ නිසා නෙමෙයි. අතීතය අමතක මිනිස්සුන්ට අනාගතයක් නැති බව මතක තියාගන්න. කොහොමත් මිනිස්සු හැමදාම වහල් භාවයේ ඉන්නේ නැහැ. අවබෝධ කරගන්න. එදාට නැවත ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස රජවෙනවා. ඒක ඔහෙලට නවත්වන්න බෑ.
Raveendra Tuesday, 23 June 2020 12:21 PM
අනුන්ගේ කුණු හෝදන්න යන්නේ නැතිව තමන්ගේ තියෙන කුණු හෝදගත්තා නම් හොඳ නැද්ද?
Rata Perata Tuesday, 23 June 2020 02:11 PM
හාමුදුරුවරුන්ට අපහාස කරනකොට ඔයා බබාද? නිකන් සංදර්ශන දාන්නේ නැති ඉන්න හලෝ...