(එෆ්.අස්ලම්)
සංවිධානාත්මක අපරාධ රැසක්ම සිදුකර ඇති ආවා කල්ලිය උතුරු ආණ්ඩුකාරවරයා විසින් සාකච්ඡාවකට කැඳවීම තවත් ත්‍රස්තවාදී සංවිධානයක් බිහිකිරීමට අවශ්‍ය අඩිතාලම දැමීමක් බව දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ආවා කල්ලිය සමඟ කොන්දේසි විරහිතව සාකච්ඡා කිරීමට සූදානම් බවට උතුරේ ආණ්ඩුකාර සුරේෂ් රාගවන් මහතා පසුගියදා මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශයට දැඩි විරෝධය පළ කරමිනි.
ගමින් ගමට පැන කඩුවලින් කපා කොටා පුද්ගලයින් ඝාතනය කිරීම, තුවාල සිදුකිරීම, මංකොල්ලකෑම වැනි අපරාධ සිදුකරන පාතාල අපරාධකරුවන් නීතියෙන් දඬුවම් කළයුතු මොහොතක ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට රාගවන් පෙළඹෙන්නේ කුමන අරමුණක් උදෙසා ද යන්න උතුරේ දේශපාලන හා සමාජ ධාරාවට ඇති දැවැන්ත ප්‍රශ්නයක් බවද කියා සිටියේය.
යම් හෙයකින් එම අපරාධ කල්ලිය සමඟ සාකච්ඡා කළහොත් ඔවුන් විමුක්ති සංවිධානයක් ලෙස රටපුරා අපරාධ සිදුකිරීමට පෙළඹීම සහ ඊට ජාත්‍යන්තර සහාය ලබාගැනීම කිසිවෙකුට හෝ වැළැක්විය නොහැකි බවද සිවාජිලිංගම් මහතා පෙන්වා දුන්නේය.
රජයක් විසින් සිදුකළ යුත්තේ මහජන සාමයට ආරක්ෂාවට බාධාකරන අපරාධ කල්ලි සහමුලින්ම මර්දනය කිරීම බවත් ආණ්ඩුකාරවරයාගේ මෙම උත්සහයෙන් අර්ථවත් වන්නේ ආවා කල්ලියට රාජ්‍ය අනුග්‍රහය දීම බවත් සිවාජිලිංගම් මහතා කීය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘ආවා’ කැඳවීම ත්‍රස්තවාදී සංවිධානයක් බිහිකිරීමට අඩිතාලම දැමීමක්’
anura Friday, 21 June 2019 07:23 AM
කතාව නම් ඇත්ත... නමුත් කිව්ව එක්කෙනා ඇහුවම හරිම පුදුමයි...
chandana Saturday, 22 June 2019 05:43 AM
ආණ්ඩුකරතුමා නියම පරිපාලකයකුගේ කාර්යය ඉටුකරන බව පෙනී යයි. දේශපාලකයා දේශපාලන කතා කියයි. දෙමළ දේශපාලකයින්ට අහිංසක දෙමළ ජනතාවගේ අවශ්‍යතාවය ගැන තැකීමක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ත්‍රස්තවාදීන්ගේ කරමතින් නැවත බලයට ඒම පමණකි. මේ එක් උදාහරණයක් වන අතර අනිත් අය හොඳම උදාහරණය වන්නේ අර කමිටුවකින් රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගෙන් ඇඳුමක් සම්බන්ධයෙන් ජාතිවාදී දේශපාලකයන් ප්‍රශ්ණ කළ ආකාරයයි. ඇඳුම කරලියට එන්නේ ත්‍රස්තවාදය යලි හිස එසවීමත් සමග එය මර්ධනය කිරීම පහසු කිරීම සඳහායි. එම බෝම්බ ප්‍රහාරයෙන් සෑහෙන දෙමළ මිනිස්සු පීඩාවට පත්වෙන්න ඇති. ඉතින් ඒක වළක්වන්න ගන්නා ක්‍රියාමාර්ග වලට සහය දෙනවා වෙනුවට ඒකට අකුල් හෙලන්න තමයි ජාතිවාදී දේශපාලකයන් ප්‍රශ්ණ කරේ. ඔන්න ඔය යතාර්ථය දෙමළ ජනතාව තේරුම් ගත යුතුයි. ත්‍රස්තවාදය, බෙදුම්වාදය නැති වුනොත් මෙම ජාතිවාදී බෙදුම්වාදී දේශපාලකයන්ට පැවැත්මක් නැත...